තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 මාර්තු 06, සඳුදා 14:35

රත්තරන් මිල ඉහළ යන්නපටන් අරන් දෝ විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(1 මනාපය)
රත්තරන් ඇයි අනේ ඔයා මේ තරමටම ගණන්. රත්තරන් තරමටම වටින ආදරණීයයන්ව එසේ අමතද්දී මේ වදන් පෙළස්වෙන්නේ අපේ ස්ත්‍රී පාර්ශ්වය වඩාත්ම ආදරය කරමින් දෝතින් වැලඳ ගන්නා රත්තරන් පිළිබඳය.

 

පසුගිය මාස කිහිපය පුරාවටම රන් පවුමක මිල පහත වැටී තිබියදී එක්වරම මිල ඉහළ යන්නට පටන් අරන්. මේ දිනවල රන් පවුම රුපියල් 46,000 දක්වා ඉහළ ගොසින්. ඉදිරියේදී එය තව තවත් ඉහළ යා හැකි බවයි පවසන්නේ.

කොළඹ ගෑස්පහ හන්දියේ හෙට්ටිවීදිය පුරා කඩවල වෙනදා තරම්ම සෙනඟක් නම් ගැවසෙන්නේ නැහැ වගේ. ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව සමය, මැයි ජූනි මාසවල මල් මංගල්‍යයන් එළැඹෙන නිසා පාරිභෝගික පිරිස් වැඩිවේවි. එහෙත් රන් මිල තව තවත් ඉහළ යාවිදැයි කවුද දන්නේ. මුදල් ඉතිරි කොට තබා රන් මිල අඩුවද්දී මිලදී ගැනීමයි අරපිරිමැසුම්දායිම ක්‍රමය වෙන්නේ.

ඉතාම අවිනිශ්චිත මිලක් ඇති මේ වටිනාම සම්පතේ මිල ඉහළ, පහළ යෑමට විදෙස් රටවල් තම රන් සංචිත අඩු වැඩි කිරීම හේතුවක්. අමෙරිකානු ඩොලරයේ ඉහළ, පහළ යෑම රන් මිල ඉහළ පහළ යෑමට සෘජුවම බලපායි.

මල්වර මංගල්‍යයකදී, විවාහ මංගල්‍යයකදී, පුංචි දුවක් ඉපදුණු විටදී කනට කරාබු යුගලක් දා ගන්න . . . මේ අවස්ථාවන් රත්තරන්වලින් තොර වෙන්නේ කොහොමද? සීට්ටු දාලා අතේ ඉතිරි කරගත් පුංචි මුදලකින් රත්තරන් බඩුවක් ගන්නට අපේ ළඳුන් හරිම හපනියෝ.

එහෙත් මෙහෙම ගනිද්දී ඔබ යම් හෙයකින් ව්‍යාජ රත්තරන්වලට හසුවූවොත් . . . එහෙම වුණා නේද කියලා සමහරු දැනගන්නේ රත්තරන් බඩුව උගස් කරන්න ගිය විටදී.

ඕනෑම ස්වර්ණාභරණ ආයතනයක් ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචිව සිටීම අනිවාර්යයි. රන් ප්‍රමාණය නිශ්චය කිරීම් කාර්යාංයේ ප්‍රමිතිගත රත්තරන් තිබේ. ඒවා හි අන්තර්ජාතිකව පිළිගන්නා ලද ප්‍රමිති මුද්‍රාවක් තිබේ. එලෙස ප්‍රමිති සහතිකය සහිත ආභරණයක් ඕනෑම උකස් මධ්‍යස්ථානයක තැබීමෙන් උපරිම මුදල ලබා ගත හැකි වේ. යම් හෙයකින් ව්‍යාජ රන් ආභරණ බව ඔප්පු වුවහොත් නැවත මුදල් අය කිරීමකින් තොරව වෙනත් ආභරණයක් එම ආයතනය ලවා සාදවා දීමට ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කරයි.

අන්තර්ජාතික රන් වෙළෙඳපොළ අනුව කැරට් 24 සිට කැරට් 8 දක්වා වූ රත්තරන් සඳහා ශ්‍රී ලංකා රන් ප්‍රමාණය නිශ්චය කිරීමේ ‘කාර්යාංශයේ මුද්‍රාව (පුන් කලස) රන් සඳහා ලබා දෙන මුද්‍රාව (පහන) ඇතුළත් විය යුතු වේ.

හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ආයතනවල ඇති ආභරණවල ඇත්තේ නියමම රත්තරන් දැයි මැන බැලීමට එම වීදියේම ආයතන 10 ක් පමණ පිහිටුවා තිබේ.

පිරිසුදු රත්තරන් කහ පැහැතිය. වෙනත් ලෝහ සමඟ මිහ්‍ර වූ විට විවිධ පැහැයන්ගෙන් දිස් වේ. එසේ මිශ්‍ර කරන්නේ රිදී සහ තඹය. මේවා ඇතැමකුගේ සම ආසාදනය කරයි.

රත්තරන් පිළිබඳ හැමදාමත් ඇල්මෙන් සිටින එහි මිලෙහි ඉහළ, පහළ යාම් පිළිබඳ විමසිල්ලෙන් සිටින ඔබ රන් ආභරණයක් මිලදී ගන්න සිතුවේ නම් ඒ සඳහා හොඳම කාලය පිළිබඳ දැනුවත්ව සිටින්න.

 විශේෂ ස්තූතිය - හෙට්ටිවීදියේ පිහිටි අම්බිගා ආයතනයට හා

 මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට

5040 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 06, සඳුදා 14:40
අදහස් එක් කිරීමට ලොග් වෙන්න