තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 මාර්තු 24, සිකුරාදා 12:34

කොයිතරම් පංති වලට ගිහිල්ලා තිබුණත් සාරි හැට්ටය හරියට මහගන්න බැහැ විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
කොයිතරම් පංති වලට ගිහිල්ලා තිබුණත් සාරි හැට්ටය හරියට මහගන්න බැරි අයට ඔබ හඳුන්වා දෙන අලුත් ක්‍රමය කුමක්ද ?

 

මගේ ක්‍රමයේ තිබෙන සුවිශේෂත්වය තමයි මිමි ගැනීමේ සිටම එම හැට්ටය සුවිශේෂී කර ගැනීමට අවශ්‍ය සියලුම න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීම. මෙයත් එක්තරා විද්‍යාවක්. මිමි ගන්නා මොහොත් දීම ඒ පුංචි පුංචි රහස් දැනගෙන නොහිටියොත් නිවැරැදි හැට්ටය ලැබෙන්නේ නැහැ. සාරි හැට්ටයට අවශ්‍ය නොවරදින පදම හා එකම වට්ටෝරුව අපි ළඟ බව අප ඔබට කියන්නේ සීයයට සීයක් විශ්වාසයෙන්.

 ඔබ හඳුන්වා දෙන මෙම මිමි ගැනීමේ විශේෂත්වය කුමක්ද ?

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ කොහොත්ම සමමිතික බවක් දක්නට නැහැ. උදාහරණයක් විදිහට එක් අතක් මැන ලබාගත් මිනුමට වඩා අනෙක් අත මැසුවොත් ඇතැම් විට අඩුපාඩුවක් මතුවෙන්න පුළුවන්. මේ නිසා මුලින්ම මැහුම් ඉගෙනගන්න කලින් ඕනැම සිරුරක හැඩකළ අඩුපාඩු හා නියම තත්ත්වය හඳුනාගන්න ඕන. මේවා මඟහැර ගන්න මැහුම් තාක්‍ෂණය තුළ විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. සිරුරේ මිම්මට ඇඳුම් මැසීම නොව, නිවැරැදි සිරුරේ මිම්මට සිරුරේ නිසි හැඩය හා කඩවසම් බව මතුවෙන විදිහට ඇඳුම නිර්මාණය කළ යුතුයි. අනික් කාරණාව තමයි ගවුමක් මහන්න මිමි ගන්න රටාවට සාරි හැට්ටයට මිමි ගන්න බැහැ. ඒ වාගේම තමයි මහත කෙනෙකුට හැට්ටය මසන ආකාරයට කෙට්ටු කෙනෙකුට හැට්ටයක් මහන්නත් බැහැ. අන්න එතන තමයි අපි නිවැරැදිව තේරුම් ගන්න ඕන. ඒ නිසා මා මේ හඳුන්වා දෙන ක්‍රමය නිසා ඕනෑම කාන්තාවකගේ වයස අවුරුදු 10 කින් අඩුකරගන්නත් පුළුවන්. එතරම්ම මේ මිමි ගැනීම සුවිශේෂයි.

 මිමි ගැනීමේ විශේෂත්වය හැර තවත් විශේෂිත දේවල් හැට්ටයක් මැසීමේදී ඔබ අනුගමනය කරනවද ?

සාරි හැට්ටයක් මැසීමේදී මිමි ගැනීම වඩා විශේෂිත වූවත් හැට්ටය කපා මසා ගැනීමේදී විවිධ ක්‍රම වේදයන් අප හඳුන්වා දෙනවා. සමහර දේවල් තිබෙනවා එතරම් වැදගත් නැහැ කියලා හිතෙන පුංචිම පුංචි දේවල්. අන්න ඒවා හරිම වැදගත් සාරි හැට්ටයක් කපා ගැනීමේදී හා මසා ගැනීමේදී. සමහර අය මේ පුංචි දේවල් උගන්වන්නේ නැහැ. ඒත් ඕනෑම දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න ඕන. පුංචිම තැනකින් කිවිවොත් එය නිවැරැදියි. මෙහිදී ඉතා සුළු මැහුම් වාසියට හැට්ටයේ හැඩයට හානි කරන්න පුළුවන්. ඒ නිසා මා හඳුන්වාදෙන ක්‍රමය තුළ හැට්ටය කැපීම හා මැසීමේදී අනුගමනය කළයුතු මෙතෙක් ඔබ නොදැන සිටි සියලු රහස් දැනගැනීමට හැකියාව ලැබෙනවා.

 ඔබේ සාරි හැට්ට ක්‍රමය ඉගෙනගන්න ආධුනිකයකුට වුවත් සහභාගි විය හැකිද ?

ඇත්තෙන්ම ඔව්. මෙහෙදී අපි ආධුනික හා ප්‍රවීණ කියා වෙන් කිරීමක් නොකරන්නේ මිමි ගැනීමේ සිට සාරි හැට්ටය නිම කිරීම දක්වාම තමා ලවාම කරවන නිසයි. මේ ලබා ගන්නා පුහුණුව පත පොතට සීමා නොකර අත්හදා බැලීම තුළින් ප්‍රගුණ කළ යුතු දේවල් තිබෙනවා. ආධුනිකයකුට අවශ්‍ය වන්නේ තමන් ඉගෙන ගත් දෙය නැවත නැවත හැකියාව ලැබෙන තුරු පුහුණුවීමයි. මා ඒ සඳහා මේ වැඩමුළුවට සහභාගිවන සෑම කෙනකුටම මුද්‍රිත හා ලිඛිත සටහන් නොමිලේ සපයනවා. තවත් දෙයක් තමයි මා මේ හඳුන්වා දෙන්නේ ඉතාම සරල සහ කෙටි නිවැරැදි ක්‍රමයක්. ඒ නිසා කුමන අධ්‍යාපන මට්ටමක සිටින කෙනකුට වුවත් මෙය හැදෑරිය හැකිය. මේ වැඩ මුළුවේ විශේෂත්වය වන්නේ බලාගෙන හෝ අහගෙන ඉඳලා යන වැඩමුළුවක් නොවේ. ඔබ පිටවී යන්නේ තමාගේ සාරි හැට්ටය නිම කරගෙනයි.

 මෙවැනි වැඩමුළුවක් පවත්වන්නට අරමුණු කළේ කුමන හේතුවක්ද නිසාද ?

විශේෂයෙන්ම මා මේ අවස්ථාව හඳුන්වා දෙන්න තීරණය කලේ කාන්තා දිනය වෙනුවෙනුයි. සෑම වසරකදීම මා මෙවැනි වැඩමුළු කාන්තා දිනය වෙනුවෙන් පවත්වනවා. චාන්ස් එක්සෙලා අධ්‍යාපනය ආයතනය නමින් මා පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය තුළින් කාන්තා දිනය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැඩසටහනක් ලෙසයි මෙය පවත්වනු ලබන්නේ. අප ආයතනයේ පවතින පාඨමාලා ගාස්තුවෙන් බැහැරවී සහනදායි ගාස්තු ක්‍රමයක් යටතේ ලංකාවේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ට සහභාගි විය හැකි විශේෂ අවස්ථාවක් තමයි මෙය.

 ඔබ විශ්වාස කරනවාද මේ පුහුණුවෙන් පසු හැමකෙනකුම මෙය සාර්ථකව ස්වයං රැකියාවක් ලෙස කිරීමට හැකියාව ලැබේද කියා.

හුඟක් දෙනෙක් මැහුම්වලින් ඈත්වන්නේ අනවශ්‍ය වට්ටෝරුවල හිරවෙලා ඉන්න නිසා. නමුත් මා හඳුන්වා දෙන හැට්ටයේ නිවැරැදි බව නිසා මේ පුහුණුවෙන් පසු ඔබට මුදල් ගලා එනවා. ස්වයං රැකියාවක යෙදෙන කෙනාට අවශ්‍ය වන්නේ තමා ළඟට එන සේවා දායකයාට සතුටුවන ආකාරයට කටයුතු කිරීමයි. එය ඉටු කළ නොහැකිනම් ඔබ දරන මහන්සියේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා ස්වයං රැකියාවක යෙදෙන්නට බලාපොරොත්තු වන ඔබට නිවැරැදි පුහුණුවක් අවශ්‍යයි. එය ඉගෙනීමට ගතවන කාලය නොවෙයි වැදගත් වන්නේ. ඉගෙන ගන්න දේ හරි විදිහට ඉගෙන ගෙන සාර්ථක ලෙස පුහුණුව අවසන් කිරීමයි. ඒ නිසා මගේ පුහුණුව තුළ අති නිවැරැදි බව ඔබ දකින්නේ ඔබේ ඇස් ඉදිරිපිට දීමයි. මෙම වැඩමුළුවට සහභාගි වී පැයක් ගතවන විට ඔබට මා මේ කියු දේවල් විශ්වාසයෙන් පිළිගන්න වෙනවා.

 එක් දිනක් තුළදී ඔබට මේ සියල්ල සාර්ථක ලෙස ඉගැන්විය හැකිද ?

සමහර වේලාවට මේ එක්දින පංති කෙරෙහි හුඟ දෙනකුගේ විශ්වාසය නැතිවී තිබෙන්නේ මුදල් උපයා ගැනීම මත පමණක් අරමුණු කරගෙන එක් දින පංති පවත්වන නිසයි. අප මේ වැඩමුළුව සඳහා එක් වරකට සහභාගි කරගන්නේ 15 දෙනකු පමණයි. ඒ සෑම කෙනෙක්ම වෙන වෙනම අවධානය යොමු කරනවා. එක් දිනක් තුළ පරිපූර්ණ වූ දැනුමක් ලබා දීමේ වගකීම අප නිසියාකාරව දරනවා.

 හුඟක් කාන්තාවන් අතර තිබෙන ප්‍රශ්නයක් කොතනින් කවුරු කොහොම මැහැව්වත් විවිධ ගැටලු පැන නැගෙන බව මෙය හරියටම කරගන්න ඔබේ වැඩමුළුවට පැමිණෙන අයට ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද ?

මේ සඳහා අප විශේෂ වූ ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කරනවා. එකක් තමයි මිමි ගන්නා හැටි තවත් එකක් තමයි විශේෂ ඩාට් ක්‍රමයක් මගින් අප සාරි හැට්ටය අඩුපාඩුවකින් තොරව මසා ගන්නා රහස් පෙන්වා දීම. මේ ක්‍රමය නිසා ඔබට බ්‍රෙසියරය හෝ කප් එකක් නොමැතිව හැට්ටය අදින්න පුළුවන්. තවත් කෙනෙක් පුදුමයට පත්වෙන ආකාරයට. ඇඟටම ඇලව්වා වාගේ සාරි හැට්ටයකට කවුරුත් කැමතියි. ඒ අඩුව ඔබට අප සම්පූර්ණ කර දෙනවා.

 ඔබේ වැඩමුළුව සඳහා සාරිහැට්ටය පමණක්ද තෝරා ගෙන තිබෙන්නේ ?

මෙයට අමතරව අපි සාර්ථකව ඇඟලුම් ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඇඟෙන් මිමි නොගෙන කුඩා මධ්‍යම ලොකු යන ආකාරයට ව්‍යාපාරයක යෙදෙන අයට පහසු ක්‍රමයකට ඇඳුම් නිර්මාණ සකස් කිරීමට - මෙයත් කැමැති අයට ඉල්ලුම් කළ හැකිය.

 මෙයට ඉල්ලුම් කළ හැක්කේ කෙසේද?

පහත සඳහන් දුරකථන අංකය හරහා ඔබේ නම සහ ලිපිනය ලබාදී ලියාපදිංචි විය හැකිය. වයස් භේදයක් නැහැ. මෙයට අමතරව ඔබේ ගමේ, නගරයේ කණ්ඩායමක් සකස් කර අපට දැන්වුවහොත් ඔබේ ගමට පැමිණ වැඩමුළුව පැවැත්විය හැකිය. දැනට අප නම් කර ඇති නගර මෙසේයි. අනුරාධපුරය, කුරුණෑගල, නුවර, බලංගොඩ, ගාල්ල, නුගේගොඩ, ගම්පහ, පිළියන්දල.

විමසීම් : චාන්දනී රාජපක්ෂ

  0779447131

3778 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 24, සිකුරාදා 12:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න