තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2017 මාර්තු 28, අඟහරුවාදා 12:15

ඇඳුමටම ගැළපෙන පාවහන් තෝරාගනිමු විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
සුන්දර පිරිසුදු දෙපය ළඳකට ආභරණයක්. මෙය වඩාත් ආකර්ෂණීය වෙන්නේ අලංකාර පාවහන් යුගලක් පැලඳීමෙනුයි. ඒත් අපේ ළඳුන් බොහොමයකට මේ පිළිබඳ අවධානයක් නැතුවා වගේ.

 

තැනට, අවස්ථාවට, ගැළපෙන්න ඇඳුම් පැලඳුම්, ආභරණ තෝරාගන්නවා වගේ දෙපයට ලන පාවහන් යුගලයත් තෝරාගත යුතුයි. සාරියට, ඔසරියට, ගවුමට, කලිසමට, ඩෙනිමට, කොට සායට වැනි ඇඳුම්වලට ගැළපෙන පාවහන් තියෙනවා. ඒ වගේම තමයි කාර්යාලයට, සාමාන්‍ය ගමනට බිමනට, මංගල උත්සව හා වෙනත් උත්සවවලට, විනෝද සවාරියට ගැළපෙන පාවහන් වර්ගත් තියෙනවා. ඒ නිසාම කාන්තාවකට පාවහන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ.

සිහින් උල් අඩි සහිත පාවහන් හුඟාක් වෙලා පැලඳගෙන ඉන්න අපහසුයි. නිතරම ඇවිදින, හිටගෙන ඉන්න වෙන, පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරන ළඳුන් කාර්යාලයට යන්න එවැනි පාවහන් තෝරා නොගත යුතුයි. බාල, තරුණ, මැදිවිය ආදී වයස්වල ළඳුන් මේ දිනවල වැඩිම මනාපයක් දක්වන්නේ ප්ලැට් හෙවත් අඩිය රහිත ෆ්ලිප් ෆ්ලොස් පාවහන්වලටයි. මේවා විවිධ විලාසිතාවන්ගෙන් තියෙනවා.

අඩිය සහිත පාවහන් විවිධ නම් සහිත අඩි වර්ගවලින් තියෙනවා. ඒ සඳහාත් අපේ මෝස්තරකාර දූවරු වැඩි ඇල්මක් දක්වනවා.

ලේස් සහිත කැන්වස් සපත්තු දැන් ජනප්‍රියයි. ඩෙනිම් කලිසමට එවැනි සපත්තු තෝරාගන්නා අය ඉන්නවා. මේ සපත්තු ඇවිදීම, දිවීම වගේ ව්‍යායාම කරන අයටත්, විනෝද සවාරි යන ළඳුන්ටත් සුදුසුයි. ත්‍රීක්වාට් කලිසම නැත්නම් ඩෙනිම ඇඳලා මෙවැනි සපත්තු පැලඳීමෙන් සැබෑ හැඩකාරබවක් ගෙන එනවා. කඳු නඟින්න, ගොඩක් දුර ඇවිදින්න ඔබටත් මේවා තෝරාගන්න පුළුවන්.

පෑන්ට්ස් සමඟ බ්ලවුස් ඇඳලා කාර්යාලයට යන ළඳුන් කැමැති ප්ලැට් අඩිය සහිත සම්පූර්ණ කකුල වැසුණු පාවහන්වලට. රබර්වලිනුත් එවැනි පාවහන් වර්ග තියෙනවා. ඒවාත් ජනප්‍රියයි.

කෙටි සාය ඇඳලා බූට්ස් වර්ගයේ සපත්තු පලඳින අයත් ඉන්නවා. මංගල ගමනට සූදානම් වන අයට නානා මාදිලියේ පාවහන් දැන් වෙළෙඳපොළට ඇවිත් තියෙනවා. මේ හැමදේම අතර කාන්තාවන් පලඳින සපත්තු විවිධ නම්වලින් හඳුන්වනවා. ඒ නම් දැනගෙන හිටියොත් ඔබේ මනාපය මොනවගේ පාවහන් යුගලයකට ද කියලා දැනගන්නත් පුළුවන්.

2661 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 28, අඟහරුවාදා 12:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න