තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2017 මැයි 30, අඟහරුවාදා 10:12

කාන්තා දෙපා රෝගී කරන හයි හීල්ස් විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
සමහර කාන්තාවන්ගේ මුහුණ දිහා නොව බැලෙන්නේ දෙපා දෙසයි. එක් නහරයක්වත් නොපෑදුණු දෙපා දෙසට කෙනකුගේ නෙත් ඇදී යන්නේ වරක් දෙවරක් නොවේ. සුන්දර මුහුණක් තිබුණත් ඇයට ඇත්තේ නහර පිරුණු අවලස්සන දෙපා නම් කවුරුන්වත් එක් වරක්වත් බලන්නේ නැහැ. නාරි ලාලිත්‍යයට එපමණටම දෙපා සුන්දරත්වය බලපානවා. කිටි කිටියේ හිරවුණු පාවහන් ඔබේ ගැහැනුකමේ සුන්දරත්වයට මොනතරම් හානියක් සිදු කරනවාද?

 

පාදයේ නහර කිටි කිටියේ තෙරපෙන ආකාරයට පාවහන් පැලඳීම නිසා අවලස්සන පාද ඇතිව විඳවන අය ඕනෑ තරම්. පාද පමණක් නොව ඉන් මුළු සිරුරම විඳවනවා. උස් පාවහන් නිසා සිරුර ඉදිරියට නැඹුරු වෙනවා. පපුව ඉදිරියට තෙරපෙනවා.

කොන්දෙන් ඉදිරියට තල්ලු වෙන නිසා කොන්දෙත් උකුළෙත් රේඛීය බව නැති වෙනවා.

දණහිස්වලට වැඩි පීඩනයක් එල්ල වෙනවා. මේ වෙනස්වීම් අපේ ගමන පවා විකෘති කරනවා.

අපේ කොන්ද එස් හැඩැති ආකාරයෙන් පිහිටා තිබීම නිසා ඇවිදීමේදී, සිට ගැනීමේදී, ඉඳ ගැනීමේදී මේ පීඩනය දරා ගැනීමේ හැකියාව අත්‍යවශ්‍යය.

පාවහන්වල අඩිය උස තරමට ඇතිවන පීඩනය ද වැඩියි. අඩිය අඟල් 1 ක් උස නම් එල්ලවන පීඩනය සියයට විසි දෙකකි. අඟල් 2 ක් උස නම් සිරුරට සියයට 75 ක පීඩනයක් එල්ල වේ. අඟල් 3 ට වැඩි නම් සියයට හැත්තෑ හයක පීඩනයක් එල්ල වේ.

උස වැඩිවන තරමට සිරුරට එල්ලවන පීඩනය ද වැඩිවේ.

මේ පීඩනය යම් තරමකට හෝ අඩුකර ගැනීමට දිගු වේලාවක් අඩි උස පාවහන් පලඳිනු එපා.

පාවහන් පැලඳීමට පෙර සහ පසු පාදවලට දිගැදීමේ ව්‍යායාම කරන්න.

පාවහන් මිලදී ගැනිමේදී සැඳෑ කාලයේදී මිලදී ගන්න. ඒ පාද උපරිමව විශාලව ඇත්තේ සවස් කාලයේ නිසයි. ඇඟිලි දිශාවට වන්නට උල් වූ ස්වරූපයක් ගන්නා පාවහන් මිලදී නොගන්න. එකම මෝස්තරයෙන් නැති විවිධ මෝස්තරවලින් යුතු පාවහන් මිලදී ගන්න.

පාවහන්වලට තෙරපෙන පාදවල තරල එකතු වී පාද ඉදිමෙයි.

වැරැදි පාවහන් දමාගෙන දිගු වේලාවක් සිටගෙන සිටීම, ඇවිදීම දෙකම වෙරිකෝස් වේන්ස් හෙවත් නහර ඉදිමීමට බලපානවා.

නහර කළු, දම්, නිල්වීම, ඒවා ඇඹරී එක පොකුරක් වගේ දකින්න තිබීම, දැඩි වේදනාවක්, බර ගතියක් දැනීම, කෙණ්ඩා පෙරළීම, දිගු වේලා ඉඳගෙන හෝ සිටගෙන සිටීමෙන් පසු දැඩි වේදනාවක් දැනීම, නහර වටා කැසීම, නහරවලින් රුධිරය ගැලීම, නහර ආශ්‍රිත සම දුර්වර්ණ වීම, නහර ඝන වීම, ප්‍රදාහයට පත්වීම වැනි අපහසුතාවලින් වන්දි ගෙවීමට සිදු වන්නේ වැරැදි ඉරියව්, වැරැදි පාවහන් නිසා වීමට පුළුවන්.

තවත් හේතු ද මේ කෙරෙහි බලපානවා.

කෙනකු වියපත් වනවිට නහරවල ඇදෙන සුලු බව අඩුවෙනවා.

නහරවල කපාට දුර්වල වෙනවා. ගැබිනිවීම ද ඇතැම් විට මෙවැනි තත්ත්වයකට බලපා හැකියි.

ගර්භණී වු විට රුධිරයේ ධාරිතාව වැඩි වෙනවා. එහෙත් පාදවල සිට ශ්‍රෝණි පෙදෙසට ගලන රුධිරය අඩු වෙනවා.

කාන්තාවන් අඩි උස පාවහන් පලඳිනවා සේම වැඩි අවදානමක් ඇත්තේ ද කාන්තාවන්ටමයි.

ගැබිනි වියේදී, ආර්තවයට පෙර වගේම ආර්තවහරණයට පසුව ද සිදුවන හෝර්මෝන පෙරළිය කාන්තාවන්ටම පමණක් ආවේණික වීම මීට හේතුවයි.

පවුලේ ඉතිහාසය, තරබාරු බව ද මීට වගකිව යුතු අනෙක් කාරණායි.

නිසි ප්‍රතිකාර නොලැබුණොත් නහර තුවාලවීමට, රුධිරය කැටි ගැසීමට, රුධිර වහනයට මඟ පාදනවා.

පිරිමින්ට වඩා කාන්තාවන් හතර වරක් පාද පිළිබඳ ගැටලුවලට ගොදුරු වෙනවා. ඒ වැරැදි පාවහන් නිසයි.

කාන්තාවක ගතෙහි සියුමැලි බව ගැන වගේම පාදයේ සියුමැලි බව ගැන ද අවබෝධයෙන් සිටිය යුතුයි. පාදයක අස්ථි 26 ක්, සන්ධි 33 කට වඩා පවතිනවා. දහදිය ග්‍රන්ථි 250,000 කට වඩා පවතිනවා.

කොන්ද කැක්කුමට, ස්නායුවලට හානිවීමට, උගුරේ ස්වර තන්තුවලට හානි වීමට, දණහිස් වේදනාවට, කර ගැට සෑදීමට, මාංසපේශීන් දුර්වලවීමට, පාද ඇදවීමට, සියල්ලටම හේතු වන්නේ අඩු උස හෝ තිබෙන උස වැඩිකර පෙන්වීමට අප පලඳින වැරැදි පාවහන්ය.

 උපදෙස් - ශල්‍ය වෛද්‍ය විශේෂඥ

එන්. ඩබ්. ජේ. කේ. නානායක්කාර

1930 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මැයි 30, අඟහරුවාදා 10:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න