තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජූනි 13, අඟහරුවාදා 12:21

සපත්තු තැන තැන විසිරුණු නැති ගේ නම් දැන් පිරිසුදු විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
ලස්සන නිවෙසක් අප හැමෝගෙම සිහිනයක්. ඒත් කාර්යබහුල බව නිසා නිවෙස පිරිසුදු කරන්න වෙනම කාලයක් වැය කරන්න සිදු වෙනවා. මේ නිසා ඇතැම් නිවෙස් පිරිසුදු වන්නේ මාස කිහිපයකට වතාවක්.

 

 

තැන තැන විසිරුණු බඩු මුට්ටු, පිළිවෙළක් නැති බව නිවෙසට කැන්දන්නේ අවලස්සනක් වගේම තරහක්. නිවෙස මේ ආකාරයෙන් දුටු විට නිතැතින් ම කෝපයක් සිතට නැගීම අමුතු දෙයක් නෙමෙයි. ඒ නිසා බඩු තැබීමේ දී ම පිළිවෙළකට ඒවා තබනවා නම් මේ කරදරයෙන් ඔබ මිදෙනවා.

සපත්තු කුට්ටම් කිහිපයක් තිබිය දී ඒවා සොයා ගන්නත් ඇතැම් විට වෙනම කාලයක් වැය වෙන්න පුළුවන්. ඇඳුමට ගැළපෙන්න සපත්තු දාන ඔබ සපත්තුවලට ගැළපෙන්න රැක් එකක් හදා ගන්න හිතුවේ නෑ නේද?

නිවෙසේ ඉඩ ඇහිරෙන්නේ නැති වෙන්න, අපතේ යන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන ලෙස අපට සපත්තු රඳවනයන් සකසා ගත හැකියි. අවශ්‍ය වන්නේ මඳක් නිර්මාණශීලීව සිතීම පමණයි. ඉඩකඩින් වැඩි ප්‍රයෝජනයක් ගන්නවා වගේම මේ නිර්මාණවලින් නිවෙසට තවත් ලස්සනක් එක්කර ගැනීමටත් වැඩි නිර්මාණශීලීත්වයක් ඇති අයකුට පුළුවන්.

අප මේ ඉදිරිපත් කරන නිර්මාණ දෙස බලා ඔබේ නිවෙසට වැඩි ලස්සනක්, වැඩි පිළිවෙළක්, වැඩි පහසුවක් ගෙන දෙන නිර්මාණයක් සකසා ගැනීමට ආදර්ශයක් ලබා ගත හැකියි.

නිවෙසේ සොඳුරු බව පවතින්නේ ඔබ අතේමයි.

2473 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 13, අඟහරුවාදා 12:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න