තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජූනි 26, සඳුදා 15:22

ඉන්දියන් ක්‍රමයට හැඩවෙන මනාලියට සොඳුරු මල් කලඹ විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මනබඳනා ලියන් මනාලියන් වනදාට අතරැඳි මල් කලඹ ඇගේ පිවිතුරු බවේ සංකේතය විදහා දක්වයි. මල් පොකුරක්, මල් බාස්කට් එකක් අතට ගත්තත් මල් කලඹක් දෝත දරා සිටින්නට හැක්කේ මනාලියක් වනදාටම පමණි. යුවතියන් මනාලියක් වන්නට දහසකුත් එකක් පෙරුම්දම් පුරන්නේත් මේ නිසාය.

 

ඉන්දියානු ක්‍රමයට හැඩවැඩවන මනාලියටම අනන්‍ය වූ මල් කලඹ විසිතුරු රටාවන්ගෙන් යුතුව සැකසේ. මල් කලඹක් චාම්වන තරමට එහි අසිරිය වඩාත් ඔප් නැංවේ. වත්මනේ මල් කලඹ එතරම් විශාල නොවේ. වටිනාකමකින් යුතු මල්වර්ග කිහිපයක් පමණක් යොදා සැකසීමෙන් වුවද සිත් ගන්නා සුලු පෙනුමක් ලැබේ.

 

1. උසින් වැඩි මනාලියට

ඕකිඩ් වර්ගයේ මලක්වන පැලනොප්සිස් මලින් හැඩවූ මල් කලඹකි. ඉන්දියානු ක්‍රමයට හැඩවැඩවන මනාලියගේ සාරිය හා ආභරණ රත්‍රං පැහැයෙන් යුතු නම් මේ මල් කලඹ කදිමට ගැළපේවි. මල් කලඹේ මැදට රත්‍රං පැහැයට හුරු බේජ් පැහැය ස්ප්‍රේකර තිබේ. ෂවර් හැඩයෙන් යුතුයි. නුවරඑළි ෆර්ම්ස්, කැමීලියා, ඕකිඩ් පොහොට්ටුවලින් සමන්විත මෙම මල් කලඹ උස මහත සිරුරකින් යුතු යුවතියකට වඩාත් ගැළපේ.

 

2. ඉන්දියන් මනාලියට බටහිර පෙනුමක්

ඉන්දියානු ක්‍රමයට හැඩ වන මනාලියට බටහිර පෙනුමක් ගෙන ඒ නම් මේ ඇයට කියාපු මල් කලඹකි. මෙම පෙනුම ගෙන දෙන්නට සමත්වූයේ ටයිගර් ලිලී මලයි. ලිලී මලේ මැද්දට රත්‍රං පැහැය ස්ප්‍රේකර තිබේ. කඳුළු බිදුවක හැඩැති ය. සාරියේ පැහැයෙන් වු ටයිගර් ලිලී මල් අතරට රෝස මල්, බටර් මල්, කොඩ්ලයින් කොළ එකතු වූ සැහැල්ලු මල් කලඹකි. ප්‍රමාණයෙන් විශාල නොවන නිසා හුරුබුහුටි කුඩා මනාලියකට ගැළපේ.

 

3. රෝස මලේ චමත්කාරය

රෝස මල්වලින්ම හැඩ වූ සෞන්දර්යාත්මක මල් කලඹක චමත්කාරයයි මේ. ඉහළ කොටස රවුම්වත් යාන්තම් පහළට වන්නත් සැදූ කුඩා මල් කලඹකි. සිහින් සිරුරක් ඇති මනාලියකට සුදුසු මෙය සැහැල්ලු එකකි. බටහිර පන්නයට බර මල් කලඹකි.

 

4. ස්වාභාවිකත්වයට මුල් තැන

ටයිගර් ලිලී සහ ඕකිඩ්වල සුසංයෝගයෙන් නිමවූ මෙම මල් කලඹ උස මනාලියකට සුදුසු ය. දිගැති මල් කලඹකට හිතැති යුවතියකට ගැළපේ. මෙම මල් කලඹට ස්ප්‍රේ භාවිතකර නැත. ස්වාභාවික මලක පැහැය එලෙසම සුරැකිව තිබේ. බේබිස් බ්‍රෙත් ද යොදා තිබේ.

මල් කලඹක් හිරු එළියට වැඩිවේලාවක් නිරාවරණය වීම එතරම් සුදුසු නැත. මල් මැලවෙන්නට පටන් ගනියි. මේ නිසා පිටත ඡායාරූප ගනිද්දී මල් කලඹේ ආරක්ෂාව හා පැවැත්ම පිළිබඳ වැඩි වැඩියෙන් සිතන්නට සිදුවේවි.

 

 

ඉදිරිපත් කිරීම

ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා

නීතිඥ මධුවන්ති මලවිගේ

ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ ට

1443 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 26, සඳුදා 15:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න