තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජූලි 10, සඳුදා 14:59

දෙවැනි ගමන දා දෝත දරන්නට එකකට එකක් වෙනස් මල් කලඹ විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
චමත්කාරජනක මධුසමයේ සෞන්දර්යාත්මක දින කිහිපය අවසන් කොට දෙවැනි ගමන දා මනාලයාගේ නිවෙසට යන්නටයි මේ සුදානම. එදින ද ඔබ මනාලියක වූ දාට නොදෙවැනි ලෙස සැරසෙන්නට සිහින මාවතක් එළිපෙහෙළි කරගනු ඇති.

 

දෙවැනි ගමන දා රතු හෝ රතු පැහැයේ විවිධ පරාසයන්ගෙන් යුතු වූ සාරි ඇඳි මනාලියන් දැන් වෙනත් වර්ණවලින් යුතු සාරි ඒ සඳහා තෝරා ගනියි. මේ එකකට එකක් වෙනස් දෙවැනි ගමන දා දෝත දැරිමට සුදුසු මල් කලඹ කිහිපයකි. මනාලියක වන්නට සිටින ඔබටත්, මනාලියන් හැඩගත් අලුත් පරපුරේ ශිල්පින්ටත් මේ මල් කලඹ කිහිපය නවමු අදහස් කිහිපයක්ම සපයනු ඇති.

1 රෝස මල් පමණයි

දෙවැනි ගමන දා ඔබ සැරැසෙන්නට සිතුවේ ඉන්දියන් ක්‍රමයට ද? මේ සම්පූර්ණයෙන්ම රෝස මලින් නිම වූ අලංකෘත මල් කලඹකි. ඇගේ සාරිය සහ ආභරණවල රත්‍රං පැහැය ක්‍රිස්ටල් මල් යනාදිය ඇතුළත් නිසා මේ මල් කලඹට ද එවැනි දේ එක්කර තිබේ. මල්වල නටු ප්‍රදේශ රත්‍රං පැහැයෙන් යුතු රිබන් එකකින් ඔතා තිබේ.

 

2. මල් වර්ග රැසක් එක්වී

දුටු පමණින් ඕනෑම කෙනකුගේ සිත් වසඟයට පත්කරනා පෙනුමකින් යුත් මල් කලඹකි. හොඳම ඉල්ලුමක් මෙම මල් කලඹ සඳහා තිබේ. රතු පැහැ රෝසමල් හා රත්‍රං පැහැය ස්ප්‍රේ කළ ක්‍රිෂාන්තිමම් මල් රැසකින් යුතුය. ස්ප්‍රේ රෝස ද අඩංගුය. අයිවී සහ චයිනීස් ග්‍රාස්වලින් කොළ පැහැය ඉස්මතු වේ.

කොපර් පැහැයට හුරු සාරියක් ඇය ඇඳ සිටින නිසා රතු රෝසවලින් ලැබෙන අලංකාරත්වය නෙත් සිත් වශී කරයි. හිස සැරසිල්ලට තනි තනි මල් යොදා තිබේ.

3. මල් සහ ගෙඩි එකතුවක්

රතු පැහැ රෝසමල් සහ කුඩා ගෙඩි වර්ගයක් වන ටර්පන්ටයින්වලට රත්‍රං පැහැය එකතු කොට සෑදූ තවත් ලස්සන මල් කලඹකි. මල්වල තැනින් තැනට ක්‍රිස්ටල් ද එකතුකර ඇත. පිච්ච මල් එල්ලෙන ලෙසින් තිබීම මෙම මල් කලඹේ ඇති සුවිශේෂත්වයයි. මල් කලඹේ ඉහළ කොටස පෝසි හැඩයෙන් යුතුය. හිස සැරසිල්ලට වෙනම වෙනම මල් ගසා තිබේ. උසැති මනාලියකට සුදුසු මල් කලඹකි.

4. පෝසි හැඩයට ක්‍රිස්ටල් එක්වී

බටහිර ක්‍රමයට හැඩ වූ ඇයට පෝසි හැඩයේ මල් කලඹ ගෙන එන අපූර්වත්වය . . . රතු රෝසවලින් නිම වූ මල් කලඹේ වටේට බේබිස් බ්‍රෙත් දමා තිබේ. මල් අතරට ක්‍රිස්ටල් එකතුකර තිබේ. මල් නටු රිදී පැහැ රිබන් එකකින් ඔතා රිබන් එක පහළට වැටෙන සේ සකසා තිබේ.

5 රෝසමල් පහළට කඩා වැටෙන සේ, රෝස පොහොට්ටු ද එක්කොට සෑදූ මල් කලඹකි.

6 මේ හැඩයෙන් යුතු යැයි කිව නොහැකි, එහෙත් චමත්කාරජනක බවින් අගතැන්පත් මල් කලඹක සිරියාවයි මේ. රෝසමල් සහ රෝස පොහොට්ටු එකට එකට එක් වූ නවාතැන්පොළකි.

 ඉදිරිපත් කිරීම

ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා

නීතිඥ මධුවන්ති මලවිගේ

විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති

වෛද්‍ය ලසන්ත මලවිගේ

1236 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 10, සඳුදා 15:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න