තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ජූලි 18, අඟහරුවාදා 14:15

ලග්නයට ගැළපෙන පාට විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(2 මනාප)
ඡ්‍යෝතිෂ විද්‍යාවට අනුව එක් එක් පුද්ගලයාට සුබඵල ගෙනදෙන වර්ණයන් පිළිබඳ මෙවර අපි විමසා බලමු.

 

ඕනෑම පුද්ගලයකුට තමාගේ උපන් ලග්නය අනුව ජය වර්ණයක් මෙන්ම පරාජිත වර්ණයන් ද උරුමයි. මෙහිදී එක් එක් ලග්නවලින් උපන් අයට ආවේණික සුබඵල දෙන ජය වර්ණයන් හඳුනාගැනීම මෙන්ම ඔහුට හෝ ඇයට අවාසනාව සහ අසහනය ජනිත කරවන වර්ණ රටාවන් ද පවතී. එකී වර්ණ රටා කෙනකුගේ ජීවිතයට ඇති කරනු ලබන්නේ කුමන ආකාරයේ බලපෑමක් ද යන්න පිළිබඳ තවමත් කරුණු සොයමින් සිටිනවා මිස එහි සීමාව මෙය යැයි නිශ්චිතව කිව නොහැකියි. එහෙත් සාම්ප්‍රදායික ජ්‍යෝතිෂය අනුව එක් එක් අයට සුබ සහ අසුබ ඵල දෙන වර්ණ මෙතැන් සිට හඳුනා ගනිමු.

1. මේෂ ලග්නයෙන් උපන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම දීප්තිමත් රතු පැහැය ජය වර්ණය වෙයි.

2. වෘෂභ ලග්නයෙන් උපන් අයට සුදු සහ විසිතුරු වර්ණ ජය වර්ණ වෙයි.

3. මිථුන ලග්නයෙන් උපන් අයට පලාවන් කොළ පැහැය ජය වර්ණය වෙයි.

4. කටක ලග්නයෙන් උපන් අයට සුදු, ක්‍රීම් රිදී සහ ඇත් දළ පැහැයත් සුබ ගෙන දෙයි.

5. සිංහ ලග්නයෙන් උපන් අයට තැඹිලි සහ දීප්තිමත් රතු පැහැය ජය ගෙන දෙයි.

6. කන්‍යා ලග්නයෙන් උපන් අයට තද කොළ පැහැය ජය වර්ණය වෙයි.

7. තුලා ලග්නයෙන් උපන් අයට සුදු, ඇත් දළ පැහැය සහ ළා දම් පැහැය ජය ගෙන දෙයි.

8. වෘශ්චික ලග්නයෙන් උපන් අයට දීප්තිමත් නොවූ තද රතු පැහැයත් රතට හුරු මෙරූන් පැහැයත් ජය ගෙනදෙයි.

9. ධනු ලග්නයෙන් උපන් අයට කහ පැහැය සහ වී කරලේ පැහැය ජය ගෙනදෙයි.

10. මකර ලග්නයෙන් උපන් අයට තද නිල් පැහැය සුබ වර්ණය වෙයි.

11. කුම්භ ලග්නයෙන් උපන් අයට දීප්තිමත් නොවූ සුදු පැහැය සහ ළා නිල් පැහැය වාසනාව ගෙන දෙයි.

12. මීන ලග්නයෙන් උපන් අයට සුදුට හුරු ළා කහ පැහැය ජය වර්ණය වෙයි.

 

ඒ වගේම එක් එක් ලග්න හිමියන්ට බලවත් ලෙස අසහනය ඇති කරවන වර්ණයන් අපි හඳුනා ගනිමු.

මේෂ ලග්නයෙන් උපන් අයට දම් පැහැය, තැඹිලි පැහැය සහ විසිතුරු වර්ණ අසුබදායකය. වෘෂභ ලග්නයෙන් උපන් අයට කහ පැහැය අසුබදායකය. මිථුන ලග්නයෙන් උපන් අයට ද කහ සහ වී කරලේ පැහැය සුබඵල දායක නොවේ. කටක ලග්නයෙන් උපන් අයට දම් පැහැය සහ රතු වර්ණය එතරම් සුබදායක නැත. සිංහ ලග්නයෙන් උපන් අයට තද දම් පැහැය සහ කොළ වර්ණය අසුබය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කහ වර්ණය සුබදායක නැත. තුලා ලග්න හිමියන්ට කොළ වර්ණය අසුබදායකය. වෘශ්චික ලග්න හිමියන්ට කහ වර්ණය සහ තැඹිලි වර්ණය අසුබය. ධනු ලග්න හිමියන්ට කොළ සහ රතු වර්ණ සුබ නැත. මකර ලග්න හිමියන්ට රතු සහ කොළ වර්ණ අසුබදායකය. කුම්භ ලග්න හිමියන්ට දම් සහ මෙරූන් වර්ණ අසුබය. මීන ලග්න හිමියන්ට ද කොළ වර්ණය සහ රතු වර්ණය සුබ නොවේ.

මේ සියලුම ලග්න හිමියන්ට පොදු වශයෙන් අසුබදායක විය හැකි වර්ණ කීපයක් තිබේ. ඒ අතරින් මුල් තැන ගන්නේ අළු සහ දුඹුරු පැහැයයි. සමස්තයක් වශයෙන් ගත්කළ සියලුම ලග්න හිමියන්ට සුදු පැහැය සුබ වර්ණයක් ලෙස සලකා භාවිතයට ගත හැකියි.

කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂ කරුණක් සඳහන් කරන්නේ නම් ඔවුන්ගේ කායික හා මානසික ස්වස්ථතාව කෙරෙහි තද කළු, රතු, දුඹුරු ආදී අඳුරු පැහැති යට ඇඳුම් ඉතා හානිකර බැව් ජ්‍යෝතිෂයේ ඉගැන්වීමයි.

  උපදෙස් - ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කේ. සී. ජේ. රත්නායක

7225 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 18, අඟහරුවාදා 14:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න