තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2012 නොවැම්බර් 19, සඳුදා 16:06

සුන්දර මනාලියයි ලස්සන මල් කළඹයි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
මනාලියයි මල්කළඹයි අතර වන සමීපතම බැඳීම අමුතුවෙන් සඳහන් කළ යුතු දෙයක් නම් නොවෙයි. ඒ එපමණටම මල් කළඹ මනාලියට සුවිශේෂී වන නිසයි. මනාලියක් කෙතරම් සුන්දරව මංගල ඇඳුම් ආයිත්තම් ආදියෙන් සැරසී සිටියත් ඇය සැබෑම මනාලියක් ලෙස දිස්වන්නේ නැවුම් බව විදහාපාන මල් කළඹක් ඇය අත දරා සිටින විටයි.

මල් කළඹ නිසා මනාලිය කෙරෙහි දිස්වන්නේ අපූරුම සුන්දරත්වයක්. මේ සුන්දරත්වය වඩාත් මතුකරගැන්මට හැකිවන්නේ මල් කළඹ ඇයට උචිත ආකාරයට නිර්මාණය වී ඇති විටයි.

මේ නිසාම මනාලියකගේ මල් කළඹක් නිර්මාණ්‍ය කරනවිට ඒ පිළිබඳ සිතිය යුතු අවධානයට යොමු විය යුතු කරුණු කාරණාවන් තිබෙනවා.

එමෙන්ම මල් කළඹක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණුද ඉතාමත් වැදගත්.

මල් කළඹක් නිර්මාණයේදී මෙන්ම තෝරාගැනීමේදීත් මෙම කරුණු කාරණාවන් ඔබට කෙතරම් වැදගත් වේදැයි බලන්න.

බොහෝවිට මල් කළඹක් නිර්මාණය කරනු ලබන්නේ මනාලිය හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ උපදෙස්වලට අනුවයි. මෙහිදී මනාලිය හැඩගන්වන්නේ කුමන ආකාරයෙන්ද. මල් කළඹේ හැඩය සහ යොදාගත යුතු මල්වර්ග මොනවාද යන්න ගැනත් මෙහිදී තීරණය කෙරෙයි.

මනාලිය හැඩගන්වන්නේ උඩරට ක්‍රමයටද පහතරට හෝ බටහිර ක්‍රමයටද යන්න මෙහිදී වඩාත් වැදගත්වන්නේ ඒ අනුව ඇයට ගැළපෙන මල් කළඹ නිර්මාණය විය යුතු නිසයි.

මල් කළඹක් තෝරා ගැනීමේදි සමහරුන් කැමැත්තක් දක්වන්නේ විශාලත්වයෙන් වැඩි මල් වලින් වඩාත් පිරි ඇති ආකාරයේ මල් කළඹක් තෝරාගන්නටයි. සමහරවිට එවන් මල් කළඹක් තෝරාගන්නේ සිරුරෙන් කුඩා බවක් දක්වන මනාලියක් නම් ඇයට වඩා ඉස්මතු වී පෙනෙන්නේ මල් කළඹේ විශාලත්වයයි. එමෙන්ම අනවශ්‍ය ලෙස මල් කළඹ විශාලව නිර්මාණය වීමෙන් පැය ගණනක් එය අතදරා සිටීමේ අපහසුවක් මනාලියට දැනෙන්නට පුළුවන්.

මල් කළඹක් නිර්මාණය කරනවිට මනාලියට වඩා මල් කළඹ ඉස්මතු කිරීම සුදුසු නොවන අතර මෙහිදී මනාලියගේ සිරුරේ හැඩයත් සිරුරේ ප්‍රමාණයත් සැලකිල්ලට ගැනීම වැදගත්.

මහත්බවක් දක්වන සිරුරකින් හෙබි මනාලියකට නම් විහිදී යන ආකාරයෙන් යුත් පළල් බවක් දක්වන ලෙස නිර්මාණය කරනලද මල් කළඹක් දීමෙන් සිදුවන්නේ ඇයගේ මහත් බව වඩාත් මතුකර දැක්වීමයි. මේ නිසා එවන් මනාලියකට සුදුසු වන්නේ ඇයගේ පෙනුමට ගැළපෛන ප්‍රමාණයෙන් යුත් මල් කළඹකි.

මල් කළඹට යොදා ගැනෙන මල් වර්ග මනාලියගේ කැමැත්තට අනුව තෝරාගැනෙන අවස්ථාවන්ද බොහොමයි.

උඩරට ක්‍රමයට අනුව හැඩගැන්වෙන මනාලියකට වැඩි පෙනුමක් ගෙනදෙන්නේ දේශීය මල් වර්ග යොදා ගනිමින් නිර්මාණය කෙරෙන මල් කළඹයි.

උඩරට මනාලියට වඩාත් ගැළපෙන්නේද දේශීය මල් වර්ගයි. විශේෂයෙන්ම නෙළුම් මල්, නෙළුම් පොහොට්ටු, පිච්චමල්, සල්මල් අරලියමල්, ඉද්ද මල් ආදිය යොදා ගැන්මෙන් උඩරට මනාලියට වැඩි සුන්දරත්වයක් චාම් බවක් මතුකර දක්වයි.

නමුත් පහතරට හෝ බටහිර මනාලියකට නිර්මාණය කෙරෙන මල් කළඹකට නම් රෝස - ඕකීඩ් කානේෂන් ඩේලියා වැනි විවිධ මල් වර්ග යොදාගත හැකියි.

මල් කළඹ නිර්මාණය කරනවිට මනාලියගේ සාරියේ වර්ණ යෙහෙළියන්ගේ සහ මල්කුමරියන්ගේ ඇඳුම්වල වර්ණයන්ද ගළපාගන්නා අවස්ථාවන් තිබෙයි. නමුත් එය අනිවාර්යය දෙයක් නෙවෙයි.

මල් කළඹ නිර්මාණය කිරීමේදීද තෝරා ගැනීමේදීද ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම අවශ්‍ය වන්නේ එහි ඇතිවිය හැකි අඩුපාඩු මඟහරවා ගනිමින් නිවැරැදිව මල් කළඹක් නිර්මාණය කරගත හැකි නිසයි.

උපදෙස්, ලිලීස් ෆ්ලවර් ක්‍රියේෂන්ස්හී,

ප්‍රවීණ මල් සැකසුම් නිර්මාණ ශිල්පිණී - නිශානි ප්‍රනාන්දු

 

12029 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 නොවැම්බර් 19, සඳුදා 16:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න