තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:04

මනාලිය හැඩ කරන යෙහෙළියන් අත දරන මල් කලඹ විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
මනාලිය පිරිවරාගෙන සිටින ඇගේ යෙහෙළියන් නොහොත් දෙවැනි මනාලියන් මල් මංගල්‍යයේ චමත්කාරය දෙගුණ තෙගුණ කරවයි. මංගල ඇල්බමයේ රූ ඡායාපෙළට නවමු අරුතක් එක්කරලන්නට දෙවැනි මනාලියන් සමත් වේ.

 

මනාලිය තෝරාගන්නා දෙවැනි මනාලියන් ගණන කාලයෙන් කාලයට වෙනස් වේ. එක් කලෙක දී දෙවැනි මනාලියන් ඇත්තේම නැත. ඒ වෙනුවට සිටිනුයේ පුංචි මල් කුමරියන් කිහිපදෙනකු පමණය. වත්මනේ බොහෝවිට දෙවැනි මනාලියන් දෙදනෙකු, තිදෙනකු, සිව් දෙනකු ආදී වශයෙන් සිටිනු දැකිය හැකියි.

බහුතරයක් දෙවැනි මනාලියන් අත දරා සිටිනුයේ පෝසී හැඩයේ මල් කලඹයි. දෙවැනි මනාලියන් ස්වාභාවික මලින් නිමකළ මල් කලඹ ගෙන සිටින්නේ නම් ඉන් විහිදෙනුයේ අපූර්වත්වයකි.

 1. සුවඳින් වැඩි රෝස් ලිලී මල් කලඹක්

ළා පැහැති සාරියකින් සැරසී සිටිනා මේ දෙවැනි මනාලියන් බැලූ බැල්මට චාම්බවින් යුතුය. රෝස පැහැයේ විවිධ පරාසයන්ගෙන් යුතු මල් කලඹ ඔවුන් අතැතිය. පෙති විශාල ප්‍රමාණයක් ඇති, සුවඳින් වැඩි රෝස් ලිලී මල් මේ සඳහා එකතුකර තිබේ. රෝස් ලිලී මෙරටදී ලස්සන ෆ්ලෝරා ආයතනය වෙතින් සෑදෙන මල් කලඹවලට පමණක්ම ආවේණික වේ. මෙහි පෙති වැඩියෙන් තිබේ. තරමක් මිල අධික මල් වර්ගයකි. ස්නැප් ඩ්‍රැගන් මලින් ද හැඩවී බ්ලූවෝටර් කොළවලින් සාරියේ පැහැයට ගැළපෙන පරිද්දෙන් නිමවී තිබේ. බේබිස්බ්‍රෙත් ද එකතු වේ.

පෝසි හැඩයෙන් යුතු මල් පොකුරක් ලෙස, අතට ගතහැකි පරිද්දෙන්, මල් නටු එකට එකතුකර ආවරණයකර සාදා තිබේ.

 2. බටහිර ක්‍රමයට හැඩවූ සුරඟනක්

මනාලිය ඇතුළුව දෙවැනි මනාලියන් සියලුමදෙනා හැඩවැඩ වී සිටිනුයේ බටහිර ක්‍රමයටයි. මේ දෙවැනි මනාලියන් නිතර ඇස නොගැටෙන ගවුම් මෝස්තර ඇඟලා සිටියි. හතරදෙනා ගවුම් මෝස්තර හතරකින් සැරසී සිටියි. මේවා මුද්‍රිත මෝස්තරවලින් යුතුවීම විශේෂත්වයකි.

ඔවුන් දෝත දරා සිටින මල් කලඹවල වැඩිපුරම ඇත්තේ කොළ පැහැයයි. කැප්ටස් මල්, කොළ පැහැති බට්න් ක්‍රිෂාන්තිමම්, ෂිම්ලා ක්‍රිෂාන්තිමම් හා දම් පැහැති මැක්ලම් ඩේසි මල් යොදා තිබේ. මෙයද මල් පොකුරක් ලෙසට සකසා ගෝනි නූලෙන් බැඳ තිබේ.

3. රතු රෝස මිශ්‍ර සාරියට රතුරෝස මල්

ඉන්දියන් ක්‍රමයට සැරසුණු මනාලිය පැලනොප්සිස්වලින් සෑදූ මල් කලඹක් අත දරා සිටියදී ඇගේ යෙහෙළියන් සිව්දෙනා අත ඇත්තේ පෝසි හැඩයෙන් යුතු රතු රෝස සහ ස්ප්‍රේ පැලනොප්සිස්වලින් සෑදූ මල් කලඹ කිහිපයකි. රතු හා රෝස පැහැයෙන් යුතු සාරිවලින් යෙහෙළියන් සැරසී සිටියි.

 4. දෙවැනි මනාලියන්ටත් ෂවර් හැඩයෙන් මල් කලඹ

උඩරට ක්‍රමයට සැරසී සිටින මනාලිය සහ ඇගේ යෙහෙළියන් සියලුදෙනා අත ඇත්තේ ෂවර් හැඩයෙන් යුතු මල් කලඹයි. මේ සියලුමදෙනා උසින් වැඩි නිසා ෂවර් හැඩයේ මල් කලඹ ඔවුනට කදිමට ගැළපේ. කොළවලට රත්‍රං පැහැය ස්ප්‍රේ කොට කහ රෝස, කහ අරලිය දමා තිබේ. හිස සැරසිල්ල ටියුලිප් වැනි පුංචි පුංචි මල් කිනිතිවලින් නිම කොට තිබේ.

 5. චාම් ඇඳුමට වර්ණවත් මල් කලඹ

බටහිර ක්‍රමයට චාම් ගවුම් විලාසිතාවකින් යුතුවූ මොවුන් අත ඇත්තේ පිච්, රෝස, සුදු, කොළ යන පැහැයන්ගෙන් යුතු මල් කලඹකි. ඇඳුම චාම් නිසා මල් කලඹ වර්ණවත් ය.

 6. උසින් වැඩි යෙහෙළියන්ට

උසින් වැඩි මනාලියක වූ ඇගේ යෙහෙළියන් තිදෙනා සිහින් සිරුරැති අයයි. රෝස මලින් නිමවී තිබේ. මල් නටු දිගට දමා රිබන් එකකින් ඔතා තිබේ.

 7. කොළවලින් වැඩි එළියක්

මල් කලඹේ කොළ පැහැය වඩාත් ඉස්මතු වේ. මල්වලට වඩා මෙහි ඇත්තේ කොළයි. කෝඩ්ලයින් කොළ, ස්ප්‍රේ රෝස, නැනි බෙරි එකතු වූ මල් කලඹකි. නිර්මාණශීලී මල් කලඹක් බව බැලූ බැලුමට ඔබට පෙනේවි.

  ඉදිරිපත් කිරීම ලස්සන ෆ්ලෝරා හි අධ්‍යක්ෂිකා නීතිඥ

මධුවන්ති මලවිගේ

විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ ට

1234 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න