තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:24

රුව වඩවන තක්කාලි සත්කාර විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
තක්කාලි සතුවන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන lycopene මඟින් ඔබේ සමට වාසි රැසක් අත්කර දෙනවා. මේ ප්‍රතිඔක්සිකාරකය මඟින් ඔබව පාරජම්බුල කිරණින් ආරක්ෂා කරදීම, අකලට සම වයසට යෑම වැළකීම සහ චර්ම පිළිකා ඇතිවීම වළක්වාලීමත් සිදුකරනවා.

 

තක්කාලි සතුවන ප්‍රතිඔක්සිකාරක බලය නිසාම තක්කාලි යුෂ සම මත ආලේප කිරීම මඟින් සමට හානි වීම වළක්වා ගන්නටත් පුළුවන්.

මුහුණේ සමෙහි ඇති සිදුරු හරහා මුහුණේ ඇති තෙල් පිටතට ශ්‍රාවය වීම නිසා තමයි කුරුලැ ඇති වී ඒවා වර්ධනය වන්නේ. තක්කාලි යුෂවල අන්තර්ගත වන ආම්ලිකතාවය නිසා තක්කාලි යුෂ කුරුලෑවක් මත අලේප කිරීමෙන් සමෙහි සිදුරු සිරවීමක් ඇතිකර තෙල් ශ්‍රාවය වීම වළක්වා කුරුලෑව සුවකර දෙනවා.

තක්කාලි ගෙඩියක් ගෙන දෙකට කපන්න. මුහුණේ ආසාදිත ස්ථානයෙහි යුෂ ගැල්වෙන පරිදි තක්කාලි කැබැල්ලෙන් අතුල්ලන්න. මේ ආකාරයට තත්පර කිහිපයක් තක්කාලි කැබැල්ල අතුල්ලා මඳක් උණුසුම් ජලයෙන් එම ස්ථානය පිරිසුදු කරන්න.

මුහුණෙහි තක්කාලි යුෂ ආලේපකර විනාඩි 15 ත් 20 ත් අතර කාලයක් තිබෙන්නට හැර සෝදා හැරීමෙන් ලප කැළැල් ඉතා සාර්ථකව ඉවත්කර ගන්නට පුළුවන්. මුහුණේ ඇති කුණු දුහුවිලි ආදියත් ඉවත් වෙන අතර බ්ලැක්හෙඩ්ස් පවා ඉවත් වී යයි.

මේ තක්කාලි සත්කාරය ෆේස් වොෂ් එකක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්. කුඩා භාජනයක් ගෙන එයට තක්කාලි යුෂ මේස හැන්දක් සමඟ ලෙමන් යුෂ බිංදු කිහිපයක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. මුහුණේ ආලේපකර විනාඩි පහක් පමණ සිට සෝදා හරින්න. තක්කාලි  lucopene  වලින් පොහොසත් නිසා තක්කාලි යුෂ ආලේප කිරීම මඟින් සම තුළට ඔක්සිජන් උරාගැනීම වේගවත්කර සම ඉක්මණින් වයසට යෑම හා රැලි වැටීම වළක්වනවා.

තක්කාලි ගෙඩියක් සහ අලිගැටපේර ගෙඩියක් ගෙන කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩර් කරගන්න. මේ මිශ්‍රණය මුහුණේ හොඳින් ආලේපකර විනාඩි 20 ත් 30 ත් අතර කාලයක් තබන්න. ඉන්පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

ඒ වගේම සමට අවශ්‍ය වන පෝෂණය ලබා ගැනීමට දිනපතා තක්කාලි යුෂ වීදුරුව බැගින් පානය කිරීමත් සුදුසුයි.

 

අන්තර්ජාලය ඇසුරිනි

1028 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න