තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 29, අඟහරුවාදා 13:43

රුව වඩන අසිරිමත් වෙදකම පැහැපත් සමක රහස හඳුනාගන්න විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
සොඳුරු රුවක් නිරතුරුවම ප්‍රාර්ථනා කරනා ඔබ පැහැපත්, ආකර්ෂණීය සමක් පවත්වාගෙන යායුතුමයි. විශේෂයෙන්ම ඔබට උපතින් හිමි වූ ඡවි වර්ණය වෙනසකට ලක් නොවන සේ රැකබලා ගැනීමත්, සත්කාර කිරීමත් හරහා සුන්දර සමක් හිමිකරගතහැකි අතර එමඟින් අපූර්ව රූපයකට හිමිකම් කිව හැකියි.

 

ආයුර්වේදයේ රසායන තන්ත්‍රය නොහොත් තුරුණුකම රැකගන්නා වෙදකම හරහා ඔබට ආකර්ෂණීය සමක් උරුම කරගත හැකියි. මන්ද සම සම්බන්ධයෙන් අප නොදන්නා පැතිකඩක් ආයුර්වේදය හරහා පෙන්වා දෙනු ලබන අතර සමක සුන්දරත්වය මනින්නට නම් ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ කළයුතු බව සඳහන් වේ. ඒ වර්ණ, ප්‍රභා සහ කාන්ති යන කරුණු තුනයි.

වර්ණ

වර්ණය යන වචනයෙන්ම එහි ස්වභාවය ඔබට පැහැදිලි වේ. ඔබ අනිවාර්යෙන්ම උප්පත්තියෙන්ම ඔබට උරුම වූ සමෙහි වර්ණය එහෙමත් නැතිනම් පැහැය ආරක්ෂා කරගත යුතුය. මන්ද එය ඔබටම ආවේණික වූ වර්ණයක් බැවිනි.

ආසියාතිකයන් වූ අපගේ සම බොහෝ විට තලෙළු පැහැයට හුරුවේ. අගය කළයුතු පැහැයක් වූ එම වර්ණය මුළු ශරීරය පුරාම ඒකාකාරීව පවත්වාගන්නට එනම් ශරීරයේ සෑම ස්ථානයක්ම තලෙළු පැහැයෙන් තබාගන්නට උත්සාහ කළයුතුය. ආයුර්වේදයේ රසායන රූපලාවණ්‍ය වත් පිළිවෙත් නිසි ලෙස, නිසි කලට වේලාවට සිදු කිරීම හරහා මෙම සමේ වර්ණය හොඳින් රැකගතහැකි අතර සම්පූර්ණ සිරුරම රන්වන් පැහැයකින් දිදුලාවි.

ප්‍රභා

ඔබේ සමේ වර්ණය නිසි ආකාරයෙන් පවත්වාගෙන යනවිට ඉබේම ශරීරය පුරා මේ ප්‍රභාව ඇති කෙරේ.

 

 

 

 

ඒ ඒ අවස්ථාවට ගැළපෙන නිවැරැදි ඉරියව් මුහුණෙන් ප්‍රකාශ කරන්නේ නම් එය ඔබේ රූපයට අපූරු ආලෝකයක්, සුවිශේෂත්වයක් රැගෙන එයි. අපි එය ප්‍රභාව නමින් හඳුන්වන්නෙමු.

 

කාන්ති

සමෙහි ඇතිවන ආකර්ෂණීය පෙනුම එහෙමත් නැතිනම් කාන්තිය ඇතිවන්නේ අප ඉහත සඳහන් කළ වර්ණය සහ ප්‍රභාව නිවැරැදිව එකතු වූ විටදීය. එක්වරක් දැකි පමණින් නැවත වතාවක් හැරී බලන්නට හිතෙන තරමේ සුන්දරත්වයක් මේ කාන්තිය තුළ සැඟ වී ඇත.

ඒ සඳහා සමෙහි පවත්නා තෙතමනය එහෙමත් නැතිනම් ජල ප්‍රතිශතය අනිවාර්යයෙන්ම බලපානු ලබයි. විශේෂයෙන්ම සම ඉතාමත් නිරෝගීව තබා ගැනීම හරහා ඔබේ සමට කාන්තිය හිමිකරගත හැකියි.එබැවින් කාන්තාවක වූ ඔබ ඔබේ මුහුණ, අතපය, බෙල්ල, දෙපා ආදී වශයෙන් වූ සම්පූර්ණ ශරීරය කෙරෙහිම අවධානය යොමු කරමින් ඉහත සඳහන් වර්ණ, ප්‍රභා, කාන්ති ඊට කොපමණ අනුගතවීදැයි බලන්න. අනතුරුව එම තත්ත්වය රැකගන්නටත්, වඩා වර්ධනය කරගන්නටත් අවශ්‍ය දෑ මොනවාදැයි සොයා බලන්න.

අපි මෙහෙම කරමු

ඔබ සතු සම පිළිබඳ හිතන්න. කැඩපත ඉදිරියට ගොස් තම සම හොඳින් පරීක්ෂා කරන්න.

එනම් ඔබේ මුහුණ පුරාම පැතිරී ඇත්තේ එකම වර්ණයක් ද? ඔබේ සම වියළී හෝ ලප, කැළැල් මතු වී ඇති ද? එහෙමත් නැතිනම් වෙනත් ගැටලු මතුවී ඇත්දැයි සොයා ඒ සඳහා ආයුර්වේදයේ සත්කාරවල පිහිට පතන්න.

අව්ව, දූවිලි එපා

නිතර නිතර ඔබ අව් රශ්මියට ගොදුරු වන්නේ නම්, දූවිලි හෝ වෙනයම් සමට ගැටලු ඇතිකරනා පරිසරයක නිතර ගැවසෙන්නේ නම් වහාම එයින් ඉවත්වන්න. නැතිනම් හානිය අවම කරගත හැකි උපක්‍රම යොදන්න.

උදා :- හිරු එළියේ ගමන් කරනාවිට භම ආරක්ෂාව සහිත කුඩයක් භාවිත කිරීම වැනි දෑ.ජලය

ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. ඔබේ බර සහ ක්‍රියාකාරීත්වය අනුව දිනකට ජලය ලීටර් 2 - 4 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එය දිනය පුරාවට බෙදාගෙන නිවැරැදිව පානය කරන්න.

ස්වාභාවික දේ

ඔබ උපතින්ම ලද වර්ණය රැකගන්න. එයට ඇවැසි සත්කාර කරන්න. ස්වාභාවික ශාකසාර, පලතුරු, තෙල් වර්ග නිතර භාවිත කරන්න.මුහුණට ගැළපෙන සේ කොණ්ඩා මෝස්තරය සකසාගන්න. සිරුරට ගැළපෙන්නට විලාසිතා හඳුනාගන්න. නිවෙසේ ප්‍රශ්න නිවෙසේදීත්, කාර්යාලයේ හෝ මඟතොටේ ගැටලුවලට ඒ ඒ ස්ථානවලදීම පිළිතුරු සොයන්න. නිරතුරුවම ප්‍රබෝධවත් සහ සුපසන් මනසක් පවත්වාගන්න.

 

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

 

 

 

1366 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 29, අඟහරුවාදා 13:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න