තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 14:01

ඇතුවත් බැරි නැතුවත් බැරි හිරුඑළිය සමට කරන බලපෑම විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
ශ්වේත වර්ණයෙන් දිදුලන පැහැපත්, සිනිඳු සමක් හිමි කරගන්නට අපි සැවොම සිහින මවන්නෙමු. එවැනි සමක් වෙනුවෙන් නොකරනා කැපකිරීමක් කොයින්ද? විවිධ ආලේපන, ඖෂධ භාවිතය තුළින් පමණක් නොව යහපත් ඇවතුම් පැවතුම්, නිසි සත්කාර හරහා ද මේ සම නිසිලෙස රැකගන්නට, පැහැපත්ව තබාගන්නට පුළුවන් බව ඔබ නොසිතන්නට ඇති.

 

විශේෂයෙන්ම තද හිරුඑළියේ වැඩි කාලවේලාවක් ගත කිරිම නිසා අව් රශ්මියට සම පිලිස්සී සමෙහි අව පැහැයක් ඇතිවීම අපි හොඳින් දන්නා කරුණකි.

එබැවින් හිරුඑළියෙන් සම ආරක්ෂා කරගැනීම පිළිබඳ බෙහෙවින් සිතාබැලිය යුතු අතර අවපැහැති සම පැහැපත් කරගන්නට ආයුර්වේදයෙන් කළහැකි දෑ ගැන දැනුවත් වීමත් ඉතා වැදගත්.

හිරුඑළිය

මෙලොව ජීවයේ පැවැත්ම තහවුරු කරන්නා වූ හිරු කිරණ අපට අත්‍යවශ්‍ය සම්පතකි.

එය ඖෂධයක් හා සමානව වටිනවා. නමුත් මිනිසා විසින් සිදු කරන්නා වූ යම් යම් අහිතකර ක්‍රියාවන්ගේ බලපෑම් මත මෙම හිරුකිරණ පෙරා එන පෙරණයක් බඳු වූ ඕසෝන් ස්ථරය විනාශ වී ඇති අතර එහි බලපෑමක් ලෙසින් වර්තමානයේ දී අපට හිතකර හිරුකිරණ සේම අහිතකර හිරුකිරණ ද විඳගැනීමට සිදුව තිබේ.

හිරුඑළියේ අඩංගු භම කිරණ එහෙමත් නැතිනම් පාරජම්බුල කිරණ අපේ සම තුළට ගමන් කිරීම හරහා සමට ඉතා අහිතකර බලපෑම් ඇති කළ හැකියි.

මෙය සමෙහි පිළිකා තත්ත්වයක් වුවද ඇති කිරීමට සමත්.

හිරුඑළියේ වැදගත්කම

නමුත් හිරුකිරණ අපේ සමට ලබාගත යුතු ඖෂධයක් හා සමානයි.

එනම් උදාහිරුකිරණ, උදෑසන 6.30 ත් 7.30 ත් අතර කාලයේ පතිතවන හිරුකිරණ සමට ලබා ගැනීම ඉතා සුදුසුයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සමෙහි වර්ධනයට අවශ්‍ය විටමින් ච් මේ උදෑසන හිරුකිරණ මඟින් ලබාගත හැකියි.

එමෙන්ම හිරුඑලියේ සැලකිය යුතු කාලයක් ගත කිරීම මඟින් සමෙහි Melanin pigmentations  ඇතිවීම උත්තේජනය කරාවි.

එමෙන්ම සමෙහි දෙවැනි ස්ථිරයේ ඇති Collagen  සහ elastin තන්තු බිඳ වැටෙමින් සමෙහි ආතතියක් වැනි දෙයක් ද ඇති වේ.

හිරුඑළියෙන් සම රැකගන්න

හැකි සෑම අවස්ථාවකදීම හිරුඑළියේ ගත කරනා කාලය අවම කරන්න.

අව් රශ්මියේ ගමන් කරනා විටදී කුඩයක් භාවිතා කරන්න. අල්ට්‍රා වයලට් (uv) කිරණෙන් ඔබව ආරක්ෂා කරනා විශේෂිත කුඩ වර්ග මේ වනවිට වෙළෙඳපොළේ දකින්නට ඇති බැවින් එවැනි කුඩයක් භාවිත කිරීමට මතක තබාගන්න.

ක්‍රීඩා කිරීමේදී, පිහිනුම් කටයුතුªවලදී ඔබේ සම රැකගන්නට නම් Sunscreenආලේපන භාවිතා කරන්න. එය හිරුඑළියට නිරාවරණය වීමට විනාඩි 15කට පෙරදී ආලේප කළයුතු අතර ඔබේ සම පැය 02 ක් පුරාවට අව්වෙන් ආරක්ෂා කරාවි. තවදුරටත් ඔබ

හිරුඑළියේ රැඳෙන්නේ නම් නැවත Sunscreen ආලේප කළයුතු වේවි.

නිවැරැදි ප්‍රමිතියක් සහිත අව් කණ්ණාඩි පැලඳීම මඟින් ඔබේ දෙඇස සහ දෑස් වටා වූ සම රැකගත හැකියි.

ශ්‍රීලංකාව සමකයට ආසන්න රටක් වූ නිසාම අපට හිරුගේ බලපෑම දැඩිව දැනේ.

නමුත් අපේ රටේ අතීතයේ සිටි රූමත් ලලනාවන් මෙම තත්ත්වයෙන් සම ආරක්ෂා කරගත හැකි ක්‍රම දැන සිටියහ.

විශේෂයෙන්ම දේශීය ශාකයක් වූ කොකුම් ගසේ පොත්ත සහ සුඹුල ආශ්‍රයෙන් තනාගත් ඖෂධ සිය සමෙහි තවරා සම ආරක්ෂා කරගන්නට ඔවූහු පුරුදු වී සිටියහ. කොකුම් වූ කලී ගත රන්වන් පැහැ ගන්වන ආලේපනයකි.

ඊට අමතරව ආයුර්වේදීය හෝ වෙනත් සුදුසු තෙල් වර්ග සමෙහි ගල්වා හිරුඑළියට නිරාවරණය වීම ද සුදුසු නොවේ.

නමුත් අව්වේ ගමන්කර නිවෙසට පැමිණි විටදී අව්ව නිසා අවපැහැ වූ සම පැහැපත් කරගන්නට පිටත සිට නිවෙසට පැමිණි අවස්ථාවේදීම හෝ සවස් කාලයේ දී තෙල් සම්භාහනයක් සිදු කළහැකි එයින් අපුරු ප්‍රතිඵලයක් උදාකරගත හැකියි.

 

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

612 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 14:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න