තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 සැප්තැම්බර් 18, සඳුදා 13:11

සමේ වර්ණය රැකගන්න පෝෂණය වැදගත් විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
සොඳුරු රූ සපුවක සදාතනික රහස නිරෝගී බවයි. ආයුර්වේදය තුළ නිතරම මේ පිළිබඳ කියැවෙන අතර අභ්‍යන්තර, බාහිර සහ මානසික යන කරුණු තුන නිවැරැදිව පවත්වාගෙන යනවිටදී අපටත් නොදැනීම අපගේ නිරෝගීබව ආරක්ෂා කෙරේ.

 

රසායන තන්ත්‍රය තුළ රුව ඔප් නංවන බාහිර උපක්‍රම පමණක් කතාබහට ලක් නොකරන අතර අභ්‍යන්තර පෝෂණය සහ සත්කාර ආදියත් ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් බොහෝ සේ කතාබහට ලක්වේ. එබැවින් සමේ වර්ණය රැකගන්නට උදවුකරන පෝෂණය පිළිබඳත්, ආයුර්වේද ආහාර වට්ටෝරු ගැනත් දැනුවත් වීම ඉතා වැදගත්.ආයුර්වේද ආහාර රටාව තුළ වැදගත්ම දේ ආහාර රසයයි. අප ආහාරයක පෝෂණීය අන්තර්ගතය හඳුනාගන්නට නම් ආහාර ගැන ඉගෙනගත යුතු අතර කිසිදු දැනුමක් නැති වුවද ඔබට ආහාරයේ රසය නම් හඳුනාගත හැකියි. එම නිසා ආයුර්වේදය අනුව ආහාර වේලක් සැකසීම ඉතා පහසුය.

රස වර්ග

ආයුර්වේදයේ රස වර්ග හයකි. මධුර, අම්ල, ලවණ, කටු, තිත්ත සහ කෂාය වශයෙන් ඒවා හැඳින්වෙන අතර ආහාරවේලකට මෙම රස වර්ග හයටම අදාල දේ අඩංගු විය යුතුයි.

ආහාර වර්ණය

එමෙන්ම ඔබේ ආහාරය වර්ණවත් විය යුතුය. කහ, කොළ, රතු, සුදු, දුඹුරු ආදී වර්ණයන්ගෙන් සැදුම්ලත් ආහාර වේලක් ඔබ සකසා ගත යුතු අතර මෙම වර්ණ කෘත්‍රිම වර්ණක හෝ රසකාරක ආදියෙන් තොරව සකසා ගැනීම ඉතා වැදගත්.

රස එකතු කිරීම

අප ඉහත සඳහන් කළ රස වර්ග හය ඉතා පහසුවෙන් ආහාරයට එක්කර ගත හැකියි. එමෙන්ම මේ රස හයම ඔබේ සමේ වර්ණයට සෘජුවම බලපෑම් කරනු ඇත. එබැවින් මධුර රසයේ සිට කෂාය රසය දක්වා ක්‍රමානුකූලව අඩුවන පරිද්දෙන් ආහාරය සකසා ගැනීමට අප පුරුදු විය යුතුයි. එවිට සම ඇසුරුකර පවතින වාත, පිත, කඵ් යන ත්‍රිදෝෂය මනාව පාලනය කරමින් වර්ණවත් සමක් ඔබට හිමිකර දේ.

ධමධුර - පැණි රසය- ධඅම්ල - ඇඹුල් රසය

ධලවණ - ලුණු රස- ධකටු - දැවිල්ල

ධතිත්ත - තිත්ත රසය- ධකෂාය - කසට රස

ශ්‍රී ලාංකිකයන් වූ අපත්, ඉන්දීය ආහාර රටාවත් තුළ ඇති සමානතාවය වන්නේ ආහාර සඳහා කුළුබඩු වර්ග එකතු කිරීමයි. ඉහතින් දැක්වෙන සියලුම රසයන් ඉතාමත් පහසුවෙන් මෙම කුළුබඩු හරහා අපේ ආහාර වේලට එකතු වේ.

එමෙන්ම අප ආහාරයට ගන්නා ආහාර වර්ග ද ඉහත රස අනුව බෙදා වෙන් කළ හැකියි. උදාහරණයක් ලෙස අප වැඩි වශයෙන් ආහාරයට ගන්නා බත්, පාන්, පරිප්පු, අල වර්ග ආදිය අයිති වන්නේ මධුර රසය හෙවත් පැණි රසයටයි. ගොටුකොළ, මුගුනුවැන්න, කන්කුන් වැනි පලා වර්ග කටු, තිත්ත, කෂාය ඇති ආහාර ගොඩට එකතු වේ.

ඔබ මෙසේ සිතන්න. ගොටුකොළ ටිකක් හීනියට කපාගත්විට එහි ඉහත සඳහන් වූ කටු, තිත්ත, කෂාය යන රස තුනම අඩංගු වේ. මෙයට දෙහි යුෂ ටිකක් එකතු කළ විට ඇඹුල් රසයත්, ලුනු මිශ්‍ර

කළ විට ලවණ රසයත්, පොල් ටිකක් දමා අනාගත් කළ මධුර රසයත් යන රස හයම ආහාරයට එකතු වේ.

රස පාලනයන්

රස වර්ග හයක් තිබෙන නමුත් අපගේ බත් පතෙහි බොහෝ වේලාවට මධුර රසය වැඩියෙන් දකින්නට ලැබේවි. නමුත් දිනය පුරා අප ගන්නා රසයන් අඩු වැඩි වශයෙන් ලබාගත යුතු අතර දැනටමත් අප ගන්නා රසයන්වල අඩුවැඩිබව ඒ රූපසටහන අනුව පෙන්වා දිය හැකියි.

විශේෂයෙන්ම අප දිනය පුරා වැඩි වශයෙන් මධුර රසය ශරීරයට එකතු කරගත් විට එය සමේ වර්ණයට පමණක් නොව දියවැඩියාව සහ වෙනත් රෝගාබාධ ආදියටත් අධික ස්ථුලතාවයටත් හේතුවක් විය හැකියි. එබැවින් අද පටන් ආහාරයේ රස ගැන දෙපාරක් සිතන්නට ඔබ පුරුදුවන්න. එවිට ඔබේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යාහැකි අතර සුන්දර සුසිනිඳු සමක් ද හිමි කරගතහැකියි.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

768 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 13:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න