තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 11:31

පැහැපත් නීරෝගි සමකට පෝෂණීය රහස විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
මධුර රසයෙන් ප්‍රණීත රස නහර පිනායන ආහාර වේලකටයි අපේ වැඩිම රුචිකත්වය හිමිවන්නේ. නමුත් දිව පිනවන මේ රසයට වඩා ගුණයෙන් පිරිපුන් ආහාර වේලක් අපේ ශරීර පැවැත්මට අත්‍යවශ්‍ය අතර එය බාහිර පෙනුමට ද වැඩි වටිනාකමක් රැගෙන එයි.

 

එබැවින් දේශීය එළවළු, පලතුරු, පලා ආදිය අපේ සම සොඳුරු කරන ආකාරය අපි තවදුරටත් සොයා බලමු.

ආහාරයේ වැදගත්කම

සාමාන්‍යයෙන් අපි ප්‍රධාන ආහාර වේල් තුනක් ලබා ගන්නෙමු. ඒ අතරට තවත් සැහැල්ලු ආහාර ද ලබාගන්නා අතර මේ සියල්ලෙහි මධුර රසය වැඩි වශයෙන් අන්තර්ගත වේ. එබැවින් මධුර රසය තුළ සැඟ වී ඇති කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය අප නිරන්තරයෙන්ම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ශරීරගත කරගන්නෙමු. ඒ හේතුව නිසාම අධික ස්ථුලතාව ඇතුළු තවත් සෞඛ්‍යමය ගැටලු බොහොමයකට මුහුණදීමට අපට සිදුවී තිබේ.

එබැවින් අප හොඳින් සිතා බලා උත්සාහයෙන්ම නැවුම් එළවළු, පලතුරු ආහාරයට ගතයුතු අතර ඒ හරහා ශරීරයේ ක්‍රියාකාරී පැවැත්මට අවශ්‍ය විටමින්, ඛනිජලවණ ආදිය ලබා ගතයුතු වේ.

 

විටමින් වර්ග විටමින් A

කහ පැහැති එළවළු, පලතුරු බොහොමයක විටමින් ඒ අඩංගු වේ. අපට නිතර ආහාරයට හමුවන වට්ටක්කා, ගස්ලබු, බිත්තර කහමදය තුළ මෙන්ම අද කාලයේ නම් නිතර ඇස නොගැටෙන පලතුරක් වූ ලාවුළු මදය තුළ ද විටමින් ඒ අඩංගුය. සමෙහි වියළි ස්වභාවය මෙන්ම අසාත්මිකතා වළක්වා තෙතමනය සහිත පැහැපත් සමක් හිමිකරදීමට මේ ඒ විටමිනය සමත් වේ.

 

 

විටමින් B

සත්ත්ව පීකුදු, සෝයා කිරි ආදියේ බහුලව දක්නට ලැබෙන විටමින් B උදෑසන හිරුඑළිය හරහා ද අපට ලබාගත හැකියි. සමට සේම අපේ හිසකෙස්වල නිරෝගී වර්ධනය උදෙසා ඉතා වැදගත්වන මේ විටමිනය සමෙහි ආතතිය රැකගෙන (එල්ලා වැටීම) සමට දීප්තියක් ලබාදෙයි.

විටමින්  E

අලිගැටපේර, කොට්ටම්බා මදය, වට්ටක්කා ඇට, මිරිස්, තක්කාලි ආදියෙහි මෙන්ම බොහෝ ධාන්‍ය වර්ගවලත්, එම ධාන්‍ය ඇසුරින් සකස් කළ තෙල් වර්ග ආදියෙත් මෙම විටමින්  E
 අඩංගු වේ.

එය සමෙහි වියපත් බව වළක්වා සමෙහි තෙතමනය ආරක්ෂා කරදෙන අතර බාහිර උපද්‍රවවලින් සම රැකදෙයි. විශේෂයෙන්ම සමෙහි දීප්තිය රඳවා, තරුණ බව රැකගන්නට විටමින්  E
 අපූරු මෙහෙයක් ඉටු කරයි.

ඉහත සඳහන් කළ A, B,  E  යන විටමින් තුනම මේද්‍ර ද්‍රාව්‍ය විටමින ලෙස හැඳින්වේ. අප සකස් කරනා සෑම ආහාර වේලකටම තෙල් ස්වල්පයක්, පොල් කිරි ටිකක් හෝ පොල් මිටක් යොදා සකසා ගැනීම ඉතා වටින්නේ එබැවිනි.

මේ බව නොදැන හෝ අතීතයේ ජීවත් වූ අපේ ගෘහණියන් පොල් මිටක් යෙදූ මැල්ලුමක් වැනි දෙයක් තම ආහාර වේලට එකතු කරගැනීමට අමතක නොකළහ.

මෙම මේද්‍ර ද්‍රාව්‍ය විටමින්වලට අමතරව B සහ C
 යන විටමින් දෙක ද සමට ඉතා වටිනේය.

විටමින් B සංකීර්ණය

කුරුට්ට සහිත ධාන්‍ය වර්ග (නිවුඩු සහල්, දේශීය සහල් වැනි දෑ) සමඟ යීස්ට් සාරයේ ද විටමින් B සංකීර්ණය අඩංගු වේ.

ඊට අමතරව පලා සහ මාළු වර්ගවල ද මෙම විටමිනය දැකිය හැකියි.

සිරුරෙහි පැහැය එකම වර්ණයකින් පවත්වා ගන්නටත් සමෙහි ලප, කැළල් සහ විකෘතිතා ආදියෙන් තොරව නීරෝගි සමක් පවත්වාගන්නටත් ඔබට විටමින් B සංකීර්ණය උපකාරී වේවි.

විටමින් C 

ඇඹුල් රසයෙන් යුත් ආහාරවල මෙම විටමින් C  දැකිය හැකියි. විශේෂයෙන්ම දේශීය පලතුරු බොහොමයක, එනම් නෙල්ලි, දොඩම්, අඹ, ඇඹරැල්ලා වැනි පලතුරුවල යහමින් මෙම විටමින් C  අඩංගුය.

ආහාරයක ඇති යකඩ සිරුරට අවශෝෂණය කරගන්නට මෙම විටමින් C  උපකාරීවන අතරම එය සමෙහි වර්ණය නිසිලෙස පවත්වාගන්නට ආධාර කරයි.

මන්ද විටමින් C  ශරීරයට හිඟවීමක දී සමෙහි අඳුරු ලප මතුවන අතර මෙම විටමිනය ලබා ගැනීමෙන් සමෙහි අලුත් සෛල ආරක්ෂා කරමින් ශක්තිමත් නීරෝගි සමක් අපට ලබාදේ.

විටමින් B සහ C  යනු ජලයේ ද්‍රාව්‍යවන විටමින් ලෙස හැඳින්වේ. එබැවින් මෙම විටමින් සිරුරට අවශෝෂණය සඳහා ජලය පානය කිරිම ඉතා වැදගත් වේ.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

847 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 11:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න