තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 12:14

සමට අත්‍යවශ්‍ය විටමින් සපිරි පලතුරු සත්කාරය විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(1 මනාපය)
ආකර්ෂණීය සුසිනිඳු සමක් . . . පැහැයෙන් බබළන සමක් . . . කෙනකු දුටුවිට තවත් වරක් හැරී බලන ආකාරයේ සොඳුරු සමක් කාන්තා අප කාගේත් ප්‍රාර්ථනයයි. නමුත් එය ප්‍රාර්ථනයකට පමණක් සීමා නොකර සැබෑවක් කරගන්නට නම් නිසි පෝෂණය සහ සත්කාරය අත්‍යවශ්‍ය වේ.

 

ඒ පිළිබඳ ඔබව දැනුවත් කරනා මෙම ලිපි පෙළෙන් අද අපේ කතාබහට ලක්වන්නේ විටමින් සපිරි පලතුරු සත්කාරයක වැදගත්කමයි. සමෙහි නීරෝගි බවට අත්‍යවශ්‍ය විටමින් වර්ග පහකි. ඒ, ච්, ඡ්, ඕ, ඛ්, යන මේ විටමින් වාගේම ඛනිජලවණ, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ යනාදිය සමට අවශ්‍ය වේ. අප ලබාගන්නා ආහාර මඟින් මෙම කාබීහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩවල අවශ්‍යතාවය මනාව සපුරා ගත්ත ද, ඇතැම් විට විටමින් සහ ඛනිජලවණ අවශ්‍ය පමණ සමට නොලැබී යා හැකියි.

ආලේපනයක් ලෙස

සමෙහි පෝෂණය සඳහා අවශ්‍යවන විටමින් සහ ඛනිජලවණ ආහාර මඟින් පමණක් නොව ආලේපනය මාර්ගයෙන් ද ඔබේ සමට ලබාගත හැකියි. විශේෂයෙන්ම විටමින් වර්ග බහුල වශයෙන් අඩංගු පලතුරු සාරය සම මත ආලේප කිරීම හරහා සුවිශාල වෙනසක් අත්පත් කරගත හැකියි. මන්ද පලතුරු යනු විටමින් සාරයෙන් පමණක් නොව ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද සපිරිය.

ප්‍රතිඔක්සිකාරක

අපගේ සම වියපත්වන, අවපැහැ ගැනෙන එමෙන්ම බොහෝ ගැටලු මතුවන දෙයකි. එනම්, ඔක්සිකාරක මඟින් සමට විස පදාර්ථ රැස්වෙමින් සමෙහි සෛල ඉක්මනින්ම වයසට යන්නට සහ විනාශ වන්නට ඉඩ සලසයි. එම ඔක්සිකාරක සම වෙතින් ඉවත් කරන කාණ්ඩය වන්නේ ප්‍රතිඔක්සිකාරකයයි. (ඒදබඪධයඪඤචදබඵ)මේ ප්‍රතිඔක්සිකාරක ලෝකයේ ඉතා ජනප්‍රිය දෙයකි. අපි භාවිත කරන්නට යන පලතුරු සාරය විටමින් මෙන්ම ප්‍රතිඔක්සිකාරකවලින් ද උසස් තත්ත්වයේ ඇති නිසා සම වර්ණයෙන්, ප්‍රභාවෙන් සහ කාන්තියෙන් ඉහළට රැගෙන යයි.

විශේෂයෙන්ම පලතුරු සාරය අතරින් විටමින් ඛ් සාරය නොඑසේ නම් ඇඹුල් රසැති බොහෝ දේ තුළ ප්‍රතිඔක්සිකාරක අඩංගුය. එනමුත් මේවා සමෙහි ආලේප කිරීමේ දී අනවශ්‍ය ලෙස භාවිතයෙන් එනම් දෙහි, දොඩම් යුෂ සමෙහි ගැල්වීම මත සමට හානිවීමට ඉඩ තිබේ. මන්ද එවිට සම මතුපිට ර්‍ථඩ් අගය නොගැළපෙන ලෙස අඩුවන බැවිනි.

පලතුරු සාරය

ඔබ පලතුරු සාරය ඇසුරෙන් සමට පෝෂණය ලබාදෙන සත්කාරයක් කරන්නේ නම් එම පලතුරු සාරය සමෙහි ආලේප කිරීමට ප්‍රථම සම පිරිසුදුකර තිබීම හො ස්ක්‍රබ්කර තිබීම අවශ්‍ය වේ. එමෙන්ම මේ සඳහා ඔබේ ගෙවත්තේ පැසී ඉදුණු පලතුරු භාවිත කළ හැකි නම් එය ඉතාමත් අනර්ඝවන අතරම ඔබ අවට පරිසරයේ දැකිය හැකි ඕනෑම පලතුරක් මේ සඳහා භාවිත කළ හැකියි.එසේ නම් වියපත්වන සමට තාරුණ්‍ය ළඟා කරවන ෆේස් ෆැක් එකක් එහෙමත් නැතිනම් මුහුණෙහි සමට සත්කාරයක් කරන ආකාරය අපි දැනගනිමු.

වියපත් සමට සුදුසු ෆේස් ෆැක්

අවශ්‍ය ද්‍රව්‍ය:

* අලිගැටපේර ගෙඩි 1/2 ක්

* මඳක් ඉදුණු ගස්ලබු තීරුවක්

* ඩ්‍රැගන් ෆෘට් ගෙඩි 1/4 ක්

* දෙහි බිංදු කිහිපයක්

* ඉදුණු බෙලි ගෙඩි 1/2 ක්

සාදාගන්නා ආකාරය

ඉහත සඳහන් කළ අලිගැටපේර, ගස්ලබු සහ ඩ්‍රැගන් ෆෘට් ආදී පලතුරු සියල්ලම ඉතා සිහින්ව සූරා පිරිසුදු බඳුනකට දමන්න. එයට දෙහි බිංදු කිහිපයක් එකතු කරන්න. දැන් මෙය විනාඩි 10 ක් පමණ මිශ්‍ර කරගත යුතු අතර මෙය තරමක දියාරුමය ස්වරූපයක් ගන්නා මිශ්‍රණයක් බවට පත් වේවි. අනතුරුව මෙයට හොඳින් ඉදුණු බෙලි මදය ද සූරා දමා විනාඩි පහක් පමණ හොඳින් මිශ්‍ර කරන්න.

දැන් ඔබ ෆැක් එක සූදානම්කර අවසානයි. මෙය ආලේප කිරීමේ දී පුටුුවක වාඩි වී ඔබ විසින්ම එය ආලේපකර ගන්නවාට වඩා පහසු වන්නේ හාන්සි වී තවත් කෙනකු ලවා එය ආලේප කරවා ගැනීමයි.

මෙම ෆැක් එක සමෙහි ආලේපකර විනාඩි 30 - 40 ක් වැනි කාලයක් එය එලෙසම රඳවා තබා ගතයුතු අතර ඉන්පසුව සාමාන්‍ය පරිදි ජලයෙන් සෝදා හරින්න.

මේ ආකාරයට නැවත නැවතත් ඔබේ සමට පලතුරු සත්කාරය හරහා අවශ්‍ය විටමින් ලබාගත හැකි අතර එමඟින් සමෙහි බිඳවැටණු කොලජන් තන්තු නැවත සකසාලයි. සමෙහි රැලි වැටුණු ස්වභාවය නැති වේ. ඒ සමඟම වියපත්වීමත් සමඟම සමෙහි ඇතිවන අවපැහැය වළකාලයි. සමෙහි වර්ණය රැකගනියි. එමෙන්ම මේ සත්කාරය සමෙහි තෙතමනය කදිමට ආරක්ෂාවන නිසා ඉතා ප්‍රභාමත් වූ සමක් ඔබට උරුම කරදේ.

628 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 12:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න