තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ඔක්තෝබර් 23, සඳුදා 12:14

සම රැලි වැටීම වළක්වන නිදන ඉරියව් විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
අපි වයසට යනවත් එක්කම අත්දැකීම්වලින් බහුල වෙනවා වගේම, බුද්ධියෙනුත් මුහුකුරා යනවා. වයසත් එක්කම ලැබෙන තවත් දෙයක් තමයි රැලි වැටීම් කියන්නේ.

 

අද කතාකරන්න සූදානම් වෙන්නේ ඉක්මනින් වයසට යන්න කැමැති නැති අයට රැලි වැටීම් නවත්තගන්න සහතික කරපු ක්‍රම කීපයක් ගැනයි.

 

නිදාගැනීමට පෙර ඔබේ අත් යටින් කොට්ට තබාගන්න

මෙය ඔබට ඔබේ පියයුරු ඇතුළුව උර ප්‍රදේශයේ ඇතිවන රැලි වැටීම් පාලනය කරගන්න උදව් වේවි. මෙහි අමාරුම වැඩේ තමයි උඩු අතට නිදාගන්න පුරුදු වෙන එක. ඒ වුණාට සති කිහිපයක් යනකොට ඔබේ සමේ තත්ත්වයත් එක්කම ඔබේ සම්පුර්ණ ශරීර සුවතාවයම හොඳ අතට හැරි ඇති බව ඔබටම දැනේවි.

පර්යේෂණයන් දක්වන විදියට නිදාගැනීමේ මේ ඉරියව්ව තමයි සුවදායකම නින්දක් හිමිකරදෙන ක්‍රමය. ඒකට අමතරව ඒ ඉරියව්ව ඔබව ඔබේ කොන්දේ කැක්කුමෙන් බේරාගනිවි.

වටේට යම් යම් දේවල් තබාගන්න

මේක නම් තරමක් අමුතු වේවි. ඒ වුණාට මේ විදියට නිදාගැනිමේදී තමන්ගේ වටේ එක එක දේවල් තබාගැනීම ඇත්තටම රැලි වැටීම් අවම කරන්න උදව් වෙනවා. ඒකට හේතුව අපි නිදාගත්තම සැරෙන් සැරෙන් අපි ඉන්න ඉරියව්ව වෙනස් කරනවා. එයින් සමහර ඉරියව් කිසිසේත්ම පහසු ඒවා නෙවෙයි. එවැනි අපහසු ඉරියව් නිසා ද රැලි වැටීම් සිද්ධ වෙනවා. ඇඳුම් දමන බකට්, පොත් හෝ ලේසියෙන් කැඩෙන බිඳෙන දේවල් නැතුව උත්සාහ කරලා බලන්න, තරමක් දිගටි දේවල් ඔබ වටා තබාගන්න.

තුවායක් බෙල්ලට තැබීම

ශරීරයේ අනික් අවයවවලට වගේම හිසටත් නිදහසක් අවශ්‍යයි. සෘජුව තියෙන කොට්ටයක් හිස යටින් තබා නිදාගැනීම තමයි සුදුසුම ක්‍රමය. ඒත් ඔබ ගාව ඒ විදියේ කොට්ටයක් නැතිනම් සාමාන්‍යයෙන් ඔබ එදිනෙදා පාවිච්චි කරන තුවායක් රෝල් කරලා පාවිච්චියට ගන්න.

නිදාගන්න නිවැරදි මෙට්ටයක් තෝරාගන්න

මෘදු මෙට්ටයක් පහසුදායකයි තමයි. නමුත් විද්‍යාඥයන් කාලාන්තරයක් තිස්සේ පර්යෂණවලින් තහවුරු කරේ තරමක් ඝනකම් ස්ප්‍රිං මෙට්ට තමයි ඔබේ කොඳුඇට පෙළට, රුධිර ගමනාගමයට වගේම රැලි වැටීම් අවම කරගන්නත් සුදුසුම කියලා.

සමේ තෙතමනය රඳා පවත්වාගැනීම අත්‍යවශයි

මෙය ඉතාමත්ම පහසුයි. සමේ වියළි ස්ථානවල සෑම උදෑසනකම සහ සෑම රාත්‍රීයකම නිදාගැනීමට පෙර මොයිස්චරයිසිං ක්‍රීම් නොකඩවා ආලේප කරන්න. 90 %ක්ම වයසට යන්නත් කලින්ම සම රැලි වැටීම් ඇතිවෙන්නේ සමේ තෙතමනයක් නැති වුණාම කියලා දැනටමත් තහවුරු වෙලා ඉවරයි.

 

දණහිස් යටින් කුෂන් එකක් තබාගන්න

ඔබේ ශරීරයේ සහ කකුල්වල උසෙහි වෙනස ඔබේ රුධිර ගමනාගමනය හොඳීන් සිදුවීමට උපකාරී වේවි. එය රැලි වැටීම්වලට වගේම ඔබේ හන්දි අමාරුවටත් හොඳයි. විශේෂයෙන්ම වැඩ්පුර ඇවිදින අයට මේ ක්‍රමය විශේෂයි.

 

 

 

අන්තර්ජාලය ඇසුරිනි

801 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 23, සඳුදා 12:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න