තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 නොවැම්බර් 06, සඳුදා 13:07

ඛනිජලවණ සහ විටමින් රුවට කරන බලපෑම විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
නෙතු මන්මත් කරනා සොඳුරු රුවක් ගැන කතා කිරීමේ දී නීරෝගි කෙස් කලඹකට හිමිවන්නේ ප්‍රමුඛත්වයකි. ඊට අමතරව වර්තමානය වනවිට නියපෙළට ද මූලික තැනක් හිමිවන අතර රූපලාවණ්‍යයේ දී හිසකෙස්, සම, නිය ආදියේ සුන්දරත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.

 

එමෙන්ම හිසකෙස් සහ නියපෙළට වැඩි චමත්කාරයක්, ආකර්ෂණයක් එකතු කරගැනීම සඳහා විවිධ විලාසිතාවන් අනුගමනය කිරීමට ද අපේ තරුණ පිරිස දැන් දැන් පෙලඹී තිබේ. නමුත් නිය, හිසකෙස්, සම, දත් ආදියෙහි සුන්දරත්වය වඩාත් ඉස්මතු වන්නේ විවිධ විලාසිතා නිසා නොව ඒවා වඩාත් නීරෝගිව පවතින විට බව ඔබ මතක තබාගත යුතුයි.

මන්ද නීරෝගී බව තරම් උතුම් සැපතක් මෙලොව නැති බව බුදු දහමෙහි පවා සඳහන්ව පවතී.

සමානතා

නිය සහ හිසකෙස්වල ව්‍යූහය නොඑසේ නම් මේවා නිර්මාණය වී ඇති ආකාරය ඉතා සමානය. ඒ නිසාම සිරුරේ පවත්නා විටමින්, ඛනිජලවණ වැනි විවිධ ඌනතාවලදී බාහිරව ගැටලු පෙන්වන්නේ ද සමාන වකවානු තුළදීය.

කැල්සියම් සහ සින්ක්

සාමාන්‍යයෙන් කැල්සියම් සහ සින්ක් යන ඛනිජලවණ දෙකම හිසකෙස් මෙන්ම නියපෙළෙහි නීරෝගි පැවැත්මට අත්‍යවශ්‍ය වේ. මේ අතරින් කැල්සියම් ඉතාමත් වැදගත්වන අතර ජීවිතයේ යම් යම් අවස්ථාවල දී සිරුරේ කැල්සියම් මට්ටම පහත බැසීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස මවුකිරි ලබාදෙන කාලයේ දී මවකගේ කැල්සියම් මට්ටම පහත බැසිය හැකියි. එමෙන්ම කුඩා මත්ස්‍යයන්, හාල්මැස්සන්, කිරි වැනි දෑ ආහාරයට නොගන්නා අයගේ ද ශරීරගත කැල්සියම් ප්‍රමාණය අඩු වේ.

මෙවැනි අවස්ථාවක දී හිසකෙස් ගැලවීයාමේ ප්‍රවණතාවය වැඩිවන අතර නියපොතු කැඩීයාම, දුර්වර්ණවීම, ලප පැල්ලම් ආදිය ඇතිවීම වැනි නිය ආශ්‍රිත විවිධ ගැටලු ඇති කෙරේ.

කැල්සියම් මෙන්ම සින්ක් හිඟවීමෙන් ද ඉහත ලක්ෂණ ඇතිකරන අතර හිසකෙස්, නිය සේම සමෙහි විවිධ දුර්වලතා ද ඇතිවිය හැකියි. එවැනි විශේෂ අවස්ථාවක දී ඔබ වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතර කැල්සියම්, සින්ක් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාරයට එකතු කරගත යුතුයි. විශේෂයෙන්ම හාල්මැස්සන්, කුඩා මාළු, කිරි ආදියත් ඒවා ආහාරයට නොගන්නා නිර්මාංස අය සඳහා මුරුංගාකොළ, නිවිති, ගෝවා, කතුරුමුරුංගා වැනි පලා වර්ගත් ආහාරයට සුදුසු වේ.

මැග්නීසියම්

කැල්සියම්, සින්ක් ආදියට අමතරව මැග්නීසියම් ද අපේ රුව කෙරෙහි බලපෑම් ඇතිකරන බැවින් ඒ පිළිබඳ ද ඔබේ අවධානය යොමු කළ යුතු වේ. විශේෂයෙන්ම වට්ටක්කා ඇටවල මැග්නීසියම් බහුලව අඩංගුවන අතර කැකිරි, වට්ටක්කා, කොමඩු ආදියේ ඇට ආහාරයට ගන්නට අමතක කරන්න එපා. මානසික ආතතිය, විභාග ආතතිය වැනි තත්ත්වයකට මුහුණදෙන කාලවකවානුවකදී නම් මේ මැග්නීසියම් ඔබට විශාල මෙහෙයක් ඉටුකරාවි.

විටමින්

ඛනිජලවණ සේම විටමින් ද අපේ සොඳුරු රුවට ඉතා වැදගත්. ඒ අතරින් විටමින් ච් සහ ඩ් (බයෝටින්) සුවිශාල මෙහෙයක් ඉටු කරයි. මන්ද අපේ සිරුරට කැල්සියම් නිසි ලෙස අවශෝෂණය වන්නේ විටමින් ච් නිසාවෙනි.

විටමින් ඩ් හෙවත් බයෝටින් අප නිතර කතාකරන විටමිනයකි. මේවා අප නිතර ලබාගන්නා ආහාර වූ කෙසෙල්, පරිප්පු, කජු ආදියෙහි අන්තර්ගත වේ. ඉහත සඳහන් විටමින්, ඛනිජලවණ සේම ඔමේගා 3 ද ඔබ ආහාරයට එකතු කරගත යුතුයි.

මෙම කරුණු කාරණා පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ බොහොමයක් කාන්තාවන් තම සුන්දරත්වය ගැන වඩාත් උනන්දුවක් දක්වන බැවිනි. මන්ද බාහිර සත්කාරයන් හරහා රුව ඔප් නංවා ගැනීමට රූපලාවන්‍යාගාර කරා ඇදී යනවා වෙනුවට ඔබගේ පෝෂණ අවශ්‍යතා ඉටු කරගන්නට වැඩි උනන්දුවක් දක්වන්න. වරක් නොව දෙවරක් ඔබේ සතියේ ආහාර වට්ටෝරු දෙස අවබෝධයෙන් හැරී බලන්න. අභ්‍යන්තර පෝෂණය නිසි ලෙස ලැබෙන කල්හී ඔබේ රුව වඩාත් සොඳුරු වේවි.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

432 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 13:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න