තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 නොවැම්බර් 06, සඳුදා 14:45

නිතර නිතර ස්ක්‍රබ් කළොත් ‘සොරිම’ තමයි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රුව ලස්සන කරගන්නට අප යොදා ගන්නා ආලේපන නිවැරැදි ආකාරයට භාවිත නොකිරීමත් ගැටලු ඇති විය හැකි බව සහ අප බලාපොරොත්තු වන ප්‍රතිඵල ඉන් ලබාගත නොහැකි බව අප පැවසුවා ඔබට මතකයි නේද?

 

එම නිසාමයි රූපලාවණ්‍ය ආලේපන භාවිතය පිළිබඳව ඔබට මෙවන් දැනුමක් ලබා දෙන්නට අප අදහස් කළේ.

ෆේස් වොෂ් - ඩීප් ක්ලෙන්සර් භාවිතය ගැන දැන් ඔබ දැනුවත් ඇති. ඔබ දන්නවද ස්ක්‍රබ් භාවිතයේදී, ස්ක්‍රබ් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද කියා? එහෙමනම් අප ඒ පිළිබඳව අද කතා කරමු.

සාමාන්‍යයෙන් අප ස්ක්‍රබ් එකක් ලෙස හඳුන්වන්නේ මැරුණු සම ඉවත් කිරීමට උපකාරි වන ද්‍රව්‍යයක්. ඒ ෆේෂල් කිරීමේදී ද එහි එක් පියවරක් වශයෙන් ස්ක්‍රබ් කිරීම සිදුකෙරෙන බව ඔබ දැක ඇති. මෙහිදී මැරුණු සම ඉවත් කරලීම මෙන්ම සමේ තදින් ඇලී තිබෙන කුණු දූවිලි අපද්‍රව්‍ය, එමෙන්ම රෝම කූපවල තිබෙන අපද්‍රව්‍ය බ්ලැක් හෙඩ් - වයිට් හෙඩ් ආදිය ඉවත් කිරීමටද ස්ක්‍රබ් උපකාරිවනවා.

ස්ක්‍රබ් කිරීමේදී සම පැහැදිලි සමක් බවට පත්වෙනවා. හේතුව ඉහතින් සඳහන් කළ දේවල් ඉවත්වීමයි. එමෙන්ම සමේ ඇතිවන රැලි (රින්කල්ස්) ස්වභාවයද ඉවත්වීමට මෙය උපකාරි වනවා. එම නිසයි ස්ක්‍රබ් කිරීමද සමේ පැහැපත් බව ගෙන දෙන්නට අත්‍යාවශ්‍ය සත්කාරයක් ලෙස වැදගත් තැනක් හිමිකර ගන්නෙ.

අප දැන් බලමු ස්ක්‍රබ් එකක් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන් ද කියා

ඉහත කී ආකාරයෙන් ස්ක්‍රබ් කිරීම අත්‍යවශ්‍ය දෙයක් වුවත් මෙය වැඩි වශයෙන් කිරීම සුදුසු නොවන බවත් කිවයුතුයි. ස්ක්‍රබ් කිරීමේදී සම පිරිමදින විට තදින් ඇතිල්ලීම නොකළ යුතු අතර සම ඇදෙන ආකාරයෙන් ස්ක්‍රබ් කිරීමද සුදුසු වන්නේ නෑ.

මෙහිදී ඔබ මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් නම් ඇස් වටා ස්ක්‍රබ් කිරීමට යාමෙන් වැළකිය යුතු බවයි.

එමෙන්ම ස්ක්‍රබ් කිරීම නිතර කළයුතු දෙයක් නොවෙයි. මෙය සතියකට වරක් කිරීම ප්‍රමාණවත්. දිනපතා ස්ක්‍රබ් කළහොත් ඔබේ සම රළු, වියළි සමක් බවට පත්වන්නට පුළුවන්.

ස්ක්‍රබ් එකක් භාවිත කිරීමට පෙර සමේ ස්වභාවය එනම්, ඔබේ සමේ වර්ගය අනුව එය තෝරාගන්නට සැලකිලිමත් වන්න. වියළි සමක්ද, තෙල් සහිත සමක්ද, වියපත් සමක්ද ළාබාල වියේ පසුවන අයෙකුගේ සමක්ද යන්න වටහා ගෙන ඒ අනුව ස්ක්‍රබ් එක භාවිත කිරීමට සැලකිලිමත්වීම වැදගත්.

ස්ක්‍රබ් එකක් භාවිත කළ යුතු නිවැරැදි ක්‍රමය කුමක්ද?

මුලින්ම ෆේස් වොෂ් එකකින් මුහුණ සෝදා ඩීප් ක්ලෙන්සර් කරන්න. ඉන්පසු ස්ක්‍රබ්එක අල්ලට ගෙන මුහුණේ තැනින් තැන තිත් ආකාරයට තියන්න (ඇස් වටා හැර)

ඉන්පසු වතුර ස්වල්පයක් ගෙන තැවරූ ස්ක්‍රබ් එක මිශ්‍රකර ගනිමින් මුහුණට බර නොදී ඉතා සියුම් ලෙස රවුමට රවුමට පිරිමදින්න. නහය දෙපස නිකට යට තරමක් වැඩිපුර පිරිමදින්න. මෙසේ විනාඩි තුන හතරක් පිරිමැදීමෙන් පසු තෙත මිරිකූ පුළුන්වලින් මුහුණ පිරිසුදු කිරීම හෝ එසේත් නැත්නම් සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදා පිරිසුදු කිරීම කළ හැකිය.

ස්ක්‍රබ් කිරීමෙන් පසුව මැරුණු සම ඉවත්වී ඇති බව දැන් අප වටහා ගතයුතුයි. මැරුණු සම ඉවත්වීමෙන් පසු උඩට මතුවී තිබෙන්නේ හොඳ සමයි. එම නිසා එම නිරෝගි සම ආරක්ෂා කර ගන්නට වගබලා ගැන්ම ඉතාම වැදගත්.

ඒ සඳහා ඔබ කළ යුත්තේ සම අනුව සුදුසු ටෝනර් එකක් තෝරාගෙන එය ස්වල්ප වශයෙන් ගැල්වීමයි. ඉන්පසු මොයිස්චර්රයිසර් ස්වල්පයක් මතුපිටින් ආලේප කරන්න. පිටතට යන්නේ නම් සන්ස් ක්‍රීන් එකක් තැවරීමට අමතක නොකරන්න.

ලබන සතියේ ටෝනර් භාවිත කරන්නේ ඇයි? ටෝනර් එකක් පාවිච්චි කළ යුත්තේ කෙසේද?

 

 

 

උපදෙස්-ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්වීනිතා කොතලාවල

සැලෝන්  Swini

916 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 14:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න