තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:32

ඔබේ සමෙහි ස්වභාවය කෙබඳුද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය සත්කාර කිරීමේදී එහෙමත් නැත්නම් රූපලාවණ්‍ය ආලේපන තෝරාගැනීමේදී භාවිත කිරිමේදී අප බොහෝ විට පවසන්නේ තමන්ගේ සමේ ස්වභාවය අනුව එය කළ යුතු බවයි. එයට හේතුව සමේ ස්වභාවය තේරුම් නොගෙන කටයුතු කිරීමට යාමෙන් බොහෝවිට ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවන අවස්ථා පිළිබඳ නිතර අසන්නට ලැබෙන නිසයි.

 

එම නිසා රුව ලස්සන ගැන උනන්දු වන ඔබ, ඔබට අයත්වන්නේ කුමන ආකාරයේ සමක් ද, ඔබේ සමේ ස්වභාවය කෙබඳුද, යන්න ගැන දැනුවත් වී සිටීම ඉතාම වැදගත්.

අප මෙය වටහාගත යුත්තේ මොන ආකාරයෙන්ද?

අප සම පිළිබඳ විමසා බැලුවහොත් පැහැය සහ ක්‍රියාකාරීත්වය අනුව ද අපට අපේ සම වර්ග කරන්නට පුළුවන්. පැහැය අනුව සම වර්ග කරනවා නම් සුදු පැහැති සම, තළෙළු සම සහ කළු පැහැති සම වශයෙන් වර්ග කිරීමට හැකිවෙයි.

සමේ පිහිටා ඇති මෙලනින් වර්ණකයේ ප්‍රමාණය අනුව අපේ සමේ පැහැය ස්වභාවික ලෙස තීරණය වෙයි. සුදු පැහැති සමක් හිමි අය පිළිබඳ සිතුවහොත් එවන් අයකුගේ සමට වඩා කළු පැහැති සමක් ඇති අයකුගේ සමේ මෙලනින් වර්ණකය වැඩියෙන් පිහිටා තිබෙයි.

මෙහිදී මෙලනින් වර්ණකය වැදගත් වන්නේ ඇයි?

මෙලනින් වර්ණකය නිසා ඕනෑම අයකුගේ සමට

 සම වර්ග කිරීම

හිරුඑළියට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරවයි.

අපි දැන් බලමු අපේ සම වර්ග කොට දැක්විය හැක්කේ කෙසේද කියා.

ඔබට තිබෙන්නේ නෝමල් ස්කින් එකක් වශයෙන් නම් ඔබේ සම සාමාන්‍ය සමකි.

බොහෝ අයට සාමාන්‍ය සමක් හිමිවන අතර එවන් අයගේ සමෙහි පැහැදිලි බවක් සහ නිරෝගිමත් බවක් දක්නට ලැබෙයි. සාමාන්‍ය සමක් බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ආදිය දක්නට නොවෙයි.

ඔබට වියළි සමක් හිමි වී තිබෙනවා නම් එය හඳුනාගත හැක්කේ කුමන ලක්ෂණ අනුව ද?

වියළි සමක (Dry Skin) බොහෝ විට ඉරි තැලුණු ස්වභාවයක් දක්නට ලැබෙයි. එමෙන්ම කට සහ නාසය දෙපස සම ඝන ස්වභාවයක් පෙන්නුම් කරයි.

සම ඉක්මණින් වියපත් බවක් දැක්වීමත් රැලි වැටීමේ හැකියාවක් ද පවතින අතර වියළි සමේ තෙතමනය අඩු වෙයි.

මෙවන් අයගේ නාසය දෙපස සහ නිකටේ සුදු ලප හෙවත් වයිට් හෙඩ්ස් දක්නට ලැබෙයි. සම මත නියපොත්තෙන් ඉරක් ඇන්දොත් සුදු පැහැති ඉරි සමෙහි මතුවන ස්වභාවයක් දක්වයි. වියළි සමක දීප්තිමත් බවක් දක්නට නොලැබෙයි.

තෙල් සහිත සමක ස්වභාවය කෙබඳු ද?

මෙවන් සමක නිතර තෙල් මතුවූ ස්වභාවයක් දක්නට ලැබෙයි.

ඔබ ඔබේ මුහුණෙහි සම අල්ලා බැලුවහොත් එහි තෙල් මතුවී ඇති ස්වභාවය ඔබට වටහා ගතහැකිවෙයි.

මේ ආකාරයෙන් සමේ තෙල් ගතිය වැඩිවීම නිසා වැඩි වශයෙන් කුරුලෑ මතුවීම සිදුවිය හැකියි.

එපමණක් නොව මෙවන් සමක ඉතාමත් පහසුවෙන් කුණු දූවිලි ආදී අපද්‍රව්‍යයන් තැන්පත් වීමේ හැකියාව වැඩිවීම නිසා එම තෙල් ගතියත් සමඟ විසබීජ රැඳීමේ හැකියාවත් බැක්ටීරියා ආසාදනයවීමත් නිසා බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් පහසුවෙන් ඇතිවන්නට පුළුවන්.

තෙල් සහිත සමේ කහපාටට හුරු පැහැයක් දක්නට හැකි අතර තෙල් මතුවීමේ ස්වභාවය නිසා දිලිසෙන ගතියක් පෙන්නුම් කරයි.

Oily Skin  වශයෙන් අප හදුන්වනු ලබන්නේ තෙල් සහිත සමයි.

අප දැන් සාමාන්‍ය සම (Normal Skin),, වියළි සම (Dry Skin) තෙල් සහිත සම(Oily Skin) පිළිබඳ විමසා බැලුවෙමු. බොහෝ විට සංවේදී සම එසේත් නැත්නම් Sensitive Skin  වශයෙන් පැවසුවොත් එවන් සමක් හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද යන්න ඊළඟට විමසා බලමු.

සංවේදි සමක් ඔබට හිමිවි තිබෙනවා නම් ක්‍රීම් වර්ග, පැක් වර්ග ආදී ආලේපන ගැල්වූ අවස්ථාවන්හිදී සමෙහි රතුවීමක් සහ බිබිලි මතුවීමක් පෙන්නුම් කරයි.

කිසියම් දෙයකට සීරීමෙන් හෝ නිය වැදීමෙන් වුවද සම ක්ෂණිකව රත්පැහැයක් දක්වයි.

ඇතැම් ආලේපන තැවරූවිටදී දැවිල්ලක් ඇතිවිය හැකියි. සංවේදී සමක් වෙත්නම් අලේපන ගැල්වීමේදී මෙන්ම සමට සත්කාර කිරීමේදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි.

ඉහත කී ආකාරයෙන් ඔබට කුමන වර්ගයකට අයත් සමක් හිිමවුවත් ඔබේ සමේ ස්වභාවයට අනුව ගැළපෙන ආලේපන තෝරා ගැනීම වඩාත් වැදගත් වෙයි.

බොහෝවිට සම අනුව භාවිත කළ හැකි සමේ ස්වභාවයට ගැළපෙන ආලේපන ආදිය පහසුවෙන් තෝරා ගැනීමේ හැකියාව ඇති නිසා සමේ ඇතිවන ගැටලු වළක්වා ගන්නට ඔබට හැකිවේවි.

  

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

 හසිනි ගුණසේකර

594 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න