තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 15:19

සීනිවලින් ලස්සන වෙමු විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(2 මනාප)
සීනි කියන්නේ ආහාර රසවත් කරන්න යොදා ගන්නා අමුද්‍රව්‍යයක් පමණක්ම නොවෙයි. සීනිවලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රමත් තිබෙනවා.

 

මේ ක්‍රම අනුගමනය කළොත් සැලුන් එකකට නොයා ගෙදරදීම රූපලාවණ්‍ය සත්කාර කර ලස්සන වෙන්නත් පුළුවන්. සීනිවල අහිතකර රසායන අඩංගු නොමැති නිසා සෞඛ්‍යාරක්ෂිතයි.

ඔබේ දෙතොල පැහැපත් සහ සුමුදු කර ගැනීමට

ඔබේ දෙතොල් අව පැහැ වෙලාද? එහෙනම් කළ යුත්තේ සීනි තේ හැන්දකට වතුර තේ හැඳි භාගයක් මිශ්‍ර කර ගැනීමයි. ඔබේ ඇඟිල්ල ඒ ද්‍රාවනයෙන් තෙමා ගෙන දෙතොල්මත ඇඟිල්ල තබා රවුමට දෙතොල හොඳින් සම්බාහනය කරන්න. එවිට දෙතොලේ මැරුණ සම ඉවත් වෙනවා. පැහැපත් සහ සුමුදු දෙතොලක් ඔබට ලැබෙනවා නොඅනුමානයි.

ශරීරය ස්ක්‍රබ් කරන්න

ඉදුණු කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩිකරන්න. එයට සීනි හැඳි තුනක් පමණ එකතු කරන්න. එය හොඳින් මිශ්‍ර කිරීමෙන් ගුණාත්මක ස්ක්‍රබ් එකක් සකසා ගන්න පුළුවන්. එය සමෙහි ආලේපකර හොඳින් අතුල්ලන්න. මැරුණු සම ඉවත් වී ශරීරය පැහැපත් වී යයි. මේ සත්කාරය සතියකට වරක් කිරීමෙන් ශරීරයේ සෑම තැනක්ම එකම පැහැයක් ගනීවි.

අවපැහැ ගැන්වී ඇති කලවා, වැලමිට සහ උරහිස් පැහැපත් කර ගැනීමට

ඔලිව් තෙල් මේස හැන්දකට සීනි තේ හැඳි දෙකක් මුසුකර අදාළ ස්ථාන හොඳින් ස්ක්‍රබ් කරන්න. එවිට අවපැහැ සම ඉවත්වී පැහැපත් බවක් ගෙන දෙයි.

කකුල්වල රළු ගතිය අඩු කර ගැනීමට

උණුසුම් දේශගුණයක් ඇති අපේ රටේ දෙපා ඉක්මනින් රළු වෙනවා. කුණු, දූවිලි තැවරෙනවා. හොඳම දේ තමයි පෙපර්මින්ට් තෙල් ස්වල්පයකට සීනි ස්වල්පයක් එකතුකර සම්බාහනය කරන එක. එවිට කකුල්වල ඇති රළු බව නැතිවෙනවා වගේම සිසිලසකුත් සනීපයකුත් ලැබෙනවා.

දෑත් පිරිසුදු කරගැනීමට

දවසම වෙහෙසෙන දෑත් තමයි වැඩියෙන් අපිරිසුදු වෙන්නේ. ඇඟේ ගාන බොඩි වොෂ් එකට සීනි ස්වල්පයක් දමා, දෑතට ගෙන දෑත් හොඳින් අතුල්ලන්න. පහසුවෙන්ම දෑත් පිරිසුදු වෙනවා. මුහුණ කොතරම් සුන්දර වුවත් දෑත් අවලස්සන නම් ඔබේ සුන්දරත්වයට එය ලොකු හානියක් වෙනවා.

දෙපාවල රෝම ඉවත්කළ පසු සම සුමුදුව තබා ගැනීමට

ඔබ රෝම ඉවත් කරන්න භාවිතා කරන්නේ රේසරයක් නම් සමේ රළු වීමක් ඇති වෙනවා. එය මැඩලන්න හොඳම බෙහෙත තමයි සීනි කියන්නේ. රෝම ඉවත් කිරීමෙන් පසු සීනි ස්වල්පයකට වතුර බින්දු කිහිපයක් එක්කර කකුල්වල තවරා හොඳින් රවුමට සම්බාහනය කර බලන්න. සමේ මැරුණ සෛල ඉවත් වී සම සිනිඳු කරනවා. හරියට වැක්ස් කරා වගේ. වියදමකුත් නැහැ.

අත් දෙකේ තරුණ බව රැක ගැනීමට

ඔලිව් තෙල් සහ සීනි සම ප්‍රමාණවලින් මිශ්‍ර කර විටමින් ඡ් කරලක් එයට කඩා දමන්න. ඉන් පසු අත් දෙක හොඳින් ස්ක්‍රබ් කරන්න. පැය භාගයකින් සෝදා දමන්න. අත් දෙක වඩාත් ලස්සනව තබා ගැනීමට මේ සත්කාරය සතියට දෙපාරක් කරන්න.

1142 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 15:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න