තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 දෙසැම්බර් 11, සඳුදා 15:15

කුරුලෑවලට නොවරදින ප්‍රතිකාර මෙන්න විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
පුරසඳක් මෙන් අපූරුවට සුදිලෙන සුදු මුදු මුහුණ අවලස්සන කරන්නට ලප, කැළැල්් වාගේම කුරුලෑත් දායක වේවි. විශේෂයෙන්ම තරුණ වයසේ පසුවන ගැහැනු දැරිවියන්ගේ වාගේම පිරිමි දරුවන්ගේත් සොඳුරු මුහුණු මේ කුරුලෑ නිසා අඳුරු පැහැයක් ගන්නා අතර ඒ හේතුව නිසා ඔවුහු මහත් පීඩාවට පත්වෙති.

 

 

ගැටවර වයසේ දී ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම එකලෙස ගැටලුවක්ව පවතින මේ කුරුලෑ මතුවීම පිළිබඳ ආයුර්වේදයේ නම් සඳහන් වන්නේ පිත් දෝෂයේ විකෘතිවීමක් වශයෙනි.

තරුණ විය එහෙමත් නැතිනම් යොවුන් විය යනු මේ පිත් දෝෂය වැඩි වශයෙන් පෙන්නුම් කරන අවධියකි.

ඒ නිසාමදෝ තරුණ දුවා දරුවන්ගේ ඇතැම් දඟකාර හැසිරීම් රටා දකින අපේ වැඩිහිටියන් “පිත් ගාය හැදිලා, පිත ඇවිස්සිලා” යැයි පවසනු ඔබට ඇසී ඇති.

අපගේ දින චර්යාවේ යම් ඇවතුම්, පැවතුම්, ආහාර පුරුදු ආදිය නියමිත ආකාරයට සිදු නොවීම එහෙමත් නැතිනම් ප්‍රකෘතියෙන් වෙනස් වීම මෙලෙස කුරුලෑ සහ වෙනත් ගැටලු මතුවීමට මූලික වේ.

කුරුලෑ මතුවීමට හේතුවන වැරැදි

* අධික තෙල් සහිත ආහාර, මස් වර්ග, උෂ්ණාධික ආහාර ආදිය වැඩි වශයෙන් භාවිතයට ගැනීම

*තෙල් ස්වභාවය අධික ආලේපන භාවිතය

* උණුසුම තරමක් වැඩි ස්ථානවල එනම් තද හිරුඑළියේ, මුළුතැන්ගෙයි ළිප අසල වැඩි වේලාවක් ගතකිරීම

* දූවිලි, දුම්, කාබන් ආදිය වැඩි වශයෙන් ගැවසෙන එළිමහන් පරිසරයේ සම, මුහුණ නිතර නිරාවරණය වනපරිදි රැඳී සිටීම.

* කුණු, දුවිලි තැවරුණු අපිරිසුදු දෙඅතින් නිතර නිතර මුහුණ ස්පර්ශ කිරීම.

* මුහුණ, සම නිසි ලෙස පිරිසුදු නොකිරීම.

* සමට හිතකර නොවන මේකප් භාවිතය සහ ඒවා විධිමත්ව ඉවත් නොකිරීම.

ත තරුණ වියේ දී ඇතිවන හෝමෝන බලපෑම මෙන්ම ශාරීරික සෞඛ්‍ය ගැටලු.

ඉහත සඳහන් කළ බොහොමයක් හේතු කාරණා නිසා කුරුලෑ මතුවීම සිදු වේ.

ආයුර්වේදයේ දී “මුඛ දූෂිකා, යෞවන පීඩකා” වැනි නම්වලින් ද මෙම කුරුලෑ හඳුන්වන අතර එය ඒජදඥ ඍභතඨචපඪඵ නම් වේ.

මුහුණට පමණක් නොව මනසට ද දැඩි පීඩාවක් ගෙනෙන මේ කුරුලෑ තත්ත්වය ඉහත සඳහන් වැරැදි ක්‍රියාවන් අනුගමනය නොකිරීම හරහා පාලනය කරගත හැකියි.

ඊට අමතරව ආයුර්වේද ප්‍රතිකාර ඇසුරෙන් ඉතා පහසුවෙන් සුවකර ගත හැකි වේ.

කුරුලෑ සෑදීම වළක්වා ගැනීමට සහ දැනට පවතින කුරුලෑ තත්ත්වය සමනය කරගැනීමට පහත සඳහන් අත් බෙහෙත් ඔබට උපකාරී වේවි.

මෙහි දී ඔබේ කුරුලෑ හටගැනීම මූලික අවස්ථාවේ පවතියි නම් එනම්, මුහුණේ රත් පැහැගත් කුරුලෑ 4 - 5 ක් මතු වී ඇත්නම්, බ්ලැක් හෙඩ්ස් බහුලව දකින්නට ලැබෙයි නම් පහත සඳහන් ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකියි.

එසේ නොවී මුහුණ පුරාම තරමක් විශාල ප්‍රමාණයේ ගෙඩි සහිතව කුරුලෑ හටගෙන ඇත්නම් මෙම අත් බෙහෙත් සඳහා යොමු නොවී ආයුර්වේද වෛද්‍යවරයකු හමුවන්න.

එමඟින් සිරුර අභ්‍යන්තරයට සහ බාහිරව නිසි ප්‍රතිකාර ලබා ගැනීම හරහා ඔබගේ ගැටලු නිරාකරණය කරගත හැකි වේවි.

නිවෙසේ දී කළහැකි ප්‍රතිකාර

01. දිනපතාම උදෑසන සහ සවස් කාලයේ නිරතුරුවම නිවෙසින් බැහැරට ගොස් ආපසු පැමිණි අවස්ථාවේ දී ද මෘදු සේදුම්කාරකයක් යොදා ගනිමින් මුහුණ සෝදන්න.

මෙහිදී හැකිතරම් පිරිසුදු ජලය භාවිත කරන්න.

02. වෙනිවැල්, අමුකහ, කොහොඹ කොළ ආදිය පිරිසුදු මුට්ටියකට දමා ජලය ද දමා තම්බාගන්න.

අනතුරුව මෙම ජලයෙන් මුහුණ සෝදන්න. මුහුණ පිසදමන්න එපා. තෙත වියළෙන්නට හරින්න.

03. රත් හඳුන් - දෙහි යුෂ බිංදුවක් සහ මීපැණියෙන් ගලගා මුහුණේ ආලේප කරන්න.

04. හීන් උඳුපියලිය - අමුකහ සමඟ සම සමව ගෙන හොඳින් අඹරා ගන්න. අනතුරුව කුරුලෑ පවතින ස්ථානවල ආලේප කරන්න.

2789 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 11, සඳුදා 15:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න