තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 දෙසැම්බර් 27, බදාදා 09:55

සම දීප්තිමත් කරනතෙල් වර්ග විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
සෑම කාන්තාවකගේම කැමැත්ත දීප්තිමත් සමක් හිමිකර ගැනීමයි. මේ සඳහා විවිධ ආකාරයේ තෙල් භාවිත කළ හැකියි. එසේ සම දීප්තිමත් කිරීමට අත්‍යවශම තෙල් වර්ග කීපයක් ගැනයි මේ විපරම. මෙම තෙල් වර්ග මඟින් සමේ දීප්තිමත් භාවය වැඩි කොට සමේ ඇති ඵබපඥබජඩ ථචපඬඵ නැති කරවයි.

 

සඳුන් තෙල්

 

සඳුන් තෙල් විවධාකාරයේ ආලේපනයන් සෑදීමේදී භාවිත කරනු ලබන්නේ එහි ඇති සම දීප්තිමත් කිරීමේ හැකියාව නිසාවෙනි. එමෙන්ම මෙමඟින් සම පැහැපත් කරවන අතර, තරුණ පෙනුම ද රැක දේ.

 

ලැවෙන්ඩර් තෙල්

ලැවෙන්ඩර්වල අසාමාන්‍ය සුව කිරීමේ හැකියාවක් ඇත. මෙමඟින් සම මත ඇතිව තිබෙන වළවල් සුව කරනු ලබයි. පිරිසුදු සම මත දිනපතා මාසයක කාලයක් ලැවෙන්ඩර් ඔයිල් ආලේප කිරීමෙන් දීප්තිමත් සමක් ලබාගැනීමට හැකියාව ලැබේ.

 

Cedarwood Oil

දේවදාර ගස්වල සාරයෙන් නිපදවනු ලබයි. මෙමඟින් සමට දීප්තියක් එක්කරන අතර, සම මත ඇති පැල්ලම් දුරු කරවයි.

 

නෙරලි තෙල්

නෙරලි තෙල් සම සුදු කරවයි. තෙල් සහිත සමට කුරුළෑ හා ලප කැළැල් නැති කරවීමට උපකාරී වේ. මෙම තෙල් වර්ගය දීප්තිමත් සමක් හිමිකරදෙන අතර, වයස්ගත වීම ද ප්‍රමාද කරවයි. මෙය ලිපියේ සඳහන් අනෙකුත් තෙල් වර්ග සමඟ මිශ්‍ර කර ද භාවිත කළ හැකියි.

 

රෝස තෙල්

පැහැදිලි දිදුළන සමක් ලබා දේ. ඕනෑම ආකාරයක සමකට භාවිත කළ හැකයි. නින්දට යාමට පෙර දිනපතා රාත්‍රියට රෝස තෙල් තවරා සම මසාජ් කර උදෑසන සෝදා හරින්න.

 

 

අන්තර්ජාලය ඇසුරිනි

 

 

 

 

 

3148 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 27, බදාදා 09:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න