තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 දෙසැම්බර් 27, බදාදා 09:59

පිම්පල් ඇති වෙන හැටි හරියටම දන්නව නම් වළක්වා ගන්න එක සිම්පල් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
සමේ ඇතිවන ගැටලු අතරින් අපි බහුලව දකින දෙයක් තමයි කුරුලෑ නැත්නම් පිම්පල් කියන්නේ. මෙම ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕන නිසා, මෙය හිතට වදදෙන පීඩාකාරී තත්ත්වයක් නිසා හිතෙන හිතෙන විදිහට ප්‍රතිකාරයන් කරන්නට ගිහින්, මේ අය මුලාවේ වැටෙන අවස්ථාවන් බොහොමයි.

 

මෙන්න මේ නිසා තමයි ඔබ මේ ගැන නිවැරැදි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ ගැන දැනුවත් වී කටයුතු කිරීම වැදගත් වන්නේ. අප කුරුලෑ ඇතිවන ආකාරය ගැන කතා කරමු.

කුරුලෑ ඇති වන්නේ සමේ තිබෙන තෙල් ග්‍රන්ථි ආශ්‍රිතවයි. ඕනෑම තෙල් ග්‍රන්ථියක් රෝම කූපයක් හා සම්බන්ධයි. සමේ අපද්‍රව්‍ය විෂබීජ නිසා රෝම කූප පිටතට විවරවන සිදුරු වැහෙන්න පුළුවන්. මෙය කළු පැහැති තිත් ආකාරයෙන් දැකිය හැකි අතර ‘බ්ලැක් හෙඩ්’ වශයෙන් අප හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. මෙම බ්ලැක් හෙඩ්ස් කුරුලෑවල මූලික අවස්ථාවයි. බ්ලැක් හෙඩ්ස් ඇති වු විට රෝම කූප අවහිරවීම නිසා ඇතුළතින් එන තෙල් විවරය ආසන්නයේ නවතිනවා. එය එසේ නැවතුණු විට පරිසරයේ වෙනස්කම් සමඟ මේවා ගල් වෙනවා. එය අප හඳුන් වන්නේ ‘කොමිඩෝන්’ එකක් වශයෙන්. ‘කොමිඩෝන්’ එකක් හඳුනා ගැනීම ඉතාම පහසුයි.

ඔබේ අතින් කුරුලෑවක් කැඩුණු අවස්ථාවක මඳක් ඝනකම ඇති සූදුරු ඇටයක ප්‍රමාණයක කොටසක් පිටතට එන ආකාරයක් ඔබ දැක ඇති. බොහෝ විට සැරව පිරී තිබෙන්නේ මෙයට යටින්. සමෙහි ඇති විෂබීජ මෙම ‘කොමිඩෝන්’ එක හරහා ඇතුළු වී ආසාදනය වී පැසවන්න පුළුවන්. එසේ පැස වූ විට එය මතුපිටින් දිස්වනවා. ‘වයිට් හෙඩිස් ඇක්නි’ වශයෙන් අප හඳුන්වන්නේ මෙයයි. මෙය තවදුරටත් එහා ගිය විට සැරව ගෙඩි බවට පත්වනවා. සමේ බ්ලැක් හෙඩ්ස් තිබුණත් වයිට් හෙඩ්ස් තිබුණත් ඇක්නි තිබුණත් එම තත්ත්වයන් සෑම එකක්ම අප පවසන්නේ කුරුලෑ වශයෙන්. මේ ආකාරයෙන් කුරුලෑ අවස්ථා හතරක් පහක් පමණ අපට හඳුනා ගන්නට පුළුවන්.

 

කුරුලෑ එන්නේ ඇයි?

 

බොහෝ විට කුරුලෑ ඇතිවන්නේ එකම වයස් කාණ්ඩයක පසුවන අය අතර බව අප දන්නවා. තරුණ තරුණියන් අතරයි මෙය බහුලව දක්නට ලැබෙන්නේ. මොකක්ද එයට හේතුව?

එයට හේතුව තෙල් ග්‍රන්ථිවල වැඩිපුර තෙල් නිෂ්පාදනය වීම සිදු වන්නේ මෙවැනි වයස් කාණ්ඩයේ අය අතරවීමයි. ඔවුන්ගේ තෙල් ග්‍රන්ථීවල වැඩිපුර තෙල් නිෂ්පාදනය වීමට හේතුව ඇන්ඩ්‍රජන් හෝමෝනය වැඩිවීමයි. ඇන්ඩ්‍රජන් හෝමෝනය වැඩි අයගේ කුරුලෑ ආශ්‍රිතව තිබෙන තෙල් ග්‍රන්ථිවල තෙල් නිෂ්පාදනය වැඩියි. එම නිසා කොමිඩොන් ඇතිවීම, අවහිර වීම ගෙඩි සෑදීම වැඩි වශයෙන් සිදුවන්නට පුළුවන්.

අනෙක් කරුණ නම් නිතර සිරුර සම හිරු එළියට නිරාවරණය වීමයි. බොහෝ විට තරුණ ළමයි ආවරණයකින් තොරව අව්වේ යනවා. අව්වට වැඩි වශයෙන් නිරාවරණය වන්නේ මුහුණයි. නිතර අව්වේ යාම නිසා ද කුරුලෑ ඇතිවීමට ඇති හැකියාව වැඩි වෙන්න පුළුවන්. මේ දේවල් තමයි කුරුලෑ ඇතිවීමට හේතු වන්නේ. නමුත් නිතර අපිරිසුදු අත්වලින් මුහුණ අල්ලනවා නම්, පිහිදානවා නම්, දුහුවිලි අධිකව ඇති ස්ථානවල රැඳෙනවා නම් ඒ බාහිර පරිසරයේ තිබෙන දරුණු විෂබීජ සමේ තැවරිලා ඒවා තෙල් ග්‍රන්ථි ඇතුළට යාමෙන් වඩාත් හානිකර ආසාදන ඇතිවන්නට පුළුවන්.

 

ප්‍රතිකාර ඇත

 

කුරුලෑවලට ප්‍රතිකාර සිදු කිරීමේදී අනුගමනය කෙරෙන කිසියම් ක්‍රමවේදයක් තිබෙනවා ද?

කුරුලෑවලට ප්‍රතිකාර කිරීම ක්‍රම තුනකට අනුව සිදු කරන්න පුළුවන්. එකක් තමයි ඒ මොහොතේ තිබෙන සංකුලතාවයට ප්‍රතිකාර ලබාදීම. එනම් එම අවස්ථාවේ ඇති සැරව ගෙඩිවලට, සමේ තියෙන ඉදිමුවට කැසීම හෝ රතු වී තිබීම ආදියට ප්‍රතිකාර ලබා දිය හැකියි. නමුත් ඒ ආකාරයෙන් ප්‍රතිකාර කළ පමණින් සම ඇතුළේ තිබෙන කුරුලෑ ග්‍රන්ථි සහමුලින්ම නැති වන්නේ නෑ.

දෙවැනි කාරණාව නම් තෙල් ග්‍රන්ථි ඇතුළත තිබෙන විෂබීජ මර්දනය කරන්නට, තෙල් සෑදෙන එක අඩු කරලීමට ඖෂධීය ප්‍රතිකාර ලබාදිය හැකියි. මෙහිදී විෂබීජ නාශක ලබාදීමට සිදුවනවා. බොහෝ විට තෙල් ඇති වන්නේ හෝමෝන නිසයි. එම නිසා මෙහිදී හෝමෝන පාලනය වන ඖෂධ පාවිච්චි කරන්නට සිදුවනවා. මුහුණේ වියළිභාවය වැඩි නම් සමේ තෙතමනය ආරක්ෂා වන ඖෂධ ලබාදීම අවශ්‍යයි. ශරීර අභ්‍යන්තරයට මේ ආකාරයේ ක්‍රමවේද භාවිත කරන්නට සිදුවනවා. අප මෙහිදී තුන්වැනි ක්‍රමය සඳහන් කළොත් ඉහත කී ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් නොවන්නේ නම් එතැනින් එහාට වඩාත් සංකීර්ණ ප්‍රතිකර්ම ක්‍රම භාවිත කිරීම අවශ්‍යයි. එම සංකීර්ණ ප්‍රතිකාරවලදී අප බොහෝ විට යොදාගනු ලබන්නේ ඊස්තටික් රූපලාවණ්‍ය ප්‍රතිකාරයි. මේ මඟින් කුරුලෑ නිසා වන සංකූලතාවයන්ට ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ලබා දිය හැකියි.

මෙහිදී අනිවාර්යයෙන්ම කුරුලෑ ග්‍රන්ථිවල තෙල් ශ්‍රාවය අඩු වීම සඳහා ඖෂධ පාවිච්චි කිරීම කරනු ලබනවා. කුරුලෑ නිසා සමේ ඇතිවන වලවල් බහුලව ඇති ප්‍රශ්නයක්. මෙහිදී එම තත්ත්වය ඉවත්කර සමේ සුමට බව ඇති කළ හැකි ප්‍රතිකාර මෙහිදී සිදු කෙරෙනවා.

 

 

 

 

ඉහත කී මේ කාරණා සමඟ

කුරුලෑ කැළැල් නිසා මුහුණේ දුර්වර්ණවීමක් තිබෙනවා නම් එම දුර්වර්ණතා නැති කිරීම ද වැදගත්. ඊටඅමතරව කුරුලෑ නිසා අවලස්සන පෙනුමක් ගෙන දී

ඇති මුහුණක් නිවැරැදි කරන්න එම ගැටලු ඉවත්කර සමේ පැහැදිලි පෙනුමක් පැහැපත් ස්වභාවයක් ගෙන දෙන්නට හැකියාව තිබෙනවා. එම හැකියාව ලැබෙන්නේ ක්‍රමානුකූලව සිදු කරනු ලබන ප්‍රතිකර්මයක් තුළින් පමණයි. නමුත් නැවත කවදාවත් කුරුලෑ හට ගැනීමක් නොවන බවට මෙහිදී අප පවසන්නේ නෑ. හේතුව නැවතත් සමේ තෙල් ගතියක් මතු වුවහොත් නැවත කුරුලෑ ඇති විය හැකි නිසයි. මෙන්න මේ හේතුව නිසා කුරුලෑ ඒම වළක්වාලීමේ ක්‍රමවේදයන් භාවිත කරන්නට සිදුවනවා.

සමහර විට එය ඉතාමත් සරල ‘ෆේස්වෝෂ්’ එකක් වෙන්න පුළුවන්. ඇතැම් විට එය සන්බ්ලොක් එකක් පමණක් විය හැකියි. එසේත් නැත්නම් දීර්ඝකාලීනව භාවිත කරන ප්‍රතිජීවක ඖෂධයක් වන්නට පුළුවන්. මෙය එක් එක් අයට වෙනස් විය හැකියි. මෙන්න මේ කරුණු කාරණා සමඟ බලන විට කුරුලෑ කියන දේ දුක් විඳින්න, විඳවන්න, මුහුණේ ලස්සන පෙනුම විනාශ කර ගන්නට ඕනෑ කාරණයක් නම් නෙමෙයි. ඉතාමත් සාර්ථක ප්‍රතිකර්ම මඟින් මෙයට සාර්ථක ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා.

 

 

උපදෙස් රූපලාවණ්‍ය වෛද්‍ය

ජයරුවන් බණ්ඩාර

 

 

 

2502 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 27, බදාදා 10:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න