තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 02, අඟහරුවාදා 12:56

දෙතොලින් හෙළිවන සෞඛ්‍ය ගැටලු විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
ලස්සන ගැන කතා කරද්දී තොල්වලටත් වැදගත් තැනක් හිමිවෙනවා. සුරූපී ලලනාවන්ගේ දෙතොල ඉස්සර කවියෝ උපමා කළේ නා දලුවලට. මේ දෙතොල්වල පැහැය, ස්වභාවය අපේ ලස්සනට විතරක්ම බලපාන්නේ නෑ. දෙතොල කියන්නේ අපේ සෞඛ්‍ය ගැන අපට කියන නිහඬ ඔත්තුකරුවෙක් කිවහොත් ඔබට පුදුමත් හිතේවි.මේ කියන්න යන්නේ දෙතොල්වලින් අපට සෞඛ්‍ය ගැන දෙන ඉඟි ගැනයි.

 

තද රතු දෙතොල්

තද රතු දෙතොලක් තියේ නම් කොච්චර හොඳ ද කියලා ඔබට සමහර විට හිතෙනවා ඇති.

ඒත් ඒක එහෙම්මම නෑ.

තද රතු දෙතොල අපට අනතුරු හඟවනවා අපේ අක්මාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපේ අක්මාව පමණ ඉක්මවා වෙහෙසෙනවා කියන එක.

එසේ නම් ඔබට අනිවාර්යයෙන්ම ඇල්කොහොල් භාවිතය, ක්ෂණික ආහාර, තෙල් සහිත ආහාරවලින්, චොක්ලට්වලින් ඈත්වෙලා අක්මාවට හිතකර ආහාර පරිභෝජනයට යොමුවෙන්න වෙනවා. ඒ වාගේම රාත්‍රී 11 ට කලින් නිදා ගැනීමත්, මානසික ආතතිය අඩුකර ගැනීමටත් වගබලා ගන්න.

දම් පැහැ තොල්

බොහෝ විට මෙවැනි දෙතොල් ඔබට හදවත සහ ස්වසන රෝග ගැන අනතුරු අඟවනවා වීමට පුළුවන්.

සුදුමැලි, ලා පැහැති රෝස පාට, සුදු හෝ අලු දෙතොල්

රෝහල් ඇඳන් මත ඉන්න පුද්ගලයන් බොහෝමයක් අයගේ දෙතොල් මේ වගේ. මෙම දෙතොල් හිමොග්ලොබින් සහ ලේ අඩුකම කියන අනතුරු ඇඟවීමකි.

අඳුරු රතු - කළු දෙතොල්

අඳුරු රතු - කළු දෙතොල් ඔබට ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ ආබාධ පිළිබඳ සංඥාවකි. එම නිසා ආහාර ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

ස්වාභාවික රෝස පැහැ දෙතොල්

ස්වභාවික රෝස පැහැ දෙතොල් ඔබ ඉතා සෞඛ්‍ය සම්පන්න බවට ඉතා හොඳ ඉඟියකි.

 

උපදෙස් - ලලිත් ප්‍රසන්න හලබආරච්චි

 

 අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - කැලණිය

1670 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 13:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න