තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 02, අඟහරුවාදා 14:21

වියපත් බව ප්‍රකට කරන මෙලස්මා රුව වඩන අසිරිමත් වෙදකම විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
තුරුණුවිය හරිම චමත්කාරයි. දඟකාර, හැඩකාර මේ යොවුන් වියේ පුංචි පුංචි රූපලාවණ්‍ය ගැටලු මතු නොවෙනවාත් නොවේ. නමුත් තරුණවිය ගෙවී වියපත්වීම ආරම්භයේ පටන් රුව සම්බන්ධයෙන් ගැටලු බොහොමයකට මුහුණ දීමට ඔබට සිදුවේවි.

 

වියපත්වීමත් සමඟම ඇතිවන මේ ගැටලු විසඳාගන්නට තරමක් වැඩි කාල වකවානුවක් ගත වෙනවා සේම ඒ සඳහා වැඩි වෙහෙසක් ද දැරිය යුතු වේ. එබැවින් කල්තියාම අප ඒ පිළිබඳ දැනුවත් විය යුතු අතර වියපත්විය ප්‍රකට කරවන ලක්ෂණයක් වූ මුහුණෙහි හටගන්නා අඳුරු ලප කැළැල් ගැන අද අපි දැනුවත් වෙමු.

ආයුර්වේදයේ ක්ෂුද්‍ර රෝගයක් ලෙසින් දැක්වෙන මෙය නූතනයේ දී ‘මෙලස්මා’ (Melasma) නම් වූ රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත.

හඳුනාගන්නේ මෙහෙමයි

මෙලස්මා ඇතිවන්නේ කාන්තාවක හෝ පුරුෂයකුගේ මැදිවිය පසුකර යන සීමාවේදීය. එය සාමාන්‍යයෙන් අවුරුදු 40 - 45 ත් අතර වයස් සීමාවයි. මෙය ගැහැනු, පිරිමි භේදයකින් තොරව මුහුණේ කම්මුල් දෙපස, නළල දෙපස, නාසය, නිකට ආදී ස්ථාන ආශ්‍රය කරගෙන පැතිරීම සිදුවේ. පැහැපත් සමක් සහිත පුද්ගලයකුට වඩා මඳක් අඳුරු වර්ණයක් සහිත සමක් ඇති කෙනකුට මෙම මෙලස්මා තත්ත්වය ඇතිවීමේ හැකියාව වැඩියි. එමෙන්ම මෙය ප්‍රවේණිගතව එනම් මවුපියන්ට තිබේ නම් දරුවාට ද ඇතිවීමේ හැකියාව වැඩිය. අපේ සමාජයේ වැඩිහිටියන් අතර මෙය අපල කාලයට හටගන්නා දෙයක් වශයෙන් දුර්මතයක් පවතින නමුදු සත්‍ය ලෙසට මෙය සමෙහි වර්ණයෙහි සිදුවන වෙනස්කමක් ලෙස ඔබ හඳුනා ගත යුතුයි. සෑම අවස්ථාවකම මෙලෙස ඇතිවන අඳුරු කලාපයන් හී සීමාව අක්‍රමවත්ය. එමෙන්ම සමමිතික වේ. කුඩාවට තිත් වශයෙන් හෝ තරමක ලප වශයෙන් ආරම්භවන මේ මෙලස්මා අනතුරුව සමමිතිකව පැතිරි යයි.

මෙලස්මා හටගැනීමට හේතු

සොඳුරු වුවන අඳුරු කරන මේ මෙලස්මා ඇතිවීමට හේතු කාරණා බොහොමයක් බලපානු ලබයි.

හිරුඑළිය

එයින් ප්‍රධානතම හේතුව බවට පත්වන්නේ හිරුඑළියයි. විශේෂයෙන්ම තද හිරු රශ්මිය වැදෙමින් වැඩි වේලාවක් එළිමහනේ වැඩ කරන පුද්ගලයන් අතර මේ තත්ත්වය බෙහෙවින් දක්නට ලැබේවි. ඒ අතරින් පිරිමි පාර්ශ්වයට වඩා ඉක්මනින් කාන්තාවන් වෙත මෙලස්මා තත්ත්වය ඇතිවේ. මෙරට වියළි කලාපයන් හී එනම් අනුරාධපුරය, උතුරු මැද පළාත්, හම්බන්තොට, මොනරාගල හා ඒ ආශ්‍රිත පළාත්වල කාන්තාවන් නිරතුරුවම මේ ගැටලුව නිසා පීඩාවට පත්ව සිටිති.

හෝමෝන විෂමතාවය

සාමාන්‍යයෙන් කාන්තාවකට වයස අවුරුදු 40 - 45 වැනි කාලසීමාවේ දී මාසික ඔසප් ක්‍රියාවලියේ තරමක අක්‍රමවත්බවක් හටගනියි. මෙහිදී සිදුවන හෝමෝන විෂමතාවය සමඟ ද මේ මෙලස්මා තත්ත්වය ආරම්භවන බවක් පෙන්නුම් කරාවි.

ගැබිනිවියේ

ඇතැම් කාන්තාවන්ට ගර්භණී සමයේ දී මෙම මෙලස්මා ඇතිවන අතර එම තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසුව ඉවත්වී යන බවක් දක්නට ලැබේවි.

විවිධ රෝගී තත්ත්ව

විවිධ කාලීන රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර ගැනීමේ දී ද මෙලස්මා තත්ත්වය ඇතිවිය හැකියි. මෙහිදී ඒ සඳහා වයස් සීමාවක් බලනොපාන අතර එම කාලයේදී වයස් භේදයකින් තොරව මෙලස්මා හටගැනීමට ඉඩ තිබේ.

ඊට අමතරව තයිරොයිඩ් හෝමෝනය හිඟවූ විට ඩ්රනධබඩරපධඤඪඵථ තත්ත්වයේ දී ද මේ මෙලස්මා ඇතිවන බව හඳුනාගෙන තිබේ.

සුවවීමට කල්ගත වේ

මෙලස්මා ඇතිවූ පසුව ඒවා සුවපත් කරගැනීම බෙහෙවින්ම කාලය ගතවන කටයුත්තකි. ඇතැම්විට මාස 5 - 6 ක් වැනි කාලයක් මේ සඳහා ගතවිය හැකියි. එබැවින් වඩා වැදගත් වන්නේ ආරම්භයේදීම තත්ත්වය වළක්වා ගැනීමයි.

ඒ සඳහා විශේෂයෙන්ම හිරු එළියේ ගතකරන කාලසීමාව අවම කරගත යුතුයි. ඔබ හිරුඑළියේ වැඩකරන කෙනකු නම් මුහුණට ආවරණයක් හෝ මුහුණට හිරු එළිය නෙවැටෙන පරිදි හිස්වැසුමක් වැනි දෙයක් පැලඳිය යුතුයි. හැකි සෑම විටම තද හිරුඑළියට නිරාවරණය නොවීමට ඔබ වගබලාගත යුතු අතර හිරුඑළියේ ගමන්කරනවිට කුඩයක් වැනි දෙයකින් ආවරණය වන්නට වගබලාගන්න.ඊට අමතරව ඉර්‍ථජ් අගය 30 ක්වත් සහිත ඉභදඵජපඥඥද වර්ගයක් තෝරාගෙන භාවිත කළහැකි නම් එය වඩාත් සුදුසුයි. මෙහිදී ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගත යුතු අතර ඉභදඵජපඥඥද නිවැරැදිව භාවිත කිරීම ඉතා වැදගත්.

මෙලස්මා තත්ත්වය මතුවීම ඉතා පහසුවෙන් සිදුවුවද එය අවම කරගැනීම තරමක් වෙහෙසකර කටයුත්තකි. එබැවින් මෙලස්මා අඩුකරන ඖෂධ පිළිබඳ අප ලබන සතියේ දැනුවත් වෙමු.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

 

 

974 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 14:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න