තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 02, අඟහරුවාදා 14:54

සොඳුරු රුවක රහස විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
අප මවු කුසෙන් මෙලොවට බිහිවන්නේ සුසිනිඳු සමක් උරුම කරගෙනමය. එහෙත් කෙමෙන් කෙමෙන් කාලය ගතවී අප තරුණ වියට එළැඹෙන විට උපතින් උරුම වූ සොඳුරු සම ටික ටික රැලි වැටී, ලප කැළැල් මතු වී අවලස්සන වෙන්නට පටන් ගනී.

 

මෙය තරුණ සිත්වලට ගෙන දෙන්නේ වේදනාවකි. විශේෂයෙන්ම මල් හී සැර වදින තරුණ අවදියේ දී තමන්ගේ රූපය ගැන වැඩි සැලකිල්ලක් වගේම උනන්දුවක් ඇති වීම සාමාන්‍ය දෙයකි.

එහෙම නම් ඔබ කළ යුත්තේ උපතින් ඔබට උරුම වූ රූපය රැකගැනීමය. එය ඉවසීමෙන් කළ යුතු කාර්යයකි. සුසිනිඳු සම ළඳකගේ රුව කියාපාන දායාදයකි. ඡවී කල්‍යාණය සැබෑවටම ඇය අන් අය අතරේ කැපීපෙන්වන දෙයකි. ඒ නිසාම අපේ ළඳුන් විවිධ ක්‍රමවලින් තම සම පැහැපත් කරගන්නට උත්සාහ කරයි. මේ අතර බොහොමයක් දෙනා නොදන්නා ක්‍රමවලින් ලස්සන වෙන්නට ගොස් තියෙන රූපයත් අහිමි කර ගනිති.

සමහරු තම රූපය ගැන සිතන්නේම නැත. එහෙත් රූපය යනු කාන්තා ඔබට අවැසිම දෙයකි. ඔබේ සැමියාගේ ආකර්ෂණය දිනාගන්නට, කාර්යාලයේ ඔබ නියුතු රැකියාවට, මේ සමාජයේ ජීවත්වන ළඳක් විදිහට ප්‍රියමනාප චරිතයක් නො තිබුණොත් හැම දේ්ම ඔබට අහිමි වෙන්න පුළුවන්. අද බොහොමයක් දේවල් රඳා පවතින්නේ පිටතින් පෙන්වන අලංකාරය අනුවයි. ඒ නිසා අපි රූපය ගැන මොනතරම් අඩුවෙන් තක්සේරු කළත් මේ සමාජය එය ඉහළින්ම තක්සේරු කරනබව මතක තබාගන්න.

ඒ නිසා ඔබ ගෘහණියක්, මවක්, බිරියක් ලෙස මොනතරම් කාර්යබහුල වුවද ඔබේ රූපය රැක ගන්නත් වැදගත් ස්ථානයක් ලබාදෙන්න. ඒ වෙනුවෙන් දවසේ කාලයෙන් පැය භාගයක්වත් වෙන් කර ගන්න. මේ කාර්යබහුල ජීවන රටාවත් සමඟ ඔබට ඔබව අමතක විය හැකියි. එහෙම අමතක වුණොත් පසුතැවෙන්න වෙන්නේ පසු කාලයේයි. මෙලෙස අමතකව ගියවිට පසු කාලයේ දී ඔබට ඔබ ගැනම දුකක් ඇතිවිය හැකියි. “මම දැන් ලස්සන නැහැ. මගේ ආකර්ෂණයක් නැහැ. හාමෝටම මාව එපාවෙලා.” ආදී අසුබ සිතුවිලි ඇතිවෙන්න පුළුවන්. එවැනි සිතුවිලිවලින් වෙන්නේත් ඔබ තවතවත් අවලස්සන වීම පමණයි.

එහෙම නම් රූපය කියන දේ රැකගන්න දැන්ම තියා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. කෙමෙන් වියපත්වන ඔබේ සමට ප්‍රතිකාර කිරීම දැන්ම අරඹන්න. දවසේ අවසාන පැය භාගය ඔබ වෙනුවෙන් වෙන්කර ගන්න. දිනපතා ඔබේ සමට ගැළපෙන හොඳ ෆේස් වොෂ් එකකින් තුන්වතාවක් පමණ මුහුණ සෝදා පිරිසුදු කරගන්න. නැත්නම් මුහුණේ එකතුවෙන කුණු, දූවිලි, දුම් ආදිය නිසා ඔබගේ මුහුණේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකියි. සතියකට වතාවක් මුහුණ ක්ලෙන්සර් කරගන්න. මුහුණේ එකතුවෙන මැරුණු සෛල ඉවත්කර ගැනීම සඳහා වෙළෙඳපොළේ ඇති ගුණාත්මක බවින් යුතු හොඳ ස්ක්‍රබ් එකක් තෝරාගන්න. මෙය සතියකට දෙවතාවක් සිදුකිරීමෙන් සමෙහි දීප්තිමත්බව දිගුකාලීනව රඳවාගත හැකියි. ස්ක්‍රබ් කිරීමෙන් පසු පැක් එකක් ගැල්වීමත් කළ යුතුයි. ඒ සමේ පෝෂණය රැක ගන්නයි. එවැනි ස්වාභාවික පැක් එකක් ඔබට නිවෙසේදීම සකස්කරගන්න පුළුවන්. නැත්නම් වෙළෙඳපොළෙන් මිලදී ගන්නත් පුළුවන්. පැක් එක ගල්වා විනාඩි 20 ක ට පසු එය සෝදා ඉවත්කර සුදුසු ටෝනර් එකක් ආලේප කරන්න. එයින් සිදුවන්නේ ඔබගේ සමේ ආරක්ෂාව සඳහා විවෘත වී ඇති රෝම කූප සියල්ල වසා දැමීමයි. අවසානයේ දී තෝරාගන්නා ලද රාත්‍රී ආලේපනය ගල්වන්න. එය ද උදෑසන අවදි වූ විගස අනිවාර්යයෙන් සෝදා ඉවත්කර ගත යුතුයි. රාත්‍රී ආලේපන භාවිතයේ දී හිරු එළියෙන් සහ ආලෝකයෙන් වැළකී සිටිය යුතුයි.

රූපය ගැන කතා කිරීමේ දී දෑත් සහ දෙපාත් අමතක කරන්නම බැහැ. ඒ සඳහා හොඳ හෑන්ඩ් ඇන්ඩ් බොඩි ලෝෂන් එකක් භාවිත කළ හැකියි. කෙසේ වෙතත් ඔබ රුව ලස්සන කරන ආලේපන මිලදී ගැනීමේ දී ඉහළ ගුණාත්මක බවක් සහිත විශ්වාසවන්ත දේවල් පමණක් ලබාගන්න. එයින් ඔබ සිතන ආකාරයට රුව ලස්සන රැකගත හැකි වේවි.

ඒ වගේම දිනපතා නාන්නට හැකි නම් එයත් ඔබේ රූපයට බලපානවා. රාත්‍රී නින්දට යන්න පෙර ඇඟ සෝදා පිරිසුදු, සැහැල්ලු නිදන ඇඳුමක් අඳින්න. පිරිසුදුකම කියන්නේ ගැහැනියකගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. එය රූපයටත් බලපෑම් කරන්නකි. එක්වරක් ඇඳි කිසිම ඇඳුමක් නොසෝදා හෝ හොඳින් අව්වේ දමා වියළා නොගෙන දෙපාරක් අඳින්න එපා. ඔබට නොදැනුණාට අවට ඉන්න අයට ඔබේ දහදිය දුගඳ දැනෙනවා. විශේෂයෙන්ම වායු සමනය කරන ලද ස්ථානවල ඉන්න විට එම දුගඳ වැඩියෙන් අන් අයට දැනෙනවා. මෙය ඔබ පිළිබඳ අයහපත් ආකල්ප ඔවුන් තුළ ඇතිකරන්නට හේතුවක් වෙනවා. දිනපතා හොඳින් හිස පීරාගන්න. හිසේ සම හොඳින් සම්බාහනය වන විට එය මුහුණේ සමටත් දීප්තියක් ගෙන දෙනවා.

 

උපදෙස් රූපලාවණ්‍ය ශිල්පිනී

ජීවනී ජයතිලක

 

 

 

3298 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 14:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න