තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 15, සඳුදා 11:48

රෝග නසන පොල් වතුර විශේෂාංග

ලිව්වේ  සමන්ති වනිගසේකර
අගයන්න
(0 මනාප)
පොල් වතුර කියන්නේ දෛනිකව නිවසේ ආහාර වේල් පිළියෙල කිරීමේදී අප භාව්තා කරන දෙයක්.

 

පොල් ගෙඩිය බිඳීමේදී වැඩි දෙනෙක් පොල් වතුර විසිකර දමනවා. නමුත් පොල් වතුරවල ඇති ඖෂධීය වටිනාකම ඔබ දන්නවනම් නැවත ඒ වරද කරන එකක් නෑ.

අද අප ඔබට කියන්නේ පොල් වතුරවල ඇති ඖෂධීය ගුණයන් පිළිබඳයි.

පොල් වතුර රුධිරයේ අධික සීනී මට්ටම පාලනය කරන අතර වකුගඩුවල ගල් ඇතිවීමේ රෝගය සඳහාද කදිම ඖෂධයකි.

එමෙන්ම පොල් වතුර දිනපතා පානය කිරීමෙන් හිසකෙස් පෝෂණය වේ.

අහාර ජීර්ණට සඳහා ඇති හොඳම ප්‍රතිකාරයක් ලෙසද වෙද්‍යවරු මෙය හඳුන්වති.

තවද මුත්‍රා ආසාදන සඳහා දිනකට පොල් වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම මුත්‍රා ආසාදන සුව කිරීමේ හැකියාව තිබේ.

එමෙන්ම එය ඉතා ඉහළ ශක්තිකාරක පානයක්ද වේ. පොල් වතුරේ ”ඹ්චභපඪජ”අම්ලය අඩංගු වන අතර එමඟින් ආහාරවල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කරයි.

සම වියළීම නිසා මැසිවිලි නඟන අයටද පොල් වතුර පානය හොඳ ඖෂධයක් වන අතර සම වියළීමේ ස්භාවයද අවම කරයි.

රාත්‍රී නින්දට යෑමට පෙර පොල් වතුර ස්වල්පයක් ගෙන මුහුණේ ඇති ළප කැළැල්වල ආලේප කර උදෑසන සෝදා හැරීමෙන් ඔබගේ මුහුණේ ඇති අඳුරු ළප ඉවත් කරන අතර වියළි ස්භාවයෙන් යුතු හිසකෙස් සඳහාඳ පොල් වතුර පානය ඉතාමත් ගුණදායකය.

විශේෂයෙන් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, සින්ක් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුරවල අඩංගුවේ.

ඒ වගේම කැලරි සහ විටමින් ‘බී’ වලිනුත් අනූනය.

මස් පිඬු ශක්තිමත් කිරීමත් අස්ථි වල ශක්තිය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර වනවා සේම ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයටද කදිම ඖෂධීය ගුණයෙන් යුතු පානයකි.

 

 

(අන්තර්ජාලය ඇසුරින්)

3064 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 15, සඳුදා 11:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න