තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 16, අඟහරුවාදා 12:21

මෙලස්මා ඇතිවීමට පෙර වළක්වාගන්න සිතන්න විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
හිරිමල් යොවුන්විය යුවතියක සතු ජීවිතයේ සුන්දරම කාලවකවානුවයි. හද පත්ලේ ආදරණීයම හැඟීම් පුබුදු කරවාලන මේ මල් සමයේ ඇය සැබෑවටම සුන්දරයි.

 

දෝර ගලායන තාරුණ්‍යයේ චමත්කාරයට එකතු වූ කෙළිලොල් ස්වභාවයත්, දඟකාරකමත් ඇයට අපූර්ව සුන්දරත්වයක් එකතු කරාවි.

ඒ විතරක් ද .... ලප, කැළැල් ආදියෙන් තොර වූ පැහැපත් සම, අලංකාරයට කඩා හැලෙන වරලස, හැඩකාර පිරිපුන් සිරුර මේ සියල්ලම ඇය හරි අපූරු සොඳුරු යුවතියක් බව ලොවට පෙන්වාවි.

දිනෙන් දින කාලය ගතවී යොවුන්විය ගෙවී මැදිවිය උදාවෙද්දී මේ සුන්දරත්වයේ සලකුණු මැකී යන්නේ අප කාටත් හොර රහසිනි. තාරුණ්‍යයේ ජවය සිඳී බිඳී හැඩකාර සිරුර තරබාරු සිරුරක් බවට පත්වෙද්දී නොකැළැල් පැහැපත් සම අවපැහැ ගනියි.

මැදිවියේ දී සමෙහි ඇතිවන මේ අවපැහැ තත්ත්වය මෙලස්මා ලෙසින් හඳුන්වන අතර එය බොහෝදෙනකුගේ මුහුණ අසුන්දර කරවන්නකි. තුරුණුවියේ සිටම මේ මෙලස්මා ඇතිවීම වළක්වා ගන්නට නොහැකි වූයේ නම් එය සුවකිරීමට බොහෝ වෙහෙස මහන්සි ගතයුතු අතර ඒ සඳහා වැඩි කාලයක් ද ගතවේ.

බ්ලීචිං කිරීම 

ඇතැම් අය විවිධ වර්ගයේ බ්ලීචිං හරහා මෙම මෙලස්මා තත්ත්වය අවම කරගැනීමට උත්සාහ කරනා බව අපි දනිමු. මෙය ඉතා පහසු කාර්යයක් ලෙස පෙණුන ද ඒ හරහා ඇතිවිය හැකි වෙනත් ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ බ්ලීචිං කිරීමට වඩා ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන සිදුකරනා ප්‍රතිකාර වඩාත් යෝග්‍ය බවකි.

වැළකී සිටීම 

මෙලස්මා ගැන කතා කිරීමේ දී එය සුව කරගැනීමට ඖෂධ සොයනවා වෙනුවට අප කළයුත්තේ මෙලස්මා ඇතිවීමට හේතුවන කාරණාවන්ගෙන් වැළකී සිටීමයි. විශේෂයෙන්ම නිතර නිතර හිරුඑළියට නිරාවරණය නොවීමයි.

ආයුර්වේදයේ හෝ දේශීය ක්‍රමවේදයන් ඇසුරෙන් හිරුඑළියට නිරාවරණය වීමේ දී ආලේප කිරීමට නිර්දේශ කළ හැකි ආලේපනයක් (ඉභදඵජපඥඥද) නොවූව ද පසුව දී භාවිතාකර ප්‍රතිඵල ලද හැකි විශේෂ සංයෝග සකසා ගත හැකියි.

මෙලස්මා සුවපත් කරගැනීමට 

දිනපතාම මුහුණ හොඳින් සෝදන්න. සමේ වියළිබව මේ කාලයේ දී මතුවීමට හැකි බැවින් විශේෂයෙන්ම කෝමාරිකා කැබැල්ලක මදය සූරාගෙන විවේකී සෑම අවස්ථාවකම එය මුහුණේ ආලේප කරන්න.

සතියකට වරක් අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් කිරීම ඉතා වැදගත්ය. ඒ සඳහා කොකුම් පොතු, වෙනිවැල්ගැට, කොත්තමල්ලි, සීනක්කාරම්, ගස්ලබු මද මේ සියල්ල සමව ගෙන මිශ්‍රණයක් සාදාගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේපකර විනාඩි 15 ක් වත් තිබෙන්නට හැර අනතුරුව සෙමෙන් පිරිමදිමින් ඉවත්කර පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

සතියේ දින 4-5 ක් වත් ශාකසාරමය පැක් එකක් පලතුරු සාරමය පැක් එකක් මුහුණට යොදන්න. ඒ සඳහා ඔබට අප ඉහත සඳහන් කළ ස්ක්‍රබ් මිශ්‍රණයම යොදා ගතහැකි අතර මෙහිදී සීනක්කාරම් යොදා නොගැනීමට වගබලාගන්න. මෙම පැක් එක ආලේපකර මිනිත්තු 40 ක් වත් තිබෙන්නට හරින්න. ඔබ පලතුරු සාරමය පැක් එකක් යොදන්නේ නම් විශේෂයෙන්ම ඉඳුණු බෙලි, තම්බාගත් වට්ටක්කා, කැරට් සහ අර්තාපල් සිහින්ව අඹරා ගැල්වීමෙන් හොඳ ප්‍රතිඵල උදාකරගත හැකියි. මෙම පලතුරු පැක් එක ඉවත් කිරීම සඳහා සාමාන්‍ය සිසිල් ජලය භාවිත කරන්න.

ඉහතින් සඳහන් කළ මෙම සත්කාර අතරතුරේ පහත සඳහන් ආහාරපාන වැඩිපුර එකතුකර ගන්න. ප්‍රතිඵල වඩාත් ඉක්මන් වේවි.

* පිරිසුදු ජලය වැඩි වශයෙන් පානය කරන්න.

* දිනපතා උදෑසන ගස්ලබු යුෂ වීදුරුවක් පානය කරන්නට පුරුදුවන්න. මෙය ගස්ලබු, බෙලි, ලාවුළු ආදී වශයෙන් වෙනස් කරගැනීමට ද ඔබට පුළුවන.

* ආහාරය සඳහා වට්ටක්කා, කැරට්, දන්දිල, පරිප්පු, තෝර පරිප්පු ආදිය, හාතාවාරිය කොළ සහ අල කැඳ, ඉරමුසු කැඳ, ගොටුකොළ, ලුණුවිල ආදිය වැඩි වශයෙන් එකතු කරගන්නට උත්සාහ දරන්න.

* ක්ෂණික කෑම වර්ග සහ ලුණු, මිරිස්, තෙල් වැඩි වශයෙන් එකතු කළ ආහාර භාවිතය අවම කරන්න.

* නිවුඩු සහල් බත් හෝ දේශීය සහල් වර්ගයක බත් ආහාරයට ගන්න.

උපදෙස්
 ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය
 ආර්. ජී. එස්. සාරංගා
  

724 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 16, අඟහරුවාදා 12:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න