තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 22, සඳුදා 15:25

රුව ගැන හිතන ඔබට ඔලිව් තෙල් වල විස්මිත ප්‍රයෝජන විශේෂාංග

ලිව්වේ  සමන්ති වනිගසේකර
අගයන්න
(0 මනාප)
ඔලිව් තෙල් කියන්නේ බොහෝමයක් නිවෙස්වල ආහාර පිසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්. ඒත් ඔලිව් තෙල් කියන්නේ රූපලාවන්‍ය කටයුතු සඳහාද භාවිත කළහැකි අමුද්‍රව්‍යයක් කියලා ඔයාලා නොදන්නවා වන්නට පුළුවන්.

 

ඔලිව් තෙල් ස්නානය

ඔබේ නාන බඳුනට ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කරන්න. සමට හිතකර ඔක්සිකාරකයන් ඔලිව් තෙල්වල අඩංගු වෙනවා. හැබැයි ස්නානය අවසානයේ ඔබේ නාන බඳුන පිරිසිදු කරන්නත් අමතක කරන්නෙපා.

තුවාල සහ සීරීම් සඳහා

වැස්ලීන් හා ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරගන්න. තුවාල හා සීරීම් සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් මෙය ඔබට භාවිතා කරන්නට පුළුවන්.

ඉරිතැළුණු සම සදහා

ඔබේ මෘදු සම වියළි සුළඟ හමුවේ වියළී ඉරි තැළෙනවා. එමගින් සමට වන හානිය ඔබ දන්නවනේ. මෙයට පිළියමක් ලෙස ඔබට ඔලිව්තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැලීම සඳහාත් මෙය ගුණදායකයි.

මේකප් ඉවත් කිරීම සඳහා

ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇතිවන විවර වැසෙන්නේ නෑ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මේකප් ඉවත් කිරීම සඳහා පුළුන් බෝලයක ඔලිව් තෙල් පොඟවා භාවිත කරන්න.

සමේ තෙතමනය සඳහා

සමේ තෙතමනය හා පෝෂණය ආරක්ෂා කර ගැනීම සඳහා ඔලිව් තෙල් භාවිත කරන්නට පුළුවන්.

සම රැලි වැටීම අවම කරයි.

ඔලිව් තෙල්වල විටමින් සී අඩංගු වෙනවා. සම වියපත්වීම පාලනය කිරීමට විටමින් සී වලට ඇති හැකියාව සනාථ වෙලයි තියෙන්නෙ. එය ඔබේ සම මෘදු කරනවා වාගේම හිරු එළියෙන්ද සම ආරක්ෂා කරනවා.

මුහුණේ සමට ගුණදෙන සත්කාරයක්

රූපලාවණ්‍ය නිෂ්පාදන රැසකම ඔලිව් තෙල් අඩංගු වෙනවා. ඉතිං ඔලිව්තෙල් භාවිත කර නිවෙසේදීම මුහුණට සත්කාරයක් හදා ගන්න පුළුවන්. අඹරාගත් පිපිඤ්ඤාා ගෙඩියකට කිරි මේස හැන්දක් හා ඔලිව්තෙල් මිශ්‍රකර ගන්න. මේ පැක් එක සාදා මුහුණේ ආලේප කරන්න.

කෙස් කලඹේ රැලි ඉවත්කිරීම සඳහා.

නෑමෙන් පසු කෙස් කලඹ හොඳින් වේළා ගන්න. පසුව ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා ගන්න. එමඟින් ඔබේ කෙස් කලඹේ ඇති අනවශ්‍ය හා බොකුටු ගතිය අඩුකර ගන්න පුළුවන්. කෙස් කලඹට ද දිස්නයක් ලැබෙනවා.

ඉස්හොරි සඳහා

නිතර හිස කැසීම සහ ඉස්හොරිවලින් ඔබ පීඩා විඳිනවාද? එහෙනම් මෙන්න විසඳුම. රාත්‍රියට කෙස් කලඹට ඔලිව් තෙල් ගැල්වීම මඟින් කෙස් කලඹට අවශ්‍ය පෝෂණය ලැබෙනවා.

තොල්පෙති සඳහා සත්කාරයක්

ඔලිව්තෙල් හා සීනි මිශ්‍රකර එම මිශ්‍රණයෙන් තොල්පෙති සම්බාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ මිශ්‍රණය ආලේප කිරීමෙන් ඔබේ දෙතොල්වල වියළි බව හා එයට මෘදු පෙනුමක්ද ලබා දෙනවා.

එක්සිමා හා කුෂ්ඨ සඳහා

ඖෂධීය ගුණ ඇති ඔලිව්තෙල් ඔබේ සමේ ඇති මෙවැනි තත්ත්වයන් සඳහා ඔබට භාවිත කරන්නට පුළුවන්. රෝග කාරක විසබීජ නිරාවරණය කිරීමේ හැකියාව ඔලිව් තෙල් වලට තියෙනවා. දිනකට දෙවතාවක් මේ සම්බාහනය කළයුතුය.

නියපොතු ආසන්නයේ හම යෑම සඳහා.

විටමින් ඊ අඩංගු ඔලිව්තෙල් කිහිප වතාවක්ම ගැල්වීමෙන් මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාව තියෙනවා.

ඇස්යට පිපුම

රෑ නින්දට පෙර ඔලිව්තෙල් ගල්වන්න. එයින් ඔබට හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

 

ෂැම්පු කිරීමට පෙර

රාත්‍රියේ කෙස් අඟට ඔලිව්තෙල් ගල්වන්න. ඉන් ඔබේ කෙස් නිරෝගී වී හානි සිදුවී ඇත්නම් ඒවාද සුවවී කෙස් කළඹ වර්ධනය වීමටද උපකාර වේ. පසුදින කෙස්කළඹ හොඳින් ෂැම්පු ගල්වා පිරිසුදු කර ගන්නටත් අමතක කරන්න එපා.

මේකප් බුරුසුව පිරිසිදු කිරීමට

සබන් හා ඔලිව් තෙල් ම්ශ්‍රකරන්න. එයින් ඔබේ මේක්අප් බුරුසුව සේදීමෙන් එහි ඇති බැක්ටීරියා ඉවත් වෙනවා සේම එහි සිනිඳු බවත් ආරක්ෂා වෙනවා.

නියමහ සඳහා

ඔබේ නියපෙළ ලස්සනට පවත්වා ගැනීම සඳහා කිහිප වතාවක්ම ඔලිව්තෙල් ගල්වන්න. ඉන් ඔබේ නියපෙළේ සෞඛ්‍යය ආරක්ෂා වෙනවා.

 

 උපදෙස් - ආයුර්වේද වෛද්‍ය

 මහේෂ් අතුරලිය

760 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 22, සඳුදා 15:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න