තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:05

සම වයසට යන්න ගත්තොත් වයස පාට හොඳටම පෙනේවි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
තරුණ පෙනුම හැමදාමත් තියාගන්න ඒ ලස්සන ඒ වගේම රැකගන්න අපි උනන්දු වෙනවා. ඒත් වයස අවුරුදු තිහ පසුවෙනවාත් එක්කම කාන්තාවකගේ සිරුරේ යම් යම් වියපත් ලක්ෂණ ඇතිවන්නට පටන්ගන්නවා.

 

මෙහිදී මුහුණේ දෙපස රින්කල්ස් ඇතිවීම, අස්වටා රැළි වැටීම , සම එල්ලා වැටීම, සම වියළිවීම සහ දුර්වර්ණ වීම වැනි දේ ඔබට අත්විඳින්නට සිදුවේවි. “මම වයසට යන්න පටන් අරගෙන” කියලා හිතට පුංචි තිගැස්මක් ඇති වුණත් ඔබ එතැන් සිට ඔබේ තරුණ පෙනුම රැකගන්නට උනන්දු වෙනවානම්, අවුරුදුවලින් වයස පසුකරගෙන ගියත් තරුණ පෙනුම දිගුකලක් පවත්වා ගන්නට ඔබට හැකියාව ලැබේවි.

සමේ වියපත් ලක්ෂණ ඇති වන විට එම තත්ත්වය පාලනය කරගනිමින් ඔබේ තරුණ පෙනුම පවත්වාගන්නට ඇන්ටිඒජින් ක්‍රීම් එක ඔබට වඩාත් උපකාරී වන ආලේපනයක් හැටියට සඳහන් කරන්න පුළුවන්.

ඒ මොන ආකාරයෙන් ද?

අපි ඇන්ටිඒජින් ක්‍රීම් වශයෙන් සඳහන් කළොත් මෙය විශේෂයෙන්ම හඳුන්වා දී තිබෙන්නේ වියපත් වීමත් සමඟම සමේ ඇතිවන වියපත් ලක්ෂණ පාලනය කර තරුණ පෙනුම පවත්වා දෙන ආලේපනයක් හැටියටයි. අප කවුරුත් දන්නවා අවුරුදු තිහ පසුවනවිට වයසත් සමඟ අපේ සමත් වයසට යාම ආරම්භ වන බව. මේ වයස් සීමාවේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් සමේ වියපත් ලක්ෂණ මතුවන්නට පුළුවන්.ඇන්ටිඒජින් ක්‍රීම් එකකින් කෙරෙන්නේ අප ඉහතින් කළ වියපත් ලක්ෂණ අවම කරදීමක්. වියපත් වන සමක බොහෝවිට දක්නට ලැබෙන ලක්ෂණයක් තමයි සම වියළීම. සමේ ඇතිවන මෙම වියළි බවත් සමඟ සම රැළි වැටීම සම එල්ලාවැටීම, සම දුර්වර්ණ වීම ඇතිවිය හැකියි. මෙම තත්ත්වයන් පාලනය කරගෙන තරුණ පෙනුමක් පවත්වා ගන්නට තමයි ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් භාවිත කළයුතු වන්නේ.

මෙවන් ආලේපනයක් භාවිත කළයුතු නිවැරැදි ආකාරය පිළිබඳ සඳහන් කළොත්?

සාමාන්‍යයෙන් ඇන්ටිඒජින් ක්‍රීම් එකක් දවසට දෙවරක් භාවිත කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙය හැමෝම කළයුතු වන්නේ මුහුණ සහ ගෙල ප්‍රදේශයේයි. ආලේපකර නිවැරැදි ආකාරයට සම සම්බාහනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්. මෙය දිවා කාලයේ දී භාවිත කිරීමෙන් අහිතකර හිරු කිරණින් සම ආරක්ෂාකර ගත හැකියි. මෙහිදී සමේ වියළිබව අඩුකර සමට තෙතමනය ලබාදී සමේ කොලජන් තන්තු ශක්තිමත් කරලීමක් සිදුවෙනවා. එම නිසා මෙය ක්‍රමවත්ව භාවිත කිරීම වැදගත්. මෙහි ප්‍රතිඵල ලබාගත හැක්කේ එය ක්‍රමානුකූලව දිනපතා භාවිත කිරීම තුළින්. හේතුව වියපත් වීමත් සමඟ සම ඉතා ඉක්මනින් වයසට යනවා. එම ලක්ෂණ පාලනය කරගන්නට අප භාවිත කරන ආලේපනය නිවැරැදිව භාවිත නොකළහොත් ඒ පිළිබඳව අඩු අවධානයකින් කටයුතු කළහොත් නිවැරැදි ප්‍රතිඵල අත්විඳින්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එය වටහා ගැනීමත් මෙහිදී වැදගත් කොට සැලකිය යුතුයි.ඇන්ටිඒජින් ක්‍රීම් එකක් අප භාවිත කරන්නේ මුහුණේ ඇතිවන වියපත් ලක්ෂණ පාලනය කරගන්නයි. නමුත් මුහුණේ වගේම එවැනි වියපත් ලක්ෂණ අත්පාවලත් ඇතිවෙන්න පුළුවන් නේද? ඒ සඳහා සැලකිලිමත් වියයුත්තේ කෙසේද?

ඒ ප්‍රශ්නය ඉතාමත් වැදගත්. මෙහිදී වැඩිදෙනෙක් මුහුණේ තරුණ පෙනුම පවත්වාගන්නට සිතනවා විනා අත් පා කෙරෙහි සැලකිලිමත් බවක් දක්වනවා අඩුයි. මේ නිසා බොහෝවිට ඒ අයගේ අත්පාවලින් වියපත් ලක්ෂණ ඉස්මතු වී පෙනෙන අවස්ථා තිබෙනවා. අත්පාවලත් එසේ වියපත් ලක්ෂණ මතුවන්නේ සමේ ඇතිවන අධික වියළි බව හේතුකොට ගෙනයි. එම තත්ත්වයන් පාලනය කරගන්නට උනන්දුවනවානම් මුහුණේ මෙන්ම අත්පාවලත් සම හොඳින් රැකගන්නට හැකියාව තිබෙනවා.

මෙහිදී කළයුත්තේ සමේ වියළි බව වළක්වමින් සමේ තෙතමනය දවස පුරාම රැකදෙන ආකාරයේ බොඩිමිල්ක් හෝ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කිරීමයි. මේවා වුවත් පාවිච්චි කළයුතු නිවැරැදි ක්‍රමයක් තිබෙනවා. එය පිරිසුදුකර ගත් සම මතුපිට තැවරිය යුත්තේ සම සම්බාහනය කරමින්. එවිට එය ඉතාමත් හොඳින් සමට උරාගෙන සමේ තෙතමනය ආරක්ෂා කරනවා. බොඩි මිල්ක් එකක් තෝරාගන්නා විට පැය 24 ක් පුරාවටම සමේ තෙතමනය රැකදීමේ හැකියාව ඇති සමේ මෘදුබව සහ පැහැපත් ස්වභාවය හොඳින් පවත්වා දෙන ආකාරයේ බොඩි මිල්ක් එකක් තෝරාගැන්මයි වඩාත් ප්‍රතිඵලදායක වන්නේ.විශේෂයෙන්ම මෙහිදී කිවයුතු දෙයක් තමයි තමන්ගේ සමේ යම් යම් වෙනස්වීම් ඉහත කී ආකාරයෙන් මතුවෙන්නට පටන්ගන්නා විටම ඒ සඳහා නිසි සත්කාර කිරීමට උනන්දුවිය යුතුබව. එසේ නොවුණහොත් සිදුවන්නේ ඔබ වෙතින් වයසට වඩා වයස පෙනුමක් මතුකර දැක්වීමයි. වියපත් ලක්ෂණ ඇතිවීමෙන් පසුව එයට යම් යම් දේ කිරීමට යනවාට වඩා එම ලක්ෂණ ඇතිවන මුල් කාලයේදීම ඒ පිළිබඳව වැඩි අවධානයක් දැක්වීමයි වඩාත් වැදගත් වෙන්නේ.

  

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාන්දනී බණ්ඩාර 

 

1299 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න