තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 පෙබරවාරි 19, සඳුදා 13:39

උඩරට මනාලියට ගැළපෙන්නේ චාම් කොණ්ඩා මෝස්තරයක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
උඩරට මනාලියක් හැඩගැන්වීමේ දී ඇයට යොදන කොණ්ඩා මෝස්තරයෙන් වැඩි ලස්සනක් මතුකර දක්වනවා.

 

විශේෂයෙන්ම උඩරට මනාලියගේ විලාසිතා චාම් පෙනුමක් ගන්නා නිසා ඇයට වඩාත් ගැළපෙන්නේ ගෙඩි කොණ්ඩය හෝ ඒ හා සමාන පෙනුමක් දක්වන කොණ්ඩා මෝස්තරයක්.

බලන්න මෙහි දැක්වෙන්නේ ද උඩරට මනාලියන්ට සුන්දරත්වය ගෙන දෙන ආකාරයේ කොණ්ඩා මෝස්තරයක්

 

කොණ්ඩය පීරා කන දෙපසින් දෙපසට කොණ්ඩය බෙදාගන්න. (ඉයර් ටූ ඉයර් ලයින්) දැන් මෙය බැක්කොම්බ්කර මෙහි පෙනෙන සේ රඳවා ගනිමින් කටුගසා ගන්න.

 

කොණ්ඩය පිටුපස කොටස කොටස් තුනකට බෙදාගන්න.

 

එහි මැද කොටස පෝනිටේලයක් සේ ගෙන වටේට කරකවා බන් එකක් ආකාරයෙන් රඳවාගන්න.

 දෙපස ඉතිරි කොණ්ඩ කොටස් දෙකෙන් කුඩා කොණ්ඩා කොටස බැගින් ගෙන ඒවාට හෙයාර් නෙට් එක බැගින් ඇතුළුකර කර්ල්ස් ආකාරයට සකසා මුලින් රඳවාගත් බන් එක වටේට තබා කටුගසන්න.

 එය රඳවාගත් පසු දිස්වන ආකාරය

 ඉන්පසුව හිස්පලඳනාවක් රඳවා අලංකාර කරගන්න.

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නිල්මිණී බණ්ඩාර

 

 ඡායා - ශාන් රඹුක්වැල්ල

2465 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 19, සඳුදා 13:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න