තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 පෙබරවාරි 26, සඳුදා 15:29

දිගු හැඩැති ඇහි පිහාටුවලට කවුද අකැමැති ? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
බෝනික්කියක් සතුව තිබෙනවා වාගේ දිගු, ඉහළට කැරකුණ, හැඩ ඇහි පිහාටු තමන්ටත් තියෙනවානම් මොන යුවතිය ද අකැමැති වෙන්නේ? නමුත් ස්වභාවික එවන් ඇහි පිහාටු හිමි යුවතියන් සිටින්නේ ඉතාම අතළොස්සක්.

 

නමුත් අපට පුළුවන් නිසි ලෙස සාත්තු කිරීමෙන් තමන්ගේ ඇහි පිහාටු අලංකාරව සකසා ගන්න.

 

ඇහි පිහාටු මත රාත්‍රියේ දී තෙල් ආලේප කිරීම

 

මේ සඳහා භාවිත කළයුත්තේ පිරිපහදු නොකරන ලද (unrefined oil)  මර්ලා (marula), , කැස්ටර්(castor)  වැනි තෙල් වර්ගයි. මෙම තෙල් දෙවර්ගයෙන්ම ඇහි පිහාටු සඳහා අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබාදෙන අතර කැස්ටර් තෙල් ඇහි පිහාටු දිගුව වැඩීමට උපකාර වනවා. පිරිසුදු ඇඟිලි තුඩුවලින් හෝ මෘදු කෙඳි සහිත කුඩා බුරුසුවකින් තෙල් ආලේප කිරීම කළයුතුයි.

 

ඇහි පිහාටු මත growth serum  එකක් ආලේප කිරීම

 

මෙමඟින් ඔබේ වියළි සහ ඉක්මනින් හැළෙන සුළු ඇහි පිහාටුවලට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා. එමෙන්ම ඇහි පිහාටු වර්ධනයට ද උපකාරී වනවා.

 

විටමින් ඕ ලබාගැනීම

 

හිසකෙස් හා නියපොතු වැඩීමට හා ශක්තිමත් වීමට මෙන්ම නීරෝගී සමක් සඳහා ද විටමින් ඕ අවශ්‍යයි. වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීම වඩාත් සුදුසුයි.

 

මස්කාරා ආලේප කිරීමට පෙර ඇහි පිහාටු ඉහළට පීරීම

 

ඔබ මස්කාරා තවරමින් ඇහි පිහාටු ඉහළට කරකවනවානම් ඇහි පිහාටු හැලී යාමේ අවදානම වැඩියි. ඒ නිසා මස්කාරා ආලේප කිරීමට පෙර ඇහි පිහාටු ඉහළට පීරීම වෙනුවෙන් සකසා ඇති බුරුසුවක් භාවිතකර ඉන් පසුව මස්කාරා ආලේප කිරීමයි කළ යුත්තේ.

එමෙන්ම ආලේප කරන ලද මස්කාරා රාත්‍රියට ඉතා හොඳින් ඉවත් කිරීම ද කළයුතුයි. මස්කාරා ආලේප නොකරන අවස්ථාවන්හි දී වුවත් ඇහි පිහාටු ඉහළට පීරීම සුදුසුයි.

 

 

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී,

ලංකා කුමාරි,

 

ලක් රූ සැලෝන්, දළුගම.

1916 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 26, සඳුදා 15:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න