තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 පෙබරවාරි 26, සඳුදා 16:14

තරුණ ජීවිත දුකින් පුරවන කුරුලෑව විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
“අනේ ඇත්තටම මේ පුංචි කුරුලෑවක් හින්දා අපේ දුව වදවෙන වදවිල්ල දැක්කහම වෙලාවකට හිනාත් යනවා.. “ඔව් අනේ... ඒකනං ඇත්ත තමයි. අපේ එක්කෙනාත් එහෙමයි. ලෝකෙම කඩා වැටුණා වගේ ඒ ගැනම අහනවා”

 

“කණ්නාඩිය ළඟට ගිහින් මූණේ ඒ පැත්ත බලනවා. මේ පැත්ත බලනවා. ඉවරයක් නෑ. මේ ළඟදී එයාට යාළුවෙක් කියලා උදේම කාටවත් කතා නොකර ගිහින් නිදිකුම්බා ගඟක් ගලවලා අරගෙන ඒකේ ඉස්ම ගාන්න කියලා. මං කිව්වා මෝඩි, නිදිකුම්බා ඉස්ම ගාන්නේ කුරුලෑවට නෙමෙයි. ඇහි පිහාටුවල හැදෙන ‘නගන’ වලට කියලා”

“දැන් කාලේ කෙල්ලන්ගේ හැටිනේ අනේ”

නෑ... අන්න වැරදුනා. අද කාලේ විතරක් නෙමෙයි. එදාත් මෙහෙමයි. එදාත් මෙහෙමම තමයි. මේ ළාබාල වයසේ දරුවෝ සමහර විට ගැහැනු, පිරිමි භේදයකුත් නැහැ. ඒක අද කාලෙට විතරක් නෙමෙයි සර්ව කාලීන පැවතුම් ලක්ෂණයක්. අපිත් මෙතනට ආවේ ඒ විසේකාර ළමා වයස පහුකරලා. අද කාලයේ වැඩිහිටි බොහෝ දෙනෙකුට ඒ විසේකාර ළමා සන්දිය අමතකයි. කුරුලෑවක් මතු උනාම අපි ඒ කාලෙ හැසිරුණු හැටි මතක් වෙනකොට හිනායනවා. හැබැයි එහෙම හිනා යන්නේ ඒ බොළඳ වයස පහුකරලා ඇවිත් ඉන්න අද දවසේදීයි. ඒ හින්දා අද අපි අපේ දරුවන්ට හිනාවෙන්න හොඳ නෑ.

කුරුලෑව කියන්නේ ළා රතුපාට නැත්නම් රෝස දුඹුරු පාටට මතුවෙන පුංචි බිබිලක්. මහ ලොකු දෙයක් නෙමෙයි. ඒත් ඒ පුංචි බිබිල මුහුණේ සුන්දරත්වයට ලොකු හානියක් කරනවා. සමහර කෙනෙකුගේ මුහුණ පුරාවට ඇතිවී තිබෙන කුරුලෑ පස්සේ කාලයකදී වගේ වගක්වත් නැතිව වාෂ්පවෙලා යනවා වගේ නැතිවෙනවා.

ඒත් තවත් සමහරෙකුගේ මුහුණ පුරා මතුවන කුරුලෑ කාලයක් යද්දී බිබිලි මතුවී, වල ගොඩැලි ඉතුරුවී, ලප කැළැල් මතුවී ඉතා අවලස්සන පෙනුමක් ඇතිකරනවා. තරුණ වයසේ දරුවන් කුරුලෑමව හින්දා සිතින් හඬා වැටෙනවා. සිහින මාලිගා පුපුරවා ගන්නවා. විභාග ප්‍රතිඵලවල පසුබෑම් ඇතිවෙනවා. සම්මුඛ පරීක්ෂණවලින් අසමත් වෙනවා. ඔවුන්ට සමාජය ඉදිරියට යාමට ඇති මාර්ග ඇහිරෙනවා.

නළු, නිළියන්, නිරූපණ ශිල්පීන්, ගායක, ගායිකාවන් සිතින් විඳවනවා. කොටින්ම කුරුලෑව කාටත් තදබල ප්‍රශ්න ඇති කරනවා. ඉතින් කොයි කවුරුත් මේ අවදානමින් ගැලවී ගතයුතුයි. ජීවිතයේ අතිශය සුන්දර තරුණ සමය ආරම්භයේ දී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිවීමත් සමඟ හටගන්නා මේ පුංචි බිබිල එදත් අදත් හැමදාමත් යෞවන සිත් කරදරයට පත්කළා. කිසිම වැදගැම්මකට නැති කුරුලෑවක් හින්දා අනාගතය අවාසනාවන්ත කරගන්නා මෝඩ යෞවන ජීවිත ගැනත් ඉඳහිට ජනමාධ්‍ය ඔස්සේ අහන්න දකින්න ලැබෙනවා. අද අපි කතා කරන්නේ තරුණ වයසේ බොහෝ දෙනකු පීඩා විඳින කුරුලෑ ගැනයි. ආයුර්වේදයේ දී මෙය යුවාන පීඩකා නමින් හඳුන්වනවා.

කුරුලෑ හෙවත් යුවාන පීඩකා හෙවත් ඒජදඥ ඍභතඨචපඪඵ නමින් හඳුන්වන්නේ වසා ග්‍රන්ථිවල මුඛය ඇහිරීම හේතුවෙන් වසා පිටවීමට නොහැකිව ඇතිවන නොයෙක් පීඩකාවන්ටයි. කුරුලෑවේ මුඛය ඇහිරීමෙන් දිරාගිය අණු සහ වසා එකට එකතුවීම හේතුවෙන් කොමිඩෝ හෙවත් කෘෂ්ණාශ්‍ර හෙවත් කුරුලෑ හිස හටගන්නවා. කුරුලෑව මිරික ®විට සුදු පැහැති වසා නුලක් මෙන් පිටවෙනවා. කුරුලෑව මිරිකා තුවාල වුවහොත් කැළලක් ඇතිවීම සිදුවෙනවා. නමුත් සමහරුන්ගේ මිරිකීමෙන් තොරව කුරුලෑ හිස ගැලවී ගියාට පසුව ද සමහරවිට කැළලක් ඇතිවිය හැකියි. කෙසේ වුවත් කුරුලෑව කැඩීමෙන් හෝ මිරිකීමෙන් වැළකී සිටීම වඩාත්ම සුදුසුයි.

“ගැහැනු ළමයෙක් යාළු කරගන්නකං කුරුලෑවක් එන්න එපා” කියලා පිරිමි ළමයි හිතනවා. “කුරුලෑවක් ආවොතින් කවුරුවත් මගේ දිහා දෙපාරක් බලන එකක් නැතිවෙයි” කියලා ගැහැනු ළමයි හිතනවා. තරුණ වයසේ දරුවන් කුරුලෑවලට වෛර කරනවා. ඒක එයාලගේ තරුණ හැඟීම් නිදහසේ විඳගැනීමට බාධාවක් කියලා හිතනවා. එහෙම නැත්නම් විරුද්ධ ලිංගික ආකර්ෂණයට කුරුලෑව බාධාවක් කියලා ඔවුන් හිතනවා. තරුණ ජවය මතුවීගෙන එන මුහුණ පුරා කුරුලෑ බිබිලි සෑදී ඒවායේ සැරව පිරී කහපාට වන විට ජැන්ඩි පහට තියෙන පෙනුම බාලවෙනවා.

ඒක ඔවුන්ට හිසරදයක් තමයි. කුරුලෑ බිබිලක් මතුවුණාම, දෙක තුන හතර ගානේ වැඩිවෙන්න ගත්තහම හිතට අමාරුයි. මුහුණ පුරා කුරුලෑ මතුවී තිබෙනවිට කම්මුලට පිටින් යමක් ඝනවට අලවා තිබෙන ලෙසට දැනෙනවා. ඒවා ටිකෙන් ටික රිදුම් දෙනවා. සමහරවිට උදෑසනේ දී මුහුණ තරමක් ඉදිමී තරමක් තඩිස්සි වී තිබෙනවා. සමහර කුරුලෑවක මුදුනෙන් සුදුපාට ස්‍රාවයක් පිටට ගලනවා. ඒවා ඇත්තටම දකින්න අකමැති දේවල් තමයි. එහෙම වුණාම හිත එකඟ කරගෙන යමක් කිරීමේ යම් අපහසුතාවයක් ඇතිවෙනවා. පොතක් බැලීමේ දී පවා යම් නුහුරු ස්වභාවයක් ඇතිවිය හැකියි. ඒ වගක් දන්න හින්දා ඔබගේ දුවගේ, පුතාගේ මුහුණේ කුරුලෑ බිබිලක් දෙකක් මතුවුණාම දෙමාපියන් විදියට ඒ ගැන හොයා බලන එක අද දවසේ දෙමාපියන් වශයෙන් ඔබ කළයුතුම දෙයක්.

කුරුලෑ මතුවීම වැඩි වශයෙන් ළාබාල, තරුණ අවධියේ දී සිදුවූවත් එය තරුණයන්ටම පමණක් සීමා වූ තත්ත්වයක් නොවෙයි. වැඩිහිටියන් අතර ද කුරුලෑව තරමක් දුරට දැකගත හැකියි. ළමා වියෙන් තරුණ වියට පා තැබීමේ දී ශරීරයේ වෙනස්කම් රාශියක් සිදුවෙනවා. කටහඬ ගොරෝසුවීම, උරහිස් පළල් වීම, පිරිමි ළමුන්ගේ දැලි රැවුල මතුවීම හා ගැහැනු ළමුන්ගේ ලැම ඉදිරියට නෙරා ඒම සිදුවෙනවා. මේ සමඟම මුහුණේ කුරුලෑ මතුවීම දැකගත හැකියි. වැඩිවියට පැමිණෙන විට පුරුෂයින්ගේ ඇන්ඩ්‍රජන් හා ස්ත්‍රීන්ගේ පොජෙස්ටරෝන් හෝමෝනය අධිකව ස්‍රාවය වීම නිසා වසා ග්‍රන්ථිවල ක්‍රියාව සහ එහි ප්‍රමාණය විශාල වීම සිදුවෙනවා. එවිට වැඩි ප්‍රමාණයක් වසා නිපදවීමෙන් ඇතිවන තෙරපීම මත වසා ග්‍රන්ථිවල මුඛය ඇහිරීමට ලක්වෙනවා. එවිට වසා පිටවීමට නොහැකිවීමෙන් ඇතිවන නොයෙක් ආකාරයේ පීඩිකාවන් කුරුලෑ හෙවත් ඒජදඥ ඍභතඨචපඪඵ නමින් හඳුන්වනවා.

මෙසේ කුරුලෑවක් ඇතිවන්නේ රෝම කූපයක් ආශ්‍රය කරගෙනයි. ඉදිමීම, රතුවීම හා සැරව පිරීම මඟින් කුරුලෑවේ ආසාදිත ස්වභාවය පිටතට හොඳින් දර්ශනය වෙනවා. නමුත් පිටතට දර්ශනය වන ප්‍රමාණයට වඩා සමට යටින් වූ පිහිටීම අනුව එය සමට වැඩි හානියක් සිදුකරන බවද දැනගත යුතුයි. මෙසේ සම අභ්‍යන්තරයට හානි සිදුවීම හේතුවෙන් කුරුලෑව පිටතින් කැඩීමක් සිදු නොවුණද සම මතුපිට සුමට බව නැතිවී පහතට එබුනු වලවල් හා කැළැල් නිර්මාණය වීමට ද බොහෝ ඉඩකඩ තිබෙනවා. කුරුලෑ ඇතිවීම සඳහා ප්‍රොපිනි බැක්ටීරියම් ඇක්නී නම් බැක්ටීරියාව හේතුවන අතර ජානමය සාධක ද බලපානවා. ජානමය හේතූන් මත එකම පවුලේ සාමාජිකයින් අතර කුරුලෑ ඇතිවීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.

කුරුලෑව හා බැඳී පවතින ඉතා අවාසනාවන්ත හා ඛේදජනකම තත්ත්වය නම් තමන් වෛද්‍යවරුන් හා සම මට්ටමේ යැයි කියාගන්න මානසිකත්වයෙන් යුත් රූපලාවණ්‍ය ශිල්පීන් කුරුලෑ ප්‍රතිකාරය තමන්ගේ නමට ලියාගෙන තිබීමයි. කුරුලෑව හා එය ඇතිවීම පිළිබඳවත් ඉන් සමට ඇතිවන බලපෑම පිළිබඳවත් නොදන්නා ඔවුන් වෙළඳ පොළෙන් ලබාගන්නා කුමන හෝ ආලේප වර්ගයක් තවරා කුරුලෑවට ප්‍රතිකාර කරනවා. එහි ඉතාමත්ම භයානක තත්ත්වය වන්නේ සමහර රූපලාවණ්‍ය ශිල්පීන් කුරුලෑ සඳහා සැත්කම් පවා සිදුකිරීමයි. එය නීති විරෝධී කටයුත්තක්. ර්ඕඕඉ උපාධිය හිමි බටහිර වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුට හා ර්ඒර්ඉ උපාධිය හිමි ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුට හැර වෙනත් කිසිවෙකුට සැත්කම් සිදුකිරීම තියා කෙනෙකුගේ ශරීරයේ සුළු පැල්මක් සිදුකිරීමට හෝ නීතිමය අවසරයක් නැහැ. මේ අන්දමින් කටයුතු කරන අය ඉතා ගෞරවනීය ලෙස රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ශිල්පින්ට ද මහත් හිසරදයක් වී තිබෙනවා.

මෙවැනි තත්ත්වයන් වළක්වා එවැනි පුද්ගලයින් හා ආයතන නීතියේ රැහැනට හසුකර දීම කාගේත් යුතුකමක් වෙනවා. මේ වෙනුවෙන් වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය සභාව ක්‍රියාශීලීව මැදිහත්වීම අගය කළ යුතුයි. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මඟින් කුරුලෑව ඉතා පහසුවෙන් සුවකරගත හැකි බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. සමාජයේ බහුතරය ඒ සඳහා යොමු නොවීම ඊට හේතුවයි. ඔවුන් මොන මොනවා හෝ ක්‍රීම් වර්ගයක් තවරා ගන්නේත් ඒ හින්දයි. කුරුලෑව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවකර ගැනීමේ දී ඒ සඳහා පැලැස්තර, ආලේප, ක්‍රීම් හා බොන බෙහෙත් ආදිය ලබාදෙනවා. මෙමඟින් කුරුලෑ සුව වනවාට අමතරව මුහුණ පැහැපත් වීම ද සිදුවෙනවා. කිසිදු අතුරු ආබාධයකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර මඟින් කුරුලෑව සුව කරගත හැකියි. ඔබත් විශ්වාසයෙන් යුතුව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා කුරුලෑ කරදරයෙන් මිදෙන්න.

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය

 

වනිගසූරිය මාවත, මොරටුව පාර, පිළියන්දල

1334 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 26, සඳුදා 16:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න