තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2013 මැයි 16, බ්‍රහස්පතින්දා 11:08

මනාලියන් ලස්සන කරන ‘ලස්සන ෆ්ලෝරා’ විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(1 මනාපය)
වසරකට වරක් එළැඹෙන මනාලියන්ගේ මංගල මල් මාසය ඔන්න ආයෙත් ඇවිල්ලා. බැලූ බැලූ අත විචිත්‍රවත් වර්ණයන්ගෙන් නේක මලින් සැරසී ගත් විවාහ මංගල්‍යයක අසිරිය මල් මාසයේ දී විඳ ගන්නට කවුරුන්ද අකැමැති.

ඒ සඳහා ඔබව මල්කමින් සනහාලන ආයතනයක් වේ නම් ඒ ලස්සන ෆ්ලෝරා ආයතනයයි. යුවතිපතීන්ගේ මංගල සිහිනයේ විසිතුරු මල් පිළිබඳ වූ සොඳුරු සිහිනය සැබෑ කිරීමට ලස්සන ෆ්ලෝරා ඇරැඹියේ 1998 පටන්ය. එදා පටන් අද දක්වාම ඔවුන් අංක එකේ මල් සැකසුම් ආයතනය ලෙසින් විරාජමානව සිටියි.

කාර්ය මණ්ඩලය දෙදෙනකු සමඟ ලසන්ත මලවිගේ ඇරැඹි ලස්සන ෆ්ලෝරා ආයතනය අද ශාඛා පහකින් කාර්ය මණ්ඩලය 105 කින් සමන්විතය. ඒ නාවල පිහිටි ප්‍රධාන කාර්යාලය හැරුණු විට මොරටුව, මීගමුව, ගෝල්ෆේස් හෝටලයේ, නුවර සහ නුවර කැන්ඩි සිටි යනුවෙනි.

විශේෂඥ වෛද්‍යවරයකු වන ලසන්ත මලවිගේ අද වනවිට විදෙස් රටවල සංචාරය කරමින්, මල් කලාව පිළිබඳ සම්මන්ත්‍රණවලට සහභාගි වෙමින්, විදෙස් රටවල මල් ප්‍රදර්ශන නරඹමින් එම දැනුම ලස්සන ෆ්ලෝරා වෙත ආදේශ කරන නිසා, දිනෙන් දින අලුත්වන මල් ලෝකයේ මිහිරියාව ඔබට ද විඳගත හැකිවේ.

හය දෙනෙකුගෙන් පමණ සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක්, ඉහළ කළමනාකාරිත්වයත්, ශාඛා කළමනාකරුවන් හා ඔවුන් යටතේ සිටින සේවක පිරිස් වශයෙන් ලස්සන ෆ්ලෝරා කාර්යය මණ්ඩලය සුසැදිය.

ලස්සන ෆ්ලෝරා තම හිතෛෂී පාරිභෝගිකයන් වෙනුවෙන් අංශ හතරක් යටතේ සේවාවන් සපයයි.

සුන්දර සිහින මවන මනාලිය ලස්සන ෆ්ලෝරා හි දැවැන්තම අංශයයි. විවිධ ආගම්වලට අනුකූලව මංගල උත්සව පැවැත්වෙන්නේ විවිධ මුහුණුවරයන්ගෙනි. නැවුම් ආශාවන් පොදි බැඳ විවාහ මංගල්‍ය දා ඒවා සියලුදෙනා හමුවේ විදහා දක්වන්නට මාස ගණනක පටන් පෙරුම් පුරන්නේ මනාලියයි. ඇය අත දරා සිටින පෝරුවේ සිට එදිනට පිවිසුම් දොරටුවේ(එඥතතජධථඥ) පටන් පෝරුව, සෙටිබැක්, පහන, කේක් හෝ කිරිබත් ආකෘතිය තබන තැන, කිරි කළ නෑවීම හෝ ෂැම්පේන් වත්කරන තැන, මේස සැරසිලි හා මංගල රථය සැරසීම සඳහා නේක වර්ණයන් ගෙන් යුතු ස්වභාවික හෝ කෘත්‍රිම මල් සැරසිලි තම සිතැඟි පරිදි සකස් කර දෙන්නට ලස්සන ෆ්ලෝරා සූදානමින් සිටියි.

වර්තමානයේ බොහොමයක් මනාලියන් තම මංගල දිනය සඳහා තේමාවන් තෝරා ගනියි. එය ඇතැම් විට පැහැයක් ද විය හැකියි. මනාලියගේ සිතේ ඇඳි දේ තම අත ඇති මුදලට සරිලන පරිදි සකස්කර දෙන්නට ලස්සන ෆ්ලෝරා සැදී පැහැදී සිටියි. ඇතැමුන් මෙතෙක් නිර්මාණය නොවූ අලුත්ම මෝස්තරයන් කොළයක ඇඳ ලබාදෙයි. එහි ප්‍රායෝගික පැත්ත සලකා බලා ඉටු කරයි. එය තම මංගල්‍යය පවත්වන තෙක් වෙනත් මංගල්‍යයක් සඳහා සාදා නොදෙන ලෙස කරන පාරිභෝගික ඉල්ලීම ද ලස්සන ෆ්ලෝරා අකුරටම ඉටු කරයි.

විවාහ මංගල්‍යයන් සඳහා දිනෙන් දින අලුත්වන මංගල සැරසිලි දායාද කරන නිසා මනාල යුවළ, ඔවුන්ගේ නෑ හිත මිතුරන්ගේ පමණක් නොව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන්නන් හා ඉහළ පෙළේ ඡායාරූප ශිල්පීන් අතර ද ලස්සන ෆ්ලෝරා ප්‍රමුඛස්ථානයේ සිටියි.

රජයේ සහ පෞද්ගලික ආයතනවලට දෛනිකව මල් සැකයීම, ඔවුන්ගේ එළිදැක්වීම් ඇතුළු නොයෙකුත් උත්සව අවස්ථා සඳහා මල් සැපයීම ලස්සන ෆ්ලෝරා හි තවත් අංශයකි.

මල් සහ ත්‍යාග යැවීමේ ක්‍රමය තවත් අංශයකි. මේ යටතේ Flowers and gifts delevery 2013 collection යනුවෙන් කුඩා පොතක් ද නිකුත්ව තිබේ.

උපන්දින සඳහා මල්, ඔහු හෝ ඇයගේ උපන් දිනය වෙනුවෙන් ආදරණීය තිළිණ, සුබ පැතුම් පත්, චොක්ලට්, අලුත උපන් දරුවන් බැලීමට යාමට මල්, සුරතල් මෘදු සතුන් (Soft toys) ඇතුළු නොයෙකුත් දේ මීට ඇතුළත්ය.

මේ සඳහා නවතම හඳුන්වාදීමක් ලෙස හැපිනස් හොට්ලයින් යනුවෙන් සතුට පැතිරවීමේ අංකය ලෙස + 94(0) 112001122 භාවිත වේ. මෙම අංකය අමතා හෝ දෙස් විදෙස් පිරිසට on line පහසුකමින් යුතු www.lassanaflora.com අඩවියට පිවිස ඔබ තෑග්ගක් ලෙස යවන දේ තෑගි ප්‍රවාහන සේවය මඟින් යැවිය හැකියි.

ලස්සන ෆ්ලෝරා සිල්ලර හා තොග වශයෙන් විවිධ අවශ්‍යතා සඳහා ස්වාභාවික හා කෘත්‍රිම මල් ලබාදීම ඔවුන්ගේ තවත් එක් අංශයකි.

ලස්සන පාටි යනු ලස්සන ෆ්ලෝරා ආයතනය සතු තවත් ආයතනයකි.

ඒ මඟින් සියලුම ආකාරයේ උත්සව සංවිධානය කරයි.

සුසිනිඳු මල් පෙත්තක ඡායාරූපයක්, කෙටි පණිවුඩයක් මුද්‍රණය කරන්නට හැකිවේදෝයි ඔබ මොහොතකටවත් සිතුවාද?

ලස්සන ෆ්ලෝරා ආයතනය නවීන පහසුකම් සහිතව එම කාර්යය ද ඉටු කරන්නේ පාරිභෝගිකයිනට තව තවත් හෘදයාංගම වෙමිනි.

පාරිභෝගිකයින්ගේ බලාපොරොත්තු ඉක්මවා යමින් මල් සැකසුම් කලාවේ ඉහළින්ම වැජඹෙන ලස්සන ෆ්ලෝරා දකුණු ආසියාවේ ධ්.ඉ.ර්‍ණ. සහතිකය දිනූ ප්‍රථම හා එකම මල් සැකසුම් ආයතනයයි.

විශේෂ ස්තුතිය – ලස්සන ෆ්ලෝරා හි වෙළෙඳ කළමනාකරු 
රුෂාන් මඩපාතගේට

 

15466 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 මැයි 16, බ්‍රහස්පතින්දා 11:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න