තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මාර්තු 12, සඳුදා 15:30

අපේ කාන්තාවන්ට ලස්සන වෙන්න කේරළ රූපලාවණ්‍ය රහස්.. විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
     සෑම කාන්තාවක සතුවම ලස්සනක් පවතී. එය සත්‍යයකි. එහෙත් ඇතැම් විට අපේ රූපයේ ගැටලුකාරී තත්ත්වයන් ද ඇති විය හැකියි. එවන් විටෙක රුව රැක ගැනීම පිණිස කොතෙකුත් දේ කිරීමට අපේ කාන්තාවෝ පුරුදු වී සිටිති.

 

බොහෝ විට මේ සඳහා ස්වභාවික ද්‍රව්‍යයන්ට වඩා භාවිත කරන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන හා ක්‍රමෝපායයන් වීම නිසා පවතින ගැටලුවට අමතරව තවත් බරපතල රෝගයන්ට ද ගොදුරු වේ.

කාන්තාව සුන්දර ය. එහෙත් සමස්තයක් ලෙස ලෝකයේ වඩාත් ම සුන්දර කාන්තාවන් සිටින්නේ කුමන රටකදැයි ඇසුවොත් බොහෝ දෙනාගේ පිළිතුර වන්නේ ඉන්දියාවයි.

ඉන්දියානු කාන්තාවන් එලෙසින් සුන්දර වීම ඇතැම් විට අපේ සිත්වලට ද ගෙන දෙන්නේ කුකුසකි. ඉන්දියානු රූපලාවණ්‍ය ක්‍රමෝපායයන් නිසා එසේ ඔවුන් රුව රැක ගන්නා බව දන්නේ ඉතා ස්වල්ප පිරිසකි.

ඉන්දියාවේ ද, කේරළයේ වෙසෙන කාන්තාවන් වඩාත් සුන්දරය. කේරළය මේ රූපලාවණ්‍ය රහස් බොහොමයක් සැඟව පවත්නා ප්‍රාන්තයකි.

කේරළයේ පවතින මේ සුන්දරත්වයේ රහස් ලිපි පෙළක් මඟින් ඔබට හෙළි කිරීමට අද සිට අප සූදානම්.

මේ සඳහා අප සමඟින් එක් වන්නේ භාරත භාෂ්කර ශිරෝමණී සම්මානයෙන් පිදුම් ලැබූ රූපලාවණ්‍ය ශිල්පිනී අසෝකා පල්ලියගුරුයි.

මෙම සම්මානය ශ්‍රී ලංකා පුරවැසි ලංකා පදනමෙන් ඇයට ලබා දී ඇත්තේ ආයුර්වේද රූපලාවණ්‍ය පූර්ව ප්‍රතිකාර සඳහාය. මෙම සම්මානය ලබා ගත් ප්‍රථම රූපලාවණ්‍ය ශිල්පිනිය වන්නේ ද අසෝකා ය. මන්ද මෙය ආයුර්වේද වෛද්‍යවරුන්ට පමණක් ලබාදෙන සහතිකයක් වන බැවිනි.

රූපස්වභාවයෙන් අග තැන්පත් ඉන්දියානු කාන්තාවන් වැඩි ප්‍රමාණයක් බිහි වන්නේ කේරළ ප්‍රාන්තයෙනි.

උපතින් ම ලද රුව වර්ධනය කරගැනීමටත්, රැක ගැනීමටත් නිරන්තරයෙන් ම උත්සාහ කරන ඉන්දීය කාන්තාවන් මේ සඳහා උපයෝගී කරගන්නේ ස්වභාවික ශාකසාරයන් ය.

එපමණක් නොව, ඔවුන් තම රූපයට කරන බාහිර සත්කාර, ප්‍රතිකර්මවලට වඩා අභ්‍යන්තර ප්‍රතිකර්මවලට විශේෂ අවධානයක් ලබා දෙයි.

භාරතයේ ප්‍රධාන සංකල්පය වී ඇත්තේ ආයුර්වේදය යනු මහා බ්‍රහ්මයා විසින් මිනිසාගේ හිත සුව පිණිස ලබා දුන් දායාදයක් බවයි.

මෙය පසුකාලීනව දීර්ඝායුෂ, නීරෝගී බව මෙන්ම රූමත් බව රැක ගැනීමටත් එය වඩවා ගැනීමටත් උපයෝගී කරගෙන ඇති බව පැරැණි පත පොතෙහි සඳහන් වේ.

විශේෂයෙන් මෙය අපේ රටේ ප්‍රචලිත වූයේ රාවණා රජුගේ පියා පුලස්ති ඍෂිවරයා බව කියැවේ.

ඉන්දීය කාන්තාව තම රුව සඳහා භාවිත කරන ඉතා සියුම් රූපලාවණ්‍ය ක්‍රම මඟින් අපේ රටේ කාන්තාවන්ට ද තම රුව වෙනුවෙන් කළ හැකි ස්වභාවික ශාකසාර ආලේපන හා ක්‍රම බොහොමයකි.

ඒවා හිසකෙස්වල සිට නිය පෙළ දක්වා කළ හැකි ප්‍රතිකාර හා සත්කාරයි.

විශේෂයෙන් කේරළ කාන්තාව තම රුව සඳහා භාවිත කළ ඖෂධීය ශාක ලෙස කහ, සඳුන්, දාරුහරිද්‍ර, වෙනිවැල්, කොකුම්, කුංකුම, කෝමාරිකා, සුවඳකොට්ටං, වැල් මදට, අමුක්කරා, වදමල්, සමන්පිච්ච, රත් හඳුන්, තුල්සි, කොහොඹ, අරළු, බුළු, නෙල්ලි, දොඩම් වැනි දේ හඳුන්වා දිය හැකියි.

මෙවැනි ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රයෙන් කේරළ සම්ප්‍රදායන්ට අනුව රුව රැක ගන්නේ කෙසේදැයි අපි ලබන සතියේ සිට දැන ගනිමු.

  උපදෙස් - ප්‍රවීණ ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනීආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

2977 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 12, සඳුදා 15:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න