තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මාර්තු 13, අඟහරුවාදා 09:52

විලවුන් සුවඳ දවස පුරාම රැක ගන්නට නම් ... විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
විලවුන්වල සුවඳ දවස පුරාම හෝ වැඩි වේලාවක් අප අසල තබාගන්න අප කවුරුත් කැමැතියි.

 

ඉතින් අපි බලමු දවස පුරා වැඩි වේලාවක් සුවඳ රඳා පවත්වා ගැනීමට අනුගමනය කරන්න ඕනා දේවල් මොනවද කියලා.

විලවුන් වර්ග නිපදවන්නේ වෙනස් වෙනස් ආකරවලට. ඒ වගේම පැඟිරි කුලයේ සුවඳ වර්ගවලට වඩා සුදු හඳුන් ආදී සුවඳ වර්ග කල් පැවතෙන සුළුයි. ඒ නිසා කල් පවතින සුවඳ ගැනත් අවධානයක් යොමු කරන්න වෙනවා.

විලවුන් වර්ග ස්නානයෙන් පසුව සමේ තෙතමනය වියළී යන්නට කලින් අලේප කළ යුතුයි. එවිට සුවඳ වැඩි වෙලාවක් තිබෙනවා. වියළි සමට විලවුන් උරා ගන්නේ ස්වල්ප ලෙසයි. ඒ වගේම ඉක්මනින්ම වාෂ්ප වී යනවා. ඉතින් සමේ තෙතමනය හොඳින් පවත්වා ගතහොත් විලවුන් සුවඳ වැඩි කාලයක් රැඳෙනවා.

විලවුන් බෝතල් අවු රශ්මිය හා තද ආලෝකය ඇති තැන්වලින් සහ තෙතමනය වැඩි තැන්වලින් ඈත් කර තබන්න. නැත්නම් රසායනික සංයුතිය වෙනස් වෙනවා. ඒ නිසා විලවුන් තැබීමට වඩාත් සුදුසු වන්නේ සිසිල් වියළි ස්ථානයකයි.

නිතර සුවඳවත්ව ඉන්න කැමතියි නම් රුධිර නාල සමට ඉතාමත්ම ආසන්නයෙන්ම ගමන් කරන මැණික් කටුව, වැලිමිට ඇතුළු පැත්ත, කන පිටුපස, බෙල්ල දෙපස වැනි තැන්වල සුවඳ විලවුන් ගල්වන්න. විලවුන් ගැල්වීමට පෙර වැස්ලින් ටිකක් ආලේප කිරීමෙන් විලවුන් ඒවාට උරා ගන්නවා. වියළි සමට වඩා වැඩි වෙලාවක් වැස්ලින් සහිත සම විලවුන් රඳවා තබා ගන්නවා.

ඉතින් වැඩි වෙලාවක් සුවඳ හමමින් නැවුම්ව ඉන්න කැමැති ඔබ මේ උපදෙස් අනුගමනය කර බලන්න.

අන්තර්ජාලය ඇසුරිනි

2411 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 13, අඟහරුවාදා 10:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න