තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මාර්තු 19, සඳුදා 13:30

සම්බාහනයෙන් රුව රැක ගන්න.. විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
අපේ බොහෝ කාන්තාවන් පවතින රුව තවත් ඔපවත් කරගැනීමට කැමැත්තක් දක්වයි. ඒ නිසාම ඉක්මනින් ලස්සන වීමට ගොස් තිබෙන රූපයත් නැතිකර ගන්නා අවස්ථා එමටය. ඔබට ලස්සන වීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් යම් කැප කිරීමක් ද සිදු කළ යුතුයි. ඉන්දියානු කාන්තාවන් ලස්සන වන කේරළ රූපලාවණ්‍ය රහස්වල ඇති හරය ද එයයි.

 

මෙය පිටතින් පමණක් ගල්වා හෝ පෙත්තක් ගිලීමෙන් ක්ෂණිකව ඇතිකරගත හැකි තත්ත්වයක් නොවේ.

මේ සඳහා විවිධ වූ ක්‍රමෝපායයන් භාවිත කිරීමට සිදු වේ. බාහිර රුව වර්ධනය කරගැනීමට සිරුරේ අභ්‍යන්තර අවයව ද නිරෝගී විය යුතුයි. එනිසා ඒ සඳහා නිසි ප්‍රතිකර්ම සිදු කිරීම අවශ්‍ය වේ.

‘සම්බාහනය’ ඉතා වැදගත්

මෙහිදී ‘සම්බාහනය’ ඉතා වැදගත් කාර්යයක් ලෙස හැඳින්විය හැකියි. සම්බාහනයක දී භාවිත කරන්නේ ඖෂධීය තෙල් වර්ගයක් හෝ ඉන් කීපයක් මිශ්‍ර කිරීමෙන් සකසා ගන්නා තෙල් වර්ගයකි. සම්බාහනයේ දී හිස මුදුනේ සිට දෙපතුල දක්වා වූ ශරීරයේ සෑම අංගයකම තෙල් ගල්වා සිරුර අතගෑම, තෙරපීම ආදිය සම්බාහන ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකිය. මෙය ආයුර්වේදයේ තෛල අභ්‍යංගය ලෙස හැඳින් වේ. මෙහිදී ශරීරයේ උත්තමංගය ලෙස සලකන හිස සම්බාහනය ඉතා වැදගත් වන අතර එය ශීර්ෂ සම්බාහනය ලෙස හඳුන්වයි.

ශීර්ෂ සම්බාහනය සිදු කරන්නේ බෙල්ලෙන් උඩ හිස කොටසටයි. මෙය ගෙලෙන් ඉහළ ඇතිවන සියලු ම ගැටලුවලට කළ හැකි හොඳ ප්‍රතිකාරයකි.

මෙයින් පංචේන්ද්‍රියන් ම නිරෝගී වේ. කේරළ කාන්තාවෝ තමාගේ රුව වර්ධනය කරගැනීමටත් තරුණ බව රැක ගැනීමටත් මෙම ඖෂධීය තෙල් වර්ග භාවිතකර දිනපතා සම්බාහනයන් සිදුකර (තම සිරුර පිරිමැදීමකර) දීප්තිමත් පැහැපත් බවක් ලබා ගනී.

 

සම්බාහනයේ වාසි

මෙහිදී සිදුවන්නේ සම පැහැපත් වීම පමණක් ම නොවේ. සිරුරේ ඇති මාංසපේෂීන් උත්තේජනය, රුධිර සංසරණය ක්‍රමවත් වීම, මාංසපේෂී ශක්තිමත් වීම, අනවශ්‍ය මේද කොටස් දියකර හැරීම, වයසට යන විට මාංසපේෂීවල ඇතිවන ලිහිල් බව නැතිකර ශක්තිමත් වීම, ස්නායු නිසි ලෙස ක්‍රියා කිරීම, සිරුරේ පවතින විඩාව නැති වීම, සිරුරේ පවතින අලස බව නැති වීම, සමෙහි රැළි ඉවත් වීම, සමෙහි වියළි බව නැති කිරීම, මානසික ආතතිය අඩු වීම, සමෙහි සෛල පෝෂණය වීමට, සිරුරේ සැහැල්ලු බවට, සමස්ථ සිරුරේ ම මනා ක්‍රියාකාරීත්වයට මෙම සම්බාහනය ඉවහල් වේ. සම්බාහනය මඟින් ඔබට ලැබෙන අමතර වාසියක් වන්නේ ඉතා හොඳ සුවබර නින්දක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

 සම්බාහනය කළ යුතු ආකාරය

සම්බාහනය අපට කැමැති කැමැති වේලාවකට කිරීමට නොහැකි ය. ඒ සඳහා වඩා සුදුසු වේලාව වන්නේ දවසේ උදය කාලයයි. එමෙන්ම මේවා හිතුමතයේ කළ නොහැකි ය. සම්බාහනය කළ යුත්තේ නිශ්චිත හා නිවැරැදි රටාවකට අනුවයි. මෙම සම්බාහනය පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම පළපුරුද්දක් ද තිබීම ඉතා වැදගත් වේ. එසේ නොමැති වීමෙන් ශරීරයේ මස් පිඬු පෙරළීම, වේදනාවක් දැනීම, සමෙහි රැලි ඇතිවීම, සම එල්ලා වැටීම වැනි අයහපත් බලපෑම් ඇති විය හැකිය.

 සම්බාහනයක් ක්‍රමානුකූලව කිරීමෙන් රුව ලස්සන වනවා පමණක් නොව ඔබට නිරෝගී සිරුරක් ද දීර්ඝායුෂ ද ලබා ගත හැකියි.

මෙය දෙපාවලින් ආරම්භ කොට උඩු අතට ගෙල දක්වා පිරිමැදීම කළ යුතුයි.

මේ සඳහා භාවිත කළ හැකි තෙල් වර්ග බොහොමයක් ඇත. එනම් තල තෙල්, අබ තෙල්, ගිතෙල්, ආමන්ඩ් තෙල් වැනි තෙල් වර්ගයක් හෝ එවැනි තෙල් වර්ග කිහිපයක් එකතුකර සාදාගන්නා තෙල් වර්ගයක් ආලේප කිරීමෙන් ද මෙම සම්බාහනය සිදු කළ හැකිය.

සම්බාහනයේ දී තෙල් ආලේප කළ යුත්තේ ඩබල් බොයිලිං ක්‍රමයට (වතුර පිරවූ බඳුනක බහා තැබූ තවත් බඳුනක තබා රත් කිරීම) රත් කිරීමෙනි. එසේ කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

ලෙඩ රෝග සඳහා සිදු කරන සම්බාහනයේ දී ෂර්ෂපාදී, මහානාරායන, සිද්ධාර්ත වැනි තෙල් වර්ග ද භාවිත කරයි.

විශේෂයෙන් රුව ගැන සැලකිලිමත් වීමේ දී සමට ගැලපෙන තෙල් වර්ග වන ආමන්ඩ්, රෝස්මරී, තල තෙල්, ජොජබා, සූරියකාන්ත, සඳුන් තෙල් වැනි ඇරෝමා තෙල් වර්ග ද භාවිත කළ හැකියි.

  

උපදෙස් - ප්‍රවීණ ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනී- ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

2651 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 19, සඳුදා 13:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න