තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මාර්තු 19, සඳුදා 15:51

සාදයට යන ඔබට හැඩකාර පෙනුමකට කොණ්ඩ මෝස්තරයක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(2 මනාප)
සාදයකට යාමට සූදානම් වීමේ දී ඇඳුම් පැලඳුම් ගැන මෙන්ම කොණ්ඩ මෝස්තරය ගැනත් වැඩි සැලකිල්ලක් දක්වන්නට සිදුවෙනවා. ඒ මුහුණට ගැළපෙන ලෙස යොදන කොණ්ඩ මෝස්තරයකින් වැඩි ලස්සනක් හැඩකාර පෙනුමක් ඉස්මතු වී පෙනෙන නිසයි.

 

 

ඉතින් මේ කොණ්ඩ මෝස්තරය බලන්න ඔබේ කැමැත්තත් සමඟ සැසඳේවිද කියා.

මුලින්ම කොණ්ඩය හොඳින් බ්ලෝඩ්‍රයර්කර සූදානම් කරගන්න.

1. කොණ්ඩය ඉදිරිපසින් වී (ඍ) හැඩයට සිටින සේ කොටසක් වෙන්කර ගන්න

2. සම්පූර්ණ කොණ්ඩයම හිස්මුදුනින් උඩට ගෙන පෝනිටේලය දමාගන්න.

3. පෝනිටේලය පිටුපසින් දිග බන් එකක් තබා කටුගසා ගන්න.

4. ඉන්පසු පෝනිටේලය මුලට හෙයානෙට් එකක් රඳවා පෝනිටේලය එයට ඇතුළු කරන්න.

5. එම කොටස විහිදෙන සේ පළල් කරන්න.

6. දැන් කලින් රැඳවූ බන් එක එයින් ආවරණයකර වටේට කටුගසා ගන්න.

7. ඉන්පසු ඉදිරිපස ඉතිරිකරගත් කොටස ෆි‍්‍රන්ජ් එකක් ආකාරයට සකස්කර මෙහි පෙනෙන අයුරින් රඳවා ගන්න.

8. හෙයාර්ස්ටයිල් එකට වැඩි අලංකාරයක් එක්කරගැනීම සදහා ගැළපෙන ආකාරයේ හිස්පලඳනාවක් රඳවා ගන්න

 

ඉදිරිපත් කිරීම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නිල්මිණී බණ්ඩාර

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

1233 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 19, සඳුදා 15:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න