තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මැයි 01, අඟහරුවාදා 11:49

ලස්සන වෙන්න හිතන ඔබට මුළුතැන්ගෙයි පිහිට.. විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
ස්වභාව ධර්මය අපට ආශිර්වාදයක් වුණත් අපේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාව ධර්මයට ඇති වෙන අනිටු විපාකවලට අපිටම වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා.

 

ඕසෝන් තීරයේ බලපෑම නිසා පාරජම්බුල කිරණ සෘජු ලෙසින්ම සමට ඇති කරන අනතුරු අධිකයි. මේ නිසා සමේ පිළිකා පමණක් නොව හම පිලිස්සීම, ලප වැනි විවිධ හානිකර තත්ත්වයන් ඇති වීම වළක්වන්නට බැරිය. ඒත් මේවාට යම් යම් වෙදකම් මුළුතැන්ගෙදරම තිබෙනවා. ඔන්න එහෙනම් අප බලමු ඒ මොනවද කියලා.

ලෙමන්

ලෙමන් විටමින් ‘සී’ බහුල පලතුරක්. හිරු එළිය නිසා සමේ ඇති වී තිබෙන පිලිස්සිම්වලට පමණක් නොවෙයි, සමේ මැරුණ සෛල ඉවත් කරල සම පැහැපත් කරනවා.

ඒ වෙනුවෙන් ඉතා පහසුවෙන් ඔබට මේ දේවල් කරන්න පුළුවන්. ලෙමන් යුෂවලට වතුර තේ හැඳි බාගයක් එක් කරගෙන එය කපු රෙදි කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10 ක් 15 ක් අතර කාලයක් මේ මිශ්‍රණය මුහුණේ තබාගෙන ඉන් පසුව සෝදා හරින්න.

ලෙමන් යුෂ තේ හැන්දකට මීපැණි තේ හැඳි දෙකක් එකතු කරන්න. මුහුණ සෝදා පිරිසුදු කරගෙන මේ මිශ්‍රණය ආලේප කරන්නත් පුළුවනි. මීපැණි සමේ තෙතමනයට, ආරක්ෂාවට ඉතා වැදගත්. පිපිඤ්ඤා යුෂ තේ හැඳි දෙකකට මීපැණි හැන්දක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන මුහුණේ ආලේප කරන්න පුළුවන්.

පිපිඤ්ඤා කැබලි සමඟ ලෙමන් යුෂ එක් කරගෙන බ්ලෙන්ඩරයකින් අඹරාගෙන මුහුණේ ආලේප කරන්න. පිපිඤ්ඤා හමේ තෙතමනය වගේම හම පිරිසුදු කරන්න ශක්තිය ඇති එළවළුවක්.

ටිකක් පරිස්සම් වෙන්න

ලෙමන් ආලේප කරන විට හමේ දැවිල්ල ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. තුවාල නිසාත් මේ විදිහට අපහසුතාවයන් ඇති වේවි. ලෙමන් යුෂ සවස් කාලයේදී හෝ රාත්‍රියේදී ආලේප කරන්න.

පැපොල්

පැපොල්වල අන්තර්ගත ‘පැපේන්’ එන්සයිමය ස්වභාවික ප්‍රතිකාරයක් විදිහට සමට ගුණදායකයි. සමේ පැහැපත් බව වගේම දීප්තියටත් මේ එන්සයිමයෙන් වඩාත් හොඳ ප්‍රතිකාරයක් ලැබෙනවා. අඹරාගත් පැපොල් සමේ ගල්වාගෙන විනාඩි 20 කින් සෝදා හරින්න.

පැපොල් පල්පය සමඟ ලෙමන් යුෂ තේ හැඳි බාගයක් එක් කරගෙන සමේ ආලේප කරන්න. විනාඩි 20 කින් සෝදා හරින්න. මෙය දිනපතා වුණත් කිරීමෙන් ගුණ ලැබේ. සමේ තෙල් ගතිය උරාගෙන සමට පැහැපත් බවක් වගේම ලප කැලැල් නැති කිරීමටත් හේතු වෙනවා. පැපොල් පල්පයට මීපැණි තේ හැන්දක් එක් කරන්න. මීපැණි හමේ වියළි බව නැති කරනවා. විනාඩි 20 කින් සෝදා හරින්න. දිනපතා මේ ප්‍රතිකාරය කිරීමෙන් ඔබට ලස්සන සමක අයිතිය නොදැනීම ලැබේවි.

කහ

අද බොහෝ ආලේපනවලට කහ එකතු කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබටත් කහ ස්වභාවික ප්‍රතිකාරයක් විදිහට මේ අන්දමින් යොදා ගත හැකියි.

කහ තුළ විටමින් ‘සී’ බහුලයි. ලප, කැලැල්, පැල්ලම් ඉවත් කරනවා. කොලැජන් වර්ධනය කරනවා.

කහ කුඩු තේ හැන්දකට ලෙමන් යුෂ සහ මීපැණි එකතුකර මෘදු මිශ්‍රණයක් තනා ගන්න. මෙම මිශ්‍රණය ගෙල, මුහුණ ආදී ප්‍රදේශයන්හි ආලේප කර විනාඩි 30 කින් සෝදා හරින්න. මෙය දිනපතා කිරීමෙන් සමේ තෙල් ගතිය නැති වෙනවා. හමේ තෙතමනය ආරක්ෂා කරනවා පමණක් නොව දිදුළන සහ පැහැපත් සමක් ඇති වේවි.

කහ කුඩු තේ හැඳි බාගයක් සමඟ කෝමාරිකා එකතු කරගෙන ආලේප කරන්න. සමේ වියළි බව නැති කිරීමට කෝමාරිකා ඉතා ගුණදායකයි.

 

  උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක් රූ සැලෝන්

දළුගම

951 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 01, අඟහරුවාදා 11:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න