තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මැයි 01, අඟහරුවාදා 12:02

වයසට යාම සහ රැලි වැටීම වළක්වන ආලේපනයක් විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(1 මනාපය)
මෙය කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ සෙලී සේනානායක ශිෂ්‍යාවගේ සොයා ගැනීමකි. නව නිපැයුමකි. මෙම ආලේපනය භාවිත කිරීමෙන් සම රැලි වැටීම වළක්වන බවත් මොවුන් විද්‍යාත්මක ක්‍රමයක් මඟින් පෙන්වාදී, එය සනාථ කර ඇත.

 

මෙම ආලේපනය සාදා ඇත්තේ ඇපල්, මිදි, සහ කැරට් සාරය මිශ්‍ර කිරීමෙනි. ඒ අනුව ඇපල්, මිදි සහ කැරට් වයසට යාම වළක්වන සහ සම රැලි වැටීම වළක්වන ආහාර ලෙස ප්‍රකට ය. මේවායේ මැලික් අම්ලය, ටාටරික් අම්ලය, ඕ කැරෝටින් ද අඩංගුය. මේවා ප්‍රතිඔක්සිකාරක හා ෆ්ලේවනොයිඩ් ද සහිතය. ඒවා නිසා සමේ රැලි වැටුණු ස්වභාවය නැතිකර වයසට යාම වළක්වයි. මෙම නිසා මෙම ආලේපනය සම රැලි වැටුණු අයට ඉතා වටින්නේය.

මේවා මගින් සමේ සෛල විනාශ වීමට නොදී වැඩිකල් පවත්වාගැනීම කරනු ඇත. මෙය කරන්නේ වයසක සෛල ඒනධනබධඵඪඵ, ඒභබධනඵඪඵ යන ස්වයං විනාශයට ඉඩ නොදී සෛල වැඩිකල් ජීවත්කරවීමයි. මේ නිසා සම රැලි නැතිවී තරුණ පෙනුම ලබාදේ. අද සෞඛ්‍ය තත්ත්වය අනුව සමාජයේ වයසක අය ජීවත්වන ප්‍රවණතාවය ඉතා වැඩිය. එනම් වයසට යාම පමා වේ. වයසක අය ප්‍රතිශතය ඉහළය. එසේ වන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රචලිත කිරීම හා සෙෘඛ්‍ය පහසුකම් වැඩිවීම නිසාය. මේනිසා වැඩිකල් ජනයා ජීවත් වේ. ලෙඩ රෝග අඩුකර වයසට යන අයට අවශ්‍ය පහසුකම් වැඩිකළ විට වයසට යාම අඩුවී වැඩිකල් ජීවත්වේ. එනිසා මෙම ආලේපනය ඉතා කදිමය.

 

  උපදෙස්

වෛද්‍ය  සෙලී ප්‍රනාන්දු

ආහාර හා පෝෂණ විශේෂඥ, පවුල් සෞඛ්‍ය කාර්යංශය.

1965 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 01, අඟහරුවාදා 12:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න