තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මැයි 21, සඳුදා 12:25

ගිතෙල්, තලතෙල් රුවට වැදගත් විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(2 මනාප)
රුවැති ළඳුන් සිටින රටවල් අතර ඉන්දියාවට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානකි. බොහෝ විට බොහෝ දෙනාගේ අදහස වන්නේ ද ලස්සන කාන්තාවන් වැඩියෙන් සිටින රට ද එය වන බවයි.

 

එහෙත් බොහෝ දෙනා රූමත් කාන්තාවන් වැඩි පිරිසක් ඉන්දියාවේ සිටීමට හේතු වූ සාධක පිළිබඳ සොයා නොබලයි. ඒත් තරුණී මෙම ලිපි පෙළ ඔබට ඉදිරිපත් කරන්නේ එම රහස් හෙළි කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

රුව රැක ගැනීමේ දී බාහිර පෙනුම ගැන අපි බොහෝ විට සැලකිලිමත් වුවද බාහිර රුව ලස්සන වීමට නම් අභ්‍යන්තර ප්‍රතිකර්ම විධි ද එකසේ බලපාන බව සිහි තබා ගත යුතුය.

ඉන්දියානු කාන්තාවන් වැඩි දෙනාගේ රූපලාවණ්‍යාගාරය වන්නේ සිය නිවෙසයි. ඔවුන් තම රුව රැක ගැනීම උදෙසා බොහෝ දේ සොයා ගන්නේ තමාගේ නිවෙසේ පරිසරය අවට ඇති ගහ කොළ ඇසුරිනි. එමෙන්ම නිවෙසේ දී ම සකසා ගන්නා ශාකසාර ආලේපනයන් මඟිනි. ඔවුන්ගේ ඇවතුම් පැවතුම් රටාව ද බොහෝ සේ මේ සඳහා උපකාරී වේ. ඉන්දියානු කාන්තාවන් තම දරුවාගේ රුව ගැන සැලකිලිමත් වන්නේ දරුවා කුස තුළ සිටිය දී ම ය.

දරුවකු ලැබීමට සිටීමේදී..

මෙහිදී විශේෂයෙන් මව නිතර එළකිරි පානය කිරීමත්, දිනපතා එළකිරිවලට කුංකුම රේණු කීපයක් දමා රැයක් තිබෙන්නට හැර පානය කිරීමත් සිදු කරයි. එමෙන්ම නිතර පලතුරු යුෂ පානය කිරීමත්, සලාද වර්ග, තල තෙල් නිතර ආහාරයට එකතුකර ගැනීමත් නිරෝගී බවට මෙන්ම රුව රැක ගැනීමට ද උපකාරී වේ.

එපමණක් නොව, ඔවුන් සංගීතයට, කලාවට වැඩි අවධානයක් යොමු කරමින් නිතර ගීත ශ්‍රවණය කිරීමෙන් වින්දනයක් ලැබීමත් නිසා රූමත් නිරෝගී දරුවකු ලැබීමට අවශ්‍ය වන සාධක සපුරයි. මෙහිදී මවගේ මනස මෙන්ම දරුවාගේ මනස ද සන්සුන්ව තැබීම නිසා නිරෝගී මෙන්ම පි‍්‍රයමනාප දරුවකු සැකසීමේ අඩිතාලම මෙවිට මව්කුස තුළ දී ම සිදු වේ.

අලුත උපන් දරුවාට..

දරුවා ඉපදුණු පසු ද දින තුනක් හතරක් පමණ යන විට මඳක් රත්කර ගත් පිරිසුදු තල තෙල් ශරීරය පුරා ගල්වා උදේ හිරු එළිය වැටෙන ස්ථානයක දරුවා විනාඩි කිහිපයක් තැබීම අදටත් ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල සිදු කරන ක්‍රියාවකි. එමෙන්ම වෙනිවැල්, කහ, කොහොඹ දමා තම්බාගත් ජලයෙන් ළමයා නැහැවීම ද තලතෙල්, වෙනිවැල්, කහ, රෝසවතුර සමඟ තලපයක් සේ සකසා ශරීරයේ ආලේපකර විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සෝදා දැමීම ද සිදු කරයි. මෙමඟින් සම වර්ණ ගැන්වීමත්, සම ආරක්ෂා වීමත්, සමේ පැහැපත් බවත් ඇතිවේ.

ආහාර රටාව

නිතර එළකිරි භාවිත කිරීමෙන් දීර්ඝායුෂ ලැබීමටත්, අස්ථි ශක්තිමත් වීමටත්, සම පැහැපත් වීමටත් ශරීරය පෘෂ්ටිමත්ව හා නිරෝගීව තබා ගැනීමටත් හැකියාව ලැබේ. රුව ගැන සැලකිලිමත් වීමේ දී ඉන්දීය කාන්තාවන් තවත් වැඩි අවධානයක් යොමු කරනුයේ නැවුම් පලතුරු යුෂ පානය කිරීමටයි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු සිරුරේ උෂ්ණාධික භාවය සමනය කිරීමටත්, වයසට යාම වළක්වා තරුණ බව ආරක්ෂා කිරීමටත්, සමේ නිරෝගී බව සඳහාත් ස්වභාවික ඖෂධීය පානයක් ලෙස නෙල්ලි පානය කිරීමයි. නෙල්ලි, මී පැණි, ගිතෙල් සමඟ අනුභව කිරීම මඟින් තම රුව වඩාත් වර්ධනය කරගැනීමට හැකි වේ.

මෙම විශේෂ ආහාර ලබා ගැනීමෙන් රුව ලස්සන වෙනවා සමඟම නිරෝගී බව ද ඇති වේ. නෙල්ලි හා ගිතෙල් කාන්තා රූ සපුවේ සුන්දර රහසක් ලෙස ද හැඳින්විය හැකිය.

  

උපදෙස් ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

1786 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 21, සඳුදා 12:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න