තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මැයි 22, අඟහරුවාදා 14:23

අක්ෂි කාච පළඳින ඔබට විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අක්ෂි ආබාධ සඳහා පමණක් නොව විලාසිතාවක් ලෙසද අක්ෂි කාච භාවිත කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී දක්නට ලැබෙනවා. ඔබත් අක්ෂි කාච පලඳිනවානම් මේ උපදෙස් පිළිපදින්න.

 

අපිරිසුදු අතින් කාචය අල්ලන්න එපා

කාචයක් ඉතාම පිරිසුදුව තබාගත යුතුයි. ඔබේ දෙනෙත්වල ආරක්ෂාවට එය ඉතාම වැදගත් වේවි. කාචය මත පහසුවෙන් බැක්ටීරියා වර්ධනය විය හැකියි. එය පරිහරණයේදි පිරිසුදුභාවය වැදගත් වන අතර කාචය පැලඳීමේදී හෝ ගැලවීමේදී පිරිසුදු ඇඟිලි තුඩුවලින් එය සිදුකිරීමට වගබලාගන්න.පිරිසුදු කාරක දියරය නැවත නැවත පාවිච්චි කරන්න එපා. කාචයේ විසබීජහරණය කරන්නට මෙම පිරිසුදුකාරක දියරය නැවත නැවත යොදාගන්නවා. එය නැවත නැවත පාවිච්චි කිරීමේදී එහි ඇති පිරිසුදුකාරක ගුණය හීනවීමක් සිදු වේ. එමෙන්ම කාචය බහාලන ඇසුරුමේ ද පාවිච්චි කළ කාච දියරය තබා නොගැනීමට ප්‍රවේසම් වන්න.

වියළි තත්ත්වයෙන් තැබීම

තෙතමනය සහිත තත්ත්වයන් යටතේ වඩා පහසුවෙන් කාච මත බැක්ටීරියා වර්ධනය විය හැකියි. මේ හේතුවෙන් බොහෝ අක්ෂි ආබාධ පසුකාලීනව පැනනගින බව වෛද්‍යවරුන්ගේ මතයයි. එම නිසා සෑම විටකම ඔබේ විසබීජහරණය කරන ලද අක්ෂිකාචය පවනේ වේලා, වියැළිව තබා ගැනීම වැදගත්.

කාචය දිනපතා පිරිසුදු කරගන්න

බැක්ටීරියා, විසබීජ, කුණු, දූවිලි හා ඇස මතුපිට එකතුවන ප්‍රෝටීන වර්ග කාචයේ නිතර රැඳෙනවා. එබැවින් එහි දිගුකල් පැවැත්ම හා ඇස්වල ආරක්ෂාව දිනපතා සහතික කරගත යුතුයි.

ඔබේ කාච බහාලුම පිරිසුදුව තියාගන්න

කලින් කී පරිදි කාචය අවට පරිසරය නැවුම්ව පිරිසුදුව තබා ගැනීම එහි ආරක්ෂාවට හේතු වේ. එබැවින් කාච බහාලුම වියළිව පිරිසුදුව තිබේදැයි සැලකිලිමත් වන්න.

කාචය මුව තුළට දමන්න එපා

කාචය පිරිසුදු කිරීමට හෝ තෙත් කිරීමට යැයි සිතා බොහෝ අය කාචය ගලවා මුව තුළට දැමීම සිදු කරනවා. නමුත් මේ තුළින් සිදුවන්නේ බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වැඩිවීමයි.

අක්ෂිකාචය දිගු වේලාවක් පැලඳ සිටින්න එපා

 

ඔබේ ඇසට නිතර විවේකය අවශ්‍යයි. කාචය ගලවා හැකි තරම් කාලයක් ඇස විවේකයෙන් තබන්න. වාතාශ්‍රය යහමින් ලැබීම ඇසේ නම්‍යශීලි පැවැත්මට අත්‍යවශ්‍යයි. නැතහොත් ඇසේ අකර්මණ්‍යතා පවා ඇතිවෙන්නට පුළුවන්.

කාචය පැලඳගෙන නින්දට යන්න එපා

නින්දේදී කාචය පැලඳීම අනවශ්‍යයි. නින්ද ඔබේ සිරුරට වගේම ඇස්වලට ද ලබාදෙන්නේ විවේකයක්.

ක්ෂි ආලේපන කාචයේ තවරන්න එපා

මස්කාරා වැනි ආලේපන අත්වැරදීමෙන් හෝ කාචයේ තැවරුණහොත් ගලවා පිරිසුදු කර පැලඳීමට වගබලාගන්න.

ඇස් ආසාදන ඇති විට කාච පලඳින්න එපා

ඇස් රතුවී කඳුළු ගලන අවස්ථාවක කාචය ගලවා පිරිසුදුකර තබන්න. කාචය පැලඳීමේ දී ඇසේ දැවිල්ලක් හෝ අනවශ්‍ය පීඩාවක් ඇතිවේ නම් කාචය ගලවා තබන්න. පිරිසුදුකාරකයේ හෝ පිරිසුදු වතුරවල කාචය බහා තබන්න. එය විසබීජ හරණය කර නැවත පළඳින්න.

වතුරට බැසීමට පෙර කාචය ගලවා තබන්න

මෙය වැදගත් වන්නේ නාන තටාකයක පිහිනීමේදී, නාන කාමරයේ ස්නානය කරන විට හෝ එවන් අවස්ථාවන්හි දී පළමුව කාචය ගලවා ඉවත් කිරීමට වගබලා ගන්න. ඇස් කාච සහිතව නෑමට සිදුවුවහොත් වතුර ඒ මතට වැටීමට නොදී ඇස් වසාගෙන සිටින්න. නෑමෙන් පසුව කාචය පිරිසුදු කරන්න.

කාචය සමඟ ඇස් අතින් පොඩි කරන්න එපා

එසේ කළහොත් ඇස තුවාල වනවා. ඇසේ ආරක්ෂාව පිණිස කාචය පැලඳීම අපහසුවක් වන විටෙක එය ගලවා තබන්න.

අන්තර්ජාලය ඇසුරෙනි

 

 

විදුමිණි දිසාකරුණා

1621 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 22, අඟහරුවාදා 14:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න