තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජූනි 04, සඳුදා 15:14

එල්ලා වැටෙන පියයුරුවලට විසඳුමක් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
සෑම කාන්තාවක්ම තමන්ගේ පියයුරු පරිපූර්ණ හැඩයකින් යුතුව පවත්වාගෙන යාමට උනන්දු වනවා. නමුත් අවාසනාවකට වගේ එය තරමක් අපහසු දෙයක්. සාමාන්‍යයෙන් පියයුරු එල්ලා වැටීම වයසට යාමත් සමඟ සිදුවන ස්වාභාවික දෙයකි. ඒ නිසා පියයුරු එල්ලා වැටීම වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් කිහිපයකි මේ.

 

තමන්ගේ සිරුරේ බර පාලනය කර ගැනීම වැදගත්. පිරිසුදු ජලය බීමට නිතරම වගබලාගන්න. සෞඛ්‍ය සම්පන්න පෝෂණ කොටස් සහිත ආහාර ගැනීමත් වැදගත්. දින දෙකකට වරක්වත් ව්‍යායාමවල නිරත වන්න. පපු ප්‍රදේශයට ඇති ව්‍යායාම සිදු කිරීමෙන් පියයුර වටා ඇති මේදය අඩු කරගත හැකියි. සතියක වරක් හෝ ඔලිව් තෙල් හෝ පොල්තෙල් හෝ කෝමාරිකාවලින් පියයුරු සම්බාහනය කරන්න. ඒ සඳහා අයිස් ද යොදාගත හැකියි.

මීට අමතරව පියයුරු එල්ලා වැටීම සම්පූර්ණයෙන්ම පවත්වාගත හැකි පහසු ආලේපනයක් සාදා ගත හැකියි. ගාගත් කැරට් අල දෙකක්, අයිස් කැට 10 ක පමණ, පොඩිකරගත් ලොකු ලූනු කැබැල්ලක් සහ මී පැණි තේ හැන්දක් මේ සඳහා අවශ්‍ය වේ.

තරමක් විශාල රෙදි කැබැල්ලක් ගෙන අයිස් කැට හා ගාගත් කැරට් දමා එම පොට්ටනිය ඔබේ පියුයරු මත තබා මිනිත්තු 3 ක් පමණ අතින් තද කරගෙන සිටින්න. එය ඉවත්කර මී පැණි ගෙන ඇඟිලි තුඩුවලින් හොඳින් පියයුරු මත ආලේපකර මිනිත්තු 5 ක් පමණ සම්බාහනය කරන්න. පොඩිකරගත් ලූනු ද පියයුරු මත ආලේපකර හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසුව සෝදා හරින්න.

මෙම සත්කාරය සතියට දින 3 ක් පමණ කිරීම ප්‍රමාණවත්. සති කිහිපයකින් ඔබට පෙනේවි ඔබේ පියයුරු නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව.

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය මහේෂ් අතුරලිය

283 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 15:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න