තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජූනි 18, සඳුදා 13:16

වැක්ස් කිරීම අනවශ්‍ය රෝම සඳහා හොඳම විසඳුමයි විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
පංච කල්‍යාණයෙන් අනූන සොඳුරු රූ සපුවකට හිමිකම් කියන්නට හැකිනම් එයයි අප සැමගේ ප්‍රාර්ථනය වන්නේ. ඈත අතීතයේ පටන් කාන්තාව තම රුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලක් කළ අතර වර්තමානය වනවිට පිරිමි පාර්ශ්වය ද රූපලාවණ්‍ය විෂයය පිළිබඳ වැඩි ඇල්මක්, උනන්දුවක් දක්වනු දක්නට ලැබේ.

 

ඒ කෙසේ වුවත් සොඳුරු රුවක් ගැන කතා කිරීමේ දී රුව අසුන්දර කරනා විවිධ ගැටලු ගැන කතා නොකරම බැහැ. විශේෂයෙන්ම පැහැපත් සමක් ප්‍රාර්ථනා කරන වැඩිදෙනකුගේ සිත් විඩාවට පත්කරවන අනවශ්‍ය රෝම වැඩීම සහ ඒවා ඉවත් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු අතර අද හැඩවැඩ කලාව තුළින් අප ඒ පිළිබඳ දැනගනිමු.

සත්ත්ව ශරීරයක් වූ මිනිස් සිරුර මත රෝම පිහිටීම ස්වභාවිකයි. නමුත් අසමතුලිත හෝර්මෝන ක්‍රියාකාරීත්වය, පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ජානමය ගතිලක්ෂණ, රෝම ඉවත්කිරීම සඳහා අනුගමනය කරන ලද වැරැදි ක්‍රමවේද වැනි දෑ නිසා මෙම රෝම වැඩීම අස්වාභාවික තත්ත්වයට පත්වේ. මේ තත්ත්වය හරහා ඔබේ රුව අවලස්සන වනවා පමණක් නොව අපිරිසුදු වීම ද සිදුවේ.

එනම් ශරීරය පුරා වැඩුණු මෙම අනවශ්‍ය රෝම මත කුණු, දූවිලි, විසබීජ රැඳීම සහ දහඩිය රඳා පැවතීම හරහා ඔබ අපිරිසුදු පුද්ගලයකු බවට පත්වීම වැළැක්විය නොහැකියි. ඊට අමතරව දහඩිය, කුණු, දූවිලි රැඳුණු ඔබේ ශරීරයෙන් දුඟදක් වහනය වීම සහ ඒ හරහා ඔබව සමාජයේ අවමානයට ලක්වීමද සිදුවේ. එබැවින් අනවශ්‍ය රෝම වැඩීම හරහා ඔබේ දැකුම්කලු පෙනුමත්, පෞරුෂත්වයත් දෙකම විනාශ වී යයි.

අනවශ්‍ය රෝම ඉවත් කිරීම

සාමාන්‍යයෙන් ගැහැනු සහ පිරිමි යන දෙපාර්ශවයම අනවශ්‍ය රෝම ඉවත්කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කරනු ලබයි.

* වැක්ස් කිරීම * ත්‍රෙඩිං කිරීම

* ටචප් කිරීම * ටුවිසර් කිරීම

* ෂේවිං කිරීම * ක්‍රීම් ආලේපනය

වැනි ක්‍රම රාශියක් මෙහිදී යොදා ගැනෙන අතර මේ අතරින් වඩාත් සුදුසු ක්‍රමය වැක්ස් කිරීම ලෙස හඳුන්වාදිය හැකියි. මන්ද ඇතැම් කාන්තාවන් සහ පුරුෂ පාර්ශවය අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ක්‍රීම් ආලේපනය සිදුකරති. නමුත් එමඟින් සම විවිධ ආසාදනවලට ලක්වීමට ඉඩ ඇති අතර සමෙහි පිලිස්සුණු ස්වභාවයක් ද ඇතිවිය හැකියි.

ඊට අමතරව ෂේවිං කිරීම හෙවත් රෝම බෑම හරහා රෝම කූප ඝනවීමට ඉඩ තිබේ. එමෙන්ම රේසර්, බ්ලේඩ් වැනි උපකරණ භාවිතය මගින් සමෙහි කැපීම්, සීරීම් වැනි කැළැල් ඇතිවී සම අවලස්සන වීමට ද ඇති ඉඩකඩ වැඩිය.

ටුවිසර් කිරීම, ත්‍රෙඩිං කිරීම වැනි ක්‍රම භාවිත වන්නේ ඇහිබැම සැකසීම වැනි දෑ සඳහාය. නමුත් එය ශරිරයේ වෙනත් ස්ථාන වූ කිහිලි, ඉකිලි, දෑත්, දෙපා ආදියේ වැඩි වශයෙන් වූ රෝම ඉවත්කිරීම සඳහා යොදා ගැනීම තරමක් අපහසු වේවි. එමෙන්ම මේ ත්‍රෙඩිං භාවිතය ඉතා පරෙස්සමට කළ යුතු කාර්යයක්වන අතර ඒ සඳහා මනා ඉවසීමක් ද තිබිය යුතුවේ.

වැක්ස් කිරීම

සාමාන්‍යයෙන් ඩධබ සහ ජධධත වශයෙන් වැක්ස් වර්ග දෙකකි. එහිදී තරමක් ඝනව වැඩුණු රෝම ඉවත් කිරීමට මේ හොට් වැක්ස් භාවිත කරනු ලබන අතර එය උණුකරගත් මිශ්‍රණයක් ලෙස භාවිත වේ. නමුත් කූල් වැක්ස් යනු රත් කිරීමකින් තොරව භාවිතවන වැක්ස් වර්ගයකි.

මුහුණ, අත්, පා, කිහිලි ආදි ස්ථාන සඳහා භාවිත කළ හැකි වැක්ස් වර්ග වෙන් වෙන්ව දැකිය හැකියි. මන්ද මුහුණෙහි සම අධිසංවේදී, ඉතා මෘදු ස්වභාවයකින් යුක්තවන බැවින් මුහුණ සඳහා තද වැක්ස් වර්ග භාවිත කළ නොහැකිය. නමුත් දෙපා, දෑත් වැනි ශරීරයේ වෙනත් ස්ථාන සඳහා බොඩි වැක්ස් භාවිත කළ හැකි අතර මෙම ස්ථානවල රෝම තරමක් ඝන ස්වභාවයකින් යුතු බැවින් මුහුණට භාවිත කරන වැක්ස් මේ ස්ථාන සඳහා සුදුසු නොවේ.

වැක්ස් කිරීමේ හොඳම ක්‍රමය

අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වැක්ස් කිරීම ඉතා සුදුසුම ක්‍රමය වුවද හුරුපුරුදු නැති කෙනකුට මෙය තනිව සිදුකළ නොහැක්කකි. මන්ද තනිවම වැක්ස් කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ සමට හානිවීමට හෝ සම ඇදීමට ලක්විය හැකියි. එබැවින් රූපලාවන්‍යාගාරයකට ගොස් පළපුරුදු ශිල්පිනියකගෙන් ඒ සඳහා සහය ලබාගත යුතු වේ.

භාවිතයෙන් පසු

එමෙන්ම වැක්ස් භාවිතයෙන් පසු ඔබේ සමෙහි තෙතමනය රඳා පවත්වාගැනීම අනිවාර්ය වේ. නැතහොත් සමෙහි තෙතමනය අඩු වී වියළී යාමට ඉඩ ඇත. එබැවින් වැක්ස් කිරීමෙන් පසු උසස් තත්ත්වයේ මොයිස්චර්යිසරයක් භාවිත කිරීමට මතක තබාගන්න. ඊට අමතරව වැඩි වශයෙන් පරිසුදු වතුර පානය කළයුතුයි. ඔබ හිරුඑළියට නිරාවරණය වන්නේ නම් කුඩයක් භාවිතයට සහ හිරුඑළිය ආවරණය කරන ක්‍රීම් වර්ගයක් පාවිච්චියට මතක තබාගන්න.

 

උපදෙස් - දෙස් විදෙස් පුහුණුලාභිනී, රූපලාවණ්‍ය ශිල්පිනී අරෝෂි කෞශල්‍යා ප්‍රනාන්දු

සැලෝන් DeGreensදළුගම, කැලණිය

1746 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 18, සඳුදා 13:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න