තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජූනි 25, සඳුදා 13:51

දෙපා රිදෙව්වොත් ගතම ලෙඩ වෙයි විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
නීරෝගි සෞඛ්‍ය ගැන කතාබහ කිරීමේදී අංක එකට අපේ අවධානයට එන්නේ හදවතයි. දෙපා නම් දුවිලි පොදක් තරම්වත් ගණනකට ගන්නේ නැහැ.

 

එහෙත් කුඩා තුවාලයකින් දෙපා රිදුණු විටදී නම් අපට එහි අගය හොඳින්ම දැනෙනවා. තුවාලය සුව වූ පසු යළිත් දෙපාවල වටිනාකම අමතක වෙනවා. එහෙත් මුළු සකල ශරීරයේම බර ඔසවාගෙන සිටින දෙපා අපේ සමස්ථ නීරෝගිකමට ද බලපානවා.

වයස අවුරුදු 65 ට වැඩිහිටියන් වසරකට එක් වරක්වත් අඩු වශයෙන් වැටෙනවා. මෙසේ වැටීමෙන් ඇතිවන තුවාල වයස අවුරුදු හැත්තෑපහට වැඩි පුද්ගලයන්ගේ මරණවලට සුලබම හේතුවකි. ඒ වැටීම හිසේ සහ උකුළේ මාරාන්තික අනතුරුවලට හේතුයි.

දෙපා පොළොවේ තැබූ දා සිට එහි සුවතාව ගැන සැලකිලිමත් වුණා නම් ආයු කාලය වැඩිකර ගත හැකියි.

* මෙතරම් සැලකිල්ලක් අවශ්‍ය ඇයි?

නිවැරැදි ඉරියවු ඇරඹෙන්නේ පාදවලිනි. මුළු ශරීර සැලකිල්ලටම පාදවල සහාය අවශ්‍යයි. පාදයත් එක්තරා ත්‍රිරෝද රථයකි. මහපට ඇඟිල්ල සුළැඟිල්ල, විළුඹ මේ ත්‍රිරෝදයයි. වළලුකර තබා ගන්නේ මේ තුනේ ආධාරයෙන්. මේ තුන සමබරව තිබිය යුතුයි. අපේ පාදවල වක්‍රතාව ස්වාභාවිකව අඩු වැඩි වශයෙන් තිබෙනවා. සමබරතාව නැති වී යන්නේ නොගැළපෙන පාවහන් පැලඳීමෙන්. මාංස පේශී දුබලවීම්, තුවාල ද මේ කෙරෙහි බලපානවා. එවිට වළලුකරට , දණහිස්වලට, උකුළට, කොන්දට හා උරහිස්වලට මේ අසමතුලිතතාව බලපානවා.

වැඩි දෙනෙක් හිසරදය, කොන්දේ, උකුළේ, බෙල්ලේ වේදනාවන් ගැන මැසිවිලි නඟන අතර එසේ වීමට එක් හේතුවක් පාදයේ සමබරතාව අහිමිවීමයි. මහපට ඇඟිල්ලට යමක් සිදු වුණත් අප ඇවිදින විලාසයේ වෙනසක් සිදු වෙනවා. පාදයේ ඉහළ මාංසපේශි, කණ්ඩරාවලට පීඩනයක් එල්ල වෙනවා. ගමන් විලාසයේ වෙනස උකුළේ චලනය වෙනස්වීමට ද බලපානවා. ඔබ නොදන්නවාට කොන්දේ මාංසපේශී හිස වටා මංසපේශීන්වලට ද සම්බන්ධයි. මාංසපේශී තෙරපෙන විට හිසරදය හට ගන්නවා.

පාදයේ මාංසපේශී දුබල නම් කෙනකු වැටීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ශ්‍රෝණියේ, උදරයේ මාංසපේශීන් ශක්තිමත් වූ විට කොන්දේ වේදනාව අඩුකර ගැනීමට පුළුවන්. පාදයේ ද මේ හා සමාන මංසපේශීන් ද තිබෙනවා. ඒවාට ද ව්‍යායාම අවශ්‍යයි. පාද ව්‍යායාම මඟින් ශක්තිමත් කරගත් තරමට එහි නීරෝගී බව ද වැඩි වෙනවා. විශේෂයෙන් වයස්ගත වන විට පාදයට ව්‍යායාම අත්‍යවශ්‍යයි. තවමත් වැඩි දෙනකු මේ ගැන දන්නේ නැහැ.

වයස අවුරුදු 30 තරම් තරුණ වයසේ සිට මාංසපේශී ධාරිතාව අඩුවීමට ගන්නවා. වයස අවුරුදු පනහෙන් පසු සීඝ්‍රයෙන් අඩු වෙනවා. ව්‍යායාම කිරීමෙන් පාදයේ නම්‍යශීලීභාවය වැඩි වෙනවා. හොඳින් පාදය ක්‍රියා කිරීම ද සිදු වෙනවා. සිරුරේ සෑම මාංසපේශියකින්ම කණ්ඩාරවකින්ම මොළයට සංඥා ලැබෙනවා. මේ පණිවුුඩ හුවමාරුව සිරුරේ සමබරතාවට ඉතා වැදගත්. සරල ව්‍යායාම පවා සමබරතාව රැකීමට උපකාරී වෙනවා.

උපතින් අපේ පාදවල වක්‍රතාවක් නෑ. එහෙත් වයස අවුරුදු හය පමණ වන විට වක්‍රයන් වර්ධනය වීමට ගන්නවා. එහෙත් මිනිස්සු විසි දෙනකුගෙන් එක් අයකුගේ වක්‍රතාව වර්ධනය වන්නේ නැහැ. මෙය ජානමය තත්ත්වයක්. බොහෝ විට වක්‍රතාව අඩුවීම ගැටලුවක් වන්නේ නැහැ. එහෙත් එය දණහිස්, උකුළ වේදනාකාරි වීමට මේ තත්ත්වය බලපානවා නම් කෘත්‍රිමව වක්‍රයක් පාවහන් මඟින් ගොඩ නඟනවා.

වැඩිහිටි වෙනවිට ද වක්‍රය අඩුවීමට පටන් ගන්නවා. එය ද කෙනකු වැටීමේ අවදානම වැඩි කරනවා. ඔස්ටියෝආතරයිටීස් වැනි රෝග තත්ත්වය පාදවල ස්වභාවය වෙනස්වීමට බලපානවා. එපමණක් නොව දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුකම ද මේ කෙරෙහි හේතු වෙනවා. අධික රුධිර පීඩනය නිසා වක්‍රය නිසි ලෙස පවත්වා ගෙන යාමට උපකාරීවන මාංසපේශී හා කණ්ඩාරවලට සැපයෙන රුධිර සැපයුම අඩාල වෙනවා. දියවැඩියාවෙන් රුධිර නාලවලට හානි වෙනවා.

පුටුවක වාඩි වී සිටීමේදී පාදය පොළොව මත කෙළින් තබා ගැනීම යහපත් දෙපා සෞඛ්‍යයට බලපානවා. පාදයේ සම ඝනවීම ද එතරම් සුබ ලකුණක් නොවෙයි. විශේෂයෙන් අපේ කාන්තා පක්ෂය දෑත්වල සිනිදුකම ගැන නම් බොහොම සැලකිලිමත් වෙනවා. එහෙත් පාදයේ ගොරෝසු බව නම් ගණනකට ගන්නේ නැහැ. පාදය සිනිදු තරමටත් එහි රෝම ඇති තරමටත් නීරෝගී බව වැඩියි. පාදයට නොගැළපෙන ලෙස පාවහන් දැමීම පාදය ගොරෝසු කරන ප්‍රධාන හේතුවක්.

පාදයේ රෝම ඇත්තේ හොඳින් රුධිරය හා ඔක්සිජන් සැපයුමක් ලැබෙන විටයි. මහපට ඇඟිල්ල තෙරපා එය කෙතරම් ඉක්මනින් රෝස පැහැ ගැන්වෙනවා ද බලන්න. තත්පර පහකට අඩු කාලයකදී නිය යළි රෝස පැහැ ගැන්විය යුතුයි.

පාදයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම දියවැඩියාවේ ලකුණකි. අධික රුධිර පීඩනය ද නහර අවහිරවීම ද මේ කෙරෙහි බලපාන අනෙක් හේතූන්.

 

වෛද්‍ය රැල්ෆ් රෝජර්ස්ගේ ලිපියකිනි

786 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 25, සඳුදා 14:09
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Helanka
අදහස් එක් කිරීමට ලොග් වෙන්න