තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජූලි 31, අඟහරුවාදා 14:29

ෆෙදර් කට් විලාසිතාව ගැළපෙන්නේ ළාබාල යුවතියන්ටයි

Written by 
අගයන්න
(0 මනාප)
    Hair Cut එකක් හරියටම තෝරාගන්නවා නම්, එය තමන්ට හොඳින් ගැළපෙනවා නම් සැබැවින්ම ඉන් ලස්සන පෙනුමක් මතුකර ගන්නට පුළුවන්.

 

අද කාන්තාවන් වැඩිදෙනෙක් විවිධ විලාසිතාවන්ට හිසකෙස් කැපීම, වර්ණ ගැන්වීම සිදුකරනවා. මේ ආකාරයේ හිසකෙස් විලාසිතා මඟින් ඕනෑම කෙනකුගේ ප්‍රතිරූපයට ආකර්ෂණීය පෙනුමක් ලබාගන්නට හැකියාව තිබෙනවා. නමුත් එය නිවැරැදිව තෝරා නොගතහොත් එය කෙනකුගේ මුහුණට අවලස්සන පෙනුමක් ගෙන දෙන්නට ද පුළුවන්. එම නිසා හිසකෙස් විලාසිතා තිබූ පමණින් එය කිරීමට නොගොස් එය තමන්ට කොතෙක් දුරට සුදුසු ද, එම විලාසිතාව තමන්ට ගැළපෙනවා ද යන්න ගැන වැටහීමකින් යුතුව කටයුතු කළයුතුයි.

Hair Cut එකක් කිරීමට පෙර විශේෂයෙන්ම මෙවන් කරුණු ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්. එනම්,

හිසකෙස්වල ස්වභාවය

ඔබගේ රැකියාව

හිසකෙස් ස්වාභාවිකව

වැඩී තිබෙන දිශාව

මුහුණේ හා ගෙළෙහි හැඩය

එදිනෙදා ජීවිතයේ දී පහසුවෙන් හසුරුවාගත හැකි විලාසිතාවක් වීම

බලන්න මෙහි දැක්වෙන මෙම හෙයාකට් විලාසිතාව ඉහත කී කරුණුවලට අනුකූලව සිදුකර ඇති ආකාරය

මෙම යුවතියට තිබෙන්නේ කෙළින් පිහිටා ඇති ස්වභාවයෙන් යුත් කොණ්ඩයක්. (straight hair) එමෙන්ම දිගු කොණ්ඩයක්. ඇයගේ කොණ්ඩය පිරිපුන් ස්වභාවයක් පෙන්නුම් කරනවා.

ඇය තෝරාගත් හෙයාකට් එකේදී කොණ්ඩයේ දිගු ප්‍රමාණය අඩු නොකොට, වයසට මුහුණේ පෙනුමට ගැළපෙන ආකාරයෙන් සිදුකර ඉන් ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමටයි ඇයට අවශ්‍ය වී තිබුණේ.

මෙම යුවතිය සිහින් සිරුරක් ඇති සාමාන්‍යයෙන් දිගු ගෙළක් සහ දිගැටි හැඩයේ මුහුණක් තිබෙන යුවතියක්. එම නිසා මෙවන් යුවතියකට හෙයාකට් එකක් කිරීමේ දී ඇයගේ මෙම ලක්ෂණයන්ට අනුකූලව එය සිදුකළ යුතුයි.

ඔබත් ළාබාල පෙනුමක් ඇති මේ ආකාරයේ හිසකෙස් ඇති යුවතියක් නම් ඔබට ද මෙවන් වූ හෙයාකට් එකකින් ලස්සන පෙනුමක් ලබාගන්නට පුළුවන්.

හෙයාකට් එකක් කිරීමට පෙර කොණ්ඩය හොඳින් ෂැම්පුකර කන්ඩිෂනර් කරගැනීම අවශ්‍යයි.

ඉන්පසු ඇයගේ නිකට අසල සිට පහළට වන තෙක් ෆෙදර්ස් (Feathers)  ආකාරයට ක්‍රමාණුකූලව කොණ්ඩය කැපීම සිදුකර තිබෙයි.

එම නිසා ඇයගේ ගෙළෙහි දිගු බව අඩුකර පෙන්වීමටත් මුහුණට වඩා පිරිපුන් බවක් ලබාදීමටත් හැකි වී තිබෙයි.

ඉදිරිපසින් පීරා නළලට වැටෙන ආකාරයට පැත්තට ජ්පඪදඨඥ එකක් කපා ඇත. එම නිසා මුහුණෙහි දිගු බව අඩුකර නළලෙහි පළල්බව අඩුකර වඩාත් ආකර්ෂණීය පෙනුමක් මෙම හෙයාකට් එක තුළින් ඇයට ලබාදී ඇත.

ෆෙදර්කට් වශයෙන් හඳුන්වන මෙම හෙයාකට් විලාසිතාවේ විශේෂත්වය වන්නේ කොණ්ඩය ඒ ආකාරයට කැපූ පසු හිසකෙස් අග කොටස් කුරුලු පිහාටුවල ස්වභාවයක් පෙන්නුම් කරමින් සැහැල්ලු බවක් ආකර්ෂණීය පෙනුමක් දැක්වීමයි.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ධනූෂි පේ‍්‍රමරත්න

Salon Orange - නුගේගොඩ

මංජුලා මල්කාන්ති

ඡායා -ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල

1746 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 31, අඟහරුවාදා 14:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න