තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 අගෝස්තු 06, සඳුදා 15:13

නිවෙසේ සිට කරන ව්‍යායාම පමණක් ප්‍රමාණවත් ද? විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
ශක්තිසම්පන්නව නිරෝගීමත්ව පමණක් නොවෙයි, ලස්සනට ඉන්නත් ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව හැමදෙනාම කැමැතියි. ඒ කෙරෙහි දක්වන උනන්දුවත් වැඩියි.

 

ව්‍යායාම ඔස්සේ නිරෝගිමත් සිරුරකට හිමිකම් කියනවා පමණක් නොව අන්‍යයන් අතරේ කැපී පෙනෙන චරිතයක් බවට ද පත්වේවි. එහෙනම් අද වනවිට ව්‍යායාම විලාසිතාවක් බවට පත්වී හමාරයි.

තරු අතරේ තරුවක් වන්නට හිතන අයත් ජිම් එකකට ගොසින් ශරීරයේ හැඩය පවත්වාගෙන යන්නට දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්.

තම සිරුරේ නියම හැඩය දකිනුයේ තමා පමණි. කන්නාඩියක් ඉදිරිපිට සිටගත් විට එල්ලා වැටෙන මාංසපේශි, ඉදිරියට නෙරා ඇති උදරය, තමාටම තමා පිළිබඳ කනගාටුවක් ඇතිකරනු ඇත.

ප්‍රතිරූපය පිළිබඳ උනන්දුව

එම ප්‍රතිරූපය සමාජයේ ගැවසෙන විට ද තමාව මහත් අපහසුතාවට පත් කරයි. ඇතැමෙක් තමාව හාස්‍යයට ලක්කරයි. නිවෙසටම වී කාලය ගතකරන කාන්තාවන් තම නිවසේ දී එදිනෙදා කරන කාර්යයන් හොඳම ව්‍යායාම යැයි සිතයි. අමුතුවෙන් ජිම් එකකට යන්න ඕනේද ගෙදර තියෙන වැඩපළ ටික කළාම මදිද?" මෙය කිසිසේත්ම නොසෑහේ.

ජිම් එකකට යෑම හෝ නිවෙසේම ජිම් එකකට අවැසි පසුබිම සාදා ගැනීමට තමා උනන්දු විය යුතුය.

ආහාර පාලනය පමණක් ප්‍රමාණවත් ද?

තරමක් තරබාරු කෙනෙක් ආහාර පාලනයෙන් පමණක් සිරුරේ හැඩය පවත්වාගෙන යන්නට සිතයි. එවන් සිරුරකට ව්‍යායාම අත්‍යවශ්‍ය වේ.

වෙළෙඳපොළේ ඇති පෙති, කරල්, ක්‍රීම්වර්ග, බඳපටි වැනි නිෂ්පාදන භාවිත කිරීමෙන් ශරීරයේ හැඩය පවත්වාගෙන යෑමට සිහිනෙනු ද සිතිය යුතු නැත.

ඒ සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදුවීම හා ඉන් අත්වන අතුරුඵල කිසිසේත්ම සුන්දර නැත.

ශල්‍යකර්මවලට ගොස් සිරුර හැඩ කරගන්නට සිතන්නේ නම් ඒ පිළිබඳ ද වරක් දෙවරක් කිහිපවරක් සිතන්නට සිදුවේවි.

නවීන තාක්ෂණය පසුපස යෑමට පෙර

නවීන තාක්ෂණය ඔස්සේ යමින් ට්ධධඨතඥ, රධභ බභඡඥ ඔස්සේ කිසිම අනුදැනුමකින් තොරව සිරුර සිහින්වීමට යැයි ව්‍යායාම තමා විසින්ම කරන්නට යෑම එතරම් සුදුසු නැත. එවැනි වීඩියෝපටවල සිටින තරුණියන් දිගුකාලීනව පුහුණුවීම්කර ව්‍යායාමවල නිරත වන අයයි.

නිවෙසේ සිටි අත්දැකීම් රහිත ආධුනික ඔබ, ඒවා ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. ව්‍යායාම් සඳහා නිසි ක්‍රමවේදයක් හා විද්‍යාත්මක පසුබිමක් ඇති බව සිතන්නටම වේවි.

අන්තර්ජාල ව්‍යායාම්වල නිරතවීමට පෙර එම ව්‍යායාම පිළිබඳ නිසි දැනුමක් ඇති උපදේශකවරයකුගේ සහය පතන්න. ඇවිදින අතරතුරේ අපට සිංදුවක් කියන්න කාගෙන්වත් තහනමක් නැහැ. නමුත් එවැනි ඇවිදීමකින් විශාල වාසියක් අත් නොවෙන්න පුළුවන්. ඇවිදින ගමන් වේගයෙන් ඇවිදීම, හොඳින් හුස්ම ඉහළ පහළ ගැනීම, හෘදස්පන්දන වේගය ඉහළ යනපරිදි ඇවිදීම මේ ආදී අවශේෂ දේත් ඒ සඳහා ඇතුළත් විය යුතුයි.

දිනකට පියවර 10,000 ක්

නිරෝගිව ජීවත්වීමට නම් දිනකට පියවර 10,000 ක් ඇවිදීම අවශ්‍ය යැයි පෙන්වා දේ. හෘද ස්පන්දන වේගය ඉහළ යන ශාරීරික ක්‍රියාවල නිරතවීම නිරෝගි වීමට ඉවහල් වේ.

නිවෙසේ ව්‍යායාම් උපකරණ තිබුණත් කාන්තාවන්ට ඒ සඳහා වෙන් කිරීමට කාලයක් නැහැ.

ඒ උපකරණ දූවිලි වැදි වැදී තියේවි. ගෙනාපු මුල් සති දෙක, තුනෙන් පස්සේ ඒ දිහාව නොබලන තරම්.

යෙහෙළියන් කණ්ඩායමක් සමඟින්

තමාගේ මනාපය අනුව ජිම් එකකට යෑම, ඩාන්සින්, සුම්බා, යෝගා, ඇරොබික් වැනි සිරුරට ව්‍යායාම් ලැබදෙන ආයතනයක් තෝරාගතහොත් ශාරීරිකව පමණක් නොව මානසිකවත් ඔබව සුවපත් වේවි.

කාලයක් මෙවැනි ආයතනයකට ගිය ඔබට නිවෙසේම යෙහෙළියන් කිහිපදෙනකු ගෙන්වා එකට එක්ව ව්‍යායාම්වල නිරතවිය හැකියි.

මේ දේවල් ඔබ හරිම සතුටින්, සැහැල්ලුවෙන් කරන්නේ. කාගේවත් බලකිරීමකට නොවෙයි. මෙවැනි ක්‍රියා අනුගමනය කිරීමෙන් ඔබටම අමුතු ප්‍රබෝධයක්, ජවයක් සිතට දැනේවි.

ව්‍යායාම ඔබේ ජීවිතේම කොටසක් වේවි. ඒ යහපත් ප්‍රතිඵල ඔබකරා විත් ඔබව සුවපත් කරාවි.

 

 

උපදෙස්-'සවික්මෝ' කායවර්ධන මධ්‍යස්ථානයේ කායවර්ධන උපදේශක

රජිත් වර්ණකුලසූරිය

1850 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 06, සඳුදා 15:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න