තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 අගෝස්තු 14, අඟහරුවාදා 12:45

පුන් පියයුරු හිමිකර ගන්නට... විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
සිහින් ඉණ, පුළුල් උකුළ, තිසරු ළැම කාන්තාවකගේ සුන්දරත්වයයි. එවැනි කාන්තාවක්, තරුණියක් දුටු විට කාගේත් සිත් වසඟවීම අරුමයක් නොවේ.

 

ඒ නිසාම කාන්තා ලාලිත්‍යය ගැන කතා කරන විට පියුරුවලට හිමිවන්නේ විශේෂත්වයකි. අතීතයේ පටන්ම සිංහල සාහිත්‍යයේ පියයුරු අපූරුවට වර්ණනා වූ අවස්ථා ඕනෑ තරම් තිබේ. ඒ නිසාම කාන්තා ඔබටම එහි සුන්දරත්වයේ වැදගත්කම අවබෝධ වනවා ඇති.

රූ සපුව අවලස්සන කරන එල්ලා වැටෙන පියයුරු, අතිශයින් කුඩා පියයුරු සහ ප්‍රමාණයෙන් විශාල පියයුරු නිසා ඔබ බොහෝ විට පීඩා විඳිනවා ඇති. තමාගේ ඒ අඩුපාඩුව නිසා මානසිකව වද වන අයට පෞරුෂ දුර්වලතා ද ඇති වේ. ඒ නිසා යමකට ඉදිරිපත් වීමට ඇති මැළිකම, තනිව සිටීමට උත්සාහ කිරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. සැබැවින්ම මෙය වර්තමානයේ කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටලුවකි.

පියයුරු විශාල කිරීම (එන්ලාර්ජ්)

කුඩා පියයුරු පිහිටා ඇති කාන්තාවන්ට පියයුරු විශාල කිරීමේ ප්‍රතිකර්මය හොඳම විසඳමයි. මේ නවීන ප්‍රතිකර්මය මඟින් පියුයරු ප්‍රමාණයෙන් කුඩාවට පිහිටා ඇති කාන්තාවන්ට, තරුණියන්ට 100% ක්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

සාමාන්‍ය ජනයා අතර තවමත් ආධුනික වන මෙම ප්‍රතිකර්මය පිළිබඳ ඔබ අනිසි බියක් හෝ සැකයක් ඇති කර ගත යුතු නොවෙයි. එය කිසිදු අතුරු ආබාධයකින් තොර බවට විශ්වාසයෙන් සහතික කළ හැකියි.

විශේෂිත උපකරණයක් ආධාරයෙන් සතියකට වරක් බැගින් දස වතාවක් සිදු කරනු ලබන එම ප්‍රතිකර්මය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව සිහි තබා ගත යුතුවෙයි. පියයුරු එල්ලා වැටීම වළක්වා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පියුයරු හැඩ කර ගැනීම හා ශක්තිමත් කිරීම මේ ප්‍රතිකර්මය අවසානයේදී දැකගත හැකියි.

එම සුවිශේෂි ප්‍රතිකර්මයෙන් සිදු කරනු ලබන්නේ පියයුරුවල ඇති පේසීන් කරා රුධිරය හොඳින් සංසරණය කරවීමයි. එමගින් ඔක්සිජන් හා පෝෂක සංඝටක පියයුරු තුළට හොඳින් සංසරණය වී පටක ශක්තිමත් කර එල්ලා වැටීමේ ස්වභාවය වළක්වයි.

පියයුරු පර්මිං කිරීම

ප්‍රමාණයෙන් කුඩා පියයුරු ඔබට අවශ්‍ය පරිදි සකසා දීමේ ප්‍රතිකර්මය සේම එල්ලා වැටුණු පියයුරු සඳහා වූ 'පියයුරු පර්මිං කිරීම' නම් සුවිශේෂි ප්‍රතිකර්මය මඟින් ද සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

එහිදී 'තර්මෝ පැක්' එක සහ තවත් උපකරණයක ආධාරයෙන් එල්ලා වැටුණු ස්වභාවයට උපරිම විසඳුමක් ලබාගත හැකියි. මේ ප්‍රතිකර්මයට ද 'එන්ලාර්ජ් කිරීමේ' ප්‍රතිකර්මයට ගතවන කාලය හා සමාන කාල පරාසයක් වැය වෙයි.

එසේ නම් දැන් ඔබට ආකර්ෂණීය හැඩැති පිරිපුන් පියයුරු යුගලක් හිමි කර ගැනීම තව දුරටත් සිහිනයක් නොවෙයි. මේ ප්‍රතිකර්මයන් මඟින් හැඩැති, අලංකාර පිරිපුන් පියයුරු යුගලක හිමිකාරියක් වීමට ඔබටත් හැකියි.

 

 

917 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 12:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න