තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 අගෝස්තු 28, අඟහරුවාදා 12:05

වියළි සමකට කදිම ෆේෂල් එකක් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
අපි හැමෝම කැමැතියි ලස්සන, පැහැපත්, නිකැළැල් සමක හිමිකාරියක් වෙන්නට. ඒ නිසා මුහුණේ සම රැක ගන්න අපිට ලොකු අවධානයකින් කටයුතු කරන්න වෙනවා.

 

බොහෝ කාන්තාවන්ගේ මුහුණෙහි දක්නට ඇති අඳුරු ලප නිසා ඔවුන්ගේ පෙනුම තරමක් අවලස්සන ස්වරූපයක් ගන්නවා. මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා මෙන්ම සමෙහි වියළි බව සහ කුරුලෑ තත්ත්වයන් නැති කරගන්න සුදුසුම ප්‍රතිකර්මයක් විදියට ජොජෝබා සත්කාරය හඳුන්වන්නට පුළුවන්.

පසුගිය සතියේදී ජොජෝබා ගැන ඔබව දැනුවත් කළ නිසා ඒ පිළිබඳව ඔබ වැඩිදුරටත් අවබෝධයක් ලබාගෙන ඇති. සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමට, සුමුදු දෙතොලකට, සන් ස්ක්‍රීන් ආලේපනයක් ලෙස, හිසකෙස් සඳහා මෙන්ම වියළි අත් හා පැළුණු දෙපාවලට පෝෂණය ලබාදීමට ජොජෝබා යොදාගෙන මුහුණට ෆේෂල් සත්කාරයක් ලබාදුනහොත් එයින් ලැබෙන වෙනස ගැන ඔබටම නිගමනය කළ හැකියි.

වියළි සමට කදිම ෆේෂල් එකක්

 

ඔබත් ස්වාභාවික පැහැපත්, නිකැළැල් මුහුණක හිමිකාරියක් වීමට උනන්දුවන අයකු නම් අද දින ඉදිරිපත් කරන ජොජෝබා සත්කාරය ඔබට ඉතාම වැදගත් වේවි. මෙම ෆේෂල් එක මඟින් සම මතුපිට තෙල් පාලනය කරන නිසා ඔබේ සමෙහි වියළි බව නැතිකරන අතරම කුරුළෑවලින් ද ඔබව ආරක්ෂා කරයි.

පළමුව මුහුණ හොඳින් ක්ලෙන්සර් කර ගන්න. එයින් මුහුණේ කුණු දූවිලි ඉවත් වී මුහුණ පිරිසුදු වෙයි. ඉන් පසුව ස්ටීම් උපකරණය ආධාරයෙන් මුහුණ ස්ටීම් කරගන්න සුළු වේලාවක් සිට, ජොජෝබා පැක් එක ගෙන මුහුණෙහි හොඳින් ආලේප කරන්න. දැන් ජොජෝබා පැක් එක දැමූ මුහුණ හොඳින් සම්බාහනය කළ යුතුයි.

ඉන් පසු ජොජෝබා ඔයිල් මුහුණෙහි ආලේප

කර නැවත වරක් සම්බාහනය කර ගන්න. දෙවනුව ජොජෝබා ජෙල් ද මුහුණෙහි ආලේප කර සම්බාහනය කරන්න.

ඉන්පසුව හතර වැනි රූපයෙන් දැක්වෙන පරිදි ජොජෝබා ඔයිල් මුහුණෙහි ආලේප කර නැවත වරක් සම්බාහනය කර ගන්න. එයත් ෆේස් පෑඩ් භාවිතයෙන් ඉවත්කරගන්න. දෙවනුව ජොජෝබා ජෙල් ද මුහුණෙහි ආලේප කර සම්බාහනය කරන්න.

එලෙස සම්බාහනය කිරීමේදී පහ සහ හය රූපයන්හි ඇති  face treatment machine එක ද උපයෝගි කරගත හැකියි.

 නමුත් මැෂින් මඟින් සම්බාහනය කළ යුත්තේ කුරුලෑ රහිත සමක් නම් පමණයි. නැත්නම් එයින් මුහුණට හානි සිදුවිය හැකියි. ඒ වගේම කුරුලෑ සහිත සමක් නම් ජොජෝබා ඔයිල් භාවිත කරමින් රූපයේ පරිදි දෑතින් සම්බාහනය කරන්න. අවසානයේදී ෆේස් පෑඩ් යොදා ගෙන ෆේෂල් එක ඉවත්කර ගන්න.

මෙම සත්කාරයට පැයක පමණ කාලයක් ගතවේ. ඒ වගේම මෙම ජොජෝබා ෆේෂල් එක සතියකට වරක් බැගින් සති 5 ක් පමණ කළ යුතුයි. අවසානයේදී ඔබට අවශ්‍ය වූ ප්‍රතිඵලය ලැබෙනු ඇත.

ඒ වගේම මේ ෆේෂල් එකෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ වෙනත් ෆේෂල් සත්කාරයන් මෙන් දිගින් දිගටම කිරීම අවශ්‍ය නොවීමයි. ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ලැබුණු පසු මේ සත්කාරය නවතා දැමිය හැකියි.

ඉතිං ඔබත් වියළි සම නිසා කනස්සල්ලෙන් නම් පැහැපත් මුහුණක හිමිකාරියක් වීමට ජොජෝබා සත්කාරය කර බලන්න.

  ඡායා - ශාන් රඹුක්වැල්ල

 නිරූපණය - නිලූ

  උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

 

514 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 28, අඟහරුවාදා 12:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න